පහසුවෙන් Programming ඉගෙන ගනිමු. ( තුන්වන කොටස )
හැමදාම වගේ කුප්පියෙ ඊළඟ කොටස ඉක්මනට දෙන්න හිතාගෙන හිටියත් වැඩ ගොඩක් මැද හිරවෙලා ඉන්න නිසා වෙලාවක් වෙන් කරගන්න වෙන්නෙම නෑ.. කට්ටිය ඉතිං අවුල් ගහන්න එපා පුළුවන් විදියට කොහොමහරි අපි එකතු වෙලා වැඩේ කරමුකො.. ඔන්න එහෙනම් ලැබුන මේ වෙලාවෙවත් වටේ යන්නෙ නැතුව කෙළින්ම වැඩේට බහිමු. හැමෝටම කලින් කරපුවා මතක ඇති කියලා මම හිතනවා, වැරදිලා හරි කෙනෙකුට කලින් කරපුවා බලාගන්න බැරිවුනා නම් මෙතනින් ගිහිල්ලා ඒ ටිකත් බලලම එන්නකො..
අපි අවසානෙටම කරේ C language එක use කරලා අපිට අවශ්‍ය දෙයක් print කරගන්න විදියනේ, දැන් එහෙනම් අපි ඕනෑම programming language එකකට පොදු theory ටික ඉගෙන ගන්න පටන් ගනිමු. මුලින්ම මම programming කිව්වොත් නිතරම අහන්න ලැබෙන variable එකක් කියන්නෙ මොකක්ද කියලා කියලා දෙන්නම්. මතක තියාගන්න ඕනම දෙයක් ඉගෙන ගන්න කොට ඒක අවශ්‍ය වෙන්නෙ මොන වගේ වෙලාවල් වලටද කියලත් ඉගෙන ගන්න. එතකොට ඒක කවදාවත් අමතක වෙන එකක් නෑ.. එහෙනම් වැඩේට බහිමුකො..
Variable
variable එකක් කියන්නෙ ram එකේ වෙන් කරගන්න memory space එකකට. දැන් ඉතිං ප්‍රශ්නෙ තියෙන්නෙ එහෙම ram එකෙන් memory space එකක් වෙන් කරගන්න අවශ්‍ය වෙන්නෙ මොකටද කියලා. ඇත්තටම අපි ලියන program වලදි අපිට කිසියම් ගණනයක් කරන්න අවශ්‍ය වුනොත් ඒකට අදාළව එන උත්තරේ හරි ලබා ගත්ත විශේෂ අගයක් හරි මොකක් හරි දෙයක් මතක තියාගන්න ඕන වෙනවානෙ.. ඉතිං අපේ program එකට අදාළව මොනවා හරි මතක තියාගන්න ඕනෙනම් අපි අපේ program එක වෙනුවෙන් ඒ දේවල් මතක තියාගන්න තැනක් හදා ගන්න ඕනෙ. අන්න ඒ නිසා තමයි අපිට variables අවශ්‍ය වෙන්නෙ..