පහසුවෙන් Programming ඉගෙන ගනිමු. ( හයවන කොටස )
හිතටත් ටිකක් fit වගේ නිසා ඔන්න අද අපේ කුප්පියට අළුත් කොටසක් එකතු කරන්න කියල තමයි ආවේ.. දැන් ඉතින් basic ටිකයි flow-chart ගැනයි variable ගැනයි operators ගැනයි if-else ගැනයි දන්න නිසා අද කියලා දෙන්න හදන්නේ switch එක ගැන.. ගොඩක් අය ටිකක් විතර පටලවාගන්න තැනක්නේ මේ switch එක කියන්නේ.. ඔන්න එහෙනම් අද ඒ පටලැවිලි ලිහාගන්නවා කියලා හිතාගෙනම වැඩේ පටන් ගමුකෝ..
Switch Statement
කිසියම් variable එකක තියෙන value එක අනුව එකකට එකක් වෙනස් යම් දෙයක් කරන්න ඕන වුනොත් අපිට if-else එකේ ඒ හැම value එකටම if ලිය ලියා ඉන්න ගියාම code එකත් ලොකු වෙනවා තේරුම් ගන්නත් අමාරු වෙනවානේ.. අන්න ඒකට විසඳුමක් දෙන්න තමයි මේ switch එක හදලා තියෙන්නේ.. ඒ කියන්නේ switch එකෙන් අපිට පුළුවන් variable එකකට run time එන value එක අනුව වෙනස් වෙනස් දේවල් වෙන්න කියලා සරලව code ටික ලියාගන්න.. මෙහෙම switch එකේ එක value එකකට අදාළව දෙයක් වෙන එකට අපි කියනවා case එකක් කියලා.. දැන් අපි බලමු කොහොමද switch එකෙන් එහෙම code එක ලියන්නේ කියලා..
උඩ රූපෙ පෙන්නලා තියෙන විදියට switch එකේදි කරන්න තියෙන්නේ switch කියලා ලියලා වරහන ඇතුලේ switch එක විදියට use කරන්න ඕන variable එකේ නම ලියන එක. (variable එක කලින් හදලා තියෙන්න ඕනෙ..) ඊට පස්සේ ඒ switch එකක් විදියට use කරන variable එකේ අපිට දෙයක් වෙන්න ඕන values වලට අදාළව cases ලියන්න ඕනෙ..