Pages

Showing posts with label Java. Show all posts
Showing posts with label Java. Show all posts

Saturday, September 11, 2021

Programming Basic Concepts - All Topics

අපේ ගොඩක් අය කරන්නෙ programming ඉගෙන ගන්නවා කියලා programming language එකක් ඉගෙන ගන්න එක. හැබැයි මෙහෙම එක එක language ඉගෙන ගන්නවාට වඩා programming කියන concept එක පොදුවේ ඉගෙන ගත්තා නම් ඕනෑම programming language එකක් ලේසියෙන්ම අල්ලා ගන්න පුළුවන්. හැබැයි කරුමෙට අපේ ගොඩාක් අය මේක තේරුම් ගන්නෙ නෑනෙ.. ඉතින් අපේ මේ පුංචි උත්සාහය programming ඉගෙන ගන්න ආසාව තියෙන අයට පහසුවෙන් ඕනෑම programming language එකක් ඉගෙන ගන්න පුළුවන් වෙන විදියට හිතනන්න  පුරුදු කරවන්නයි..

ඉතිං මෙන්න මේ පහළ තියෙන link ටික පිළිවෙලට බලාගෙන ගියානම් කවදාවත් programming නොකරපු කෙනෙක්ට වුනත් programming වලට බහින්න පුළුවන්.. 

ඔක්කොම ටික බලලා ඉවර වෙලා බලන්නකෝ අපි කියන්නෙ බොරුද කියලා..  comment එකක් දාලා අපිටත් කියන්න..


Friday, May 6, 2016

OOP Sinhala Tutorial Part 18 (Encapsulation)


OOP Sinhala Tutorial Part 18 (Encapsulation)




ගොඩක් කට්ටිය මතක් කරලා තිබුනා අපේ OOP කුප්පියේ ඔක්කොම කොටස් තිබුනට OOP වල ප්‍රධානම කොටසක් වෙන මේ Encapsulation කොටස අපිට අමතක වෙලා කියලා.. ඔන්න ඒක නිසා අපි ඒ කොටසත් අද අරගෙනම ආවා.. එහෙනම් පහළින් තියෙන මේ video එක බලලා Encapsulation කියන්නෙ මොකක්ද? කොහොමද ඒක use කරන්නෙ කියන එක හොඳටම තේරුම් ගන්නකෝ.. හැබැයි මේක බැලුවම ඔයාලට දැනෙන දේ අපිට කියන්න දෙපාරක් හිතන්නනම් එපා..




එහෙනම් Encapsulation ගැන පොඩි හරි idea එකක් ආවා කියලා හිතනවා.. ඉතින් අපි මේ කරන වැඩෙන් ඔයාලට වැඩක් ගන්න පුළුවන් කියලා හිතෙනවනම්, 
  • like කරන්න අපේ facebook page එක
  • subscribe කරන්න අපේ youtube channel එක
  • share කරන්න අපේ videos
  • ඒ වගේම, comment කරන්න ඔයාලට දැනෙන දේ
එහෙනම් අපි මෙතනින් අපේ OOP කුප්පිය ඉවර කරනවා.. මෙච්චර කල් කියලා දීපු ටික පොඩ්ඩක් හරි තේරුණානම් තව මේ ටික වැදගත් වෙයි කියලා හිතෙන අයටත් කියලා දෙන්න... එහෙනම් ඉක්මනටම Database Systems කුප්පිය එක්ක හමුවෙනකන් හැමෝටම සුභ දවසක්...

Thursday, March 24, 2016

OOP Sinhala Tutorial Part 17 ( Interfaces - Example )


OOP Sinhala Tutorial Part 17 ( Interfaces - Example )




අපි අන්තිමටම Interfaces කියන්නෙ මොකක්ද? කොහොමද interface එකක් හදාගන්නෙ කියන එක බලපු නිසා අද මේ සූදානම අපේ OOP කුප්පියේ අන්තිම පාඩම විදියට interface එකක් practically use වෙන්නෙ කොහොමද කියලා බලන්නයි.. හැබැයි practically use වෙන එකම විදියත් මේක නෙවෙයි කියලා අමතක කරන්න එපා.. එහෙනම් අපි කෙලින්ම වැඩේට බහිමුකෝ.. හැබැයි මේ video එක බැලුවම ඔයාලට දැනෙන දේ අපිට කියන්න දෙපාරක් හිතනන්නම් එපා..




එහෙනම් Interfaces practically use කරන විදිය ගැන පොඩි හරි idea එකක් ආවා කියලා හිතනවා.. ඉතින් අපි මේ කරන වැඩෙන් ඔයාලට වැඩක් ගන්න පුළුවන් කියලා හිතෙනවනම්, 
  • like කරන්න අපේ facebook page එක
  • subscribe කරන්න අපේ youtube channel එක
  • share කරන්න අපේ videos
  • ඒ වගේම, comment කරන්න ඔයාලට දැනෙන දේ
එහෙනම් අපි මෙතනින් අපේ OOP කුප්පිය ඉවර කරනවා.. මෙච්චර කල් කියලා දීපු ටික පොඩ්ඩක් හරි තේරුණානම් තව මේ ටික වැදගත් වෙයි කියලා හිතෙන අයටත් කියලා දෙන්න... එහෙනම් ඉක්මනටම Database Systems කුප්පිය එක්ක හමුවෙනකන් හැමෝටම සුභ දවසක්...

Monday, March 14, 2016

OOP Sinhala Tutorial Part 16 ( Interfaces )


OOP Sinhala Tutorial Part 16 ( Interfaces )




අපි අන්තිමටම Abstract Classes Inheritance එක්ක use කරන්නෙ කොහොමද කියලා බලපු නිසා අද මේ සූදානම් වෙන්නෙ ගොඩක් වෙලාවට Abstract Classes එක්ක Compare කරන්න වෙන Interface කියන්නෙ මොකක්ද? ඇයි එහෙම දෙයක් අවශ්‍ය වුනේ වගේම Interface එකක තියෙන methods, variable වලට මොකද වෙන්නෙ කියන දේ ගැන දැනගන්නයි..  එහෙනම් අපි කෙලින්ම වැඩේට බහිමුකෝ.. හැබැයි මේ video එක බැලුවම ඔයාලට දැනෙන දේ අපිට කියන්න දෙපාරක් හිතනන්නම් එපා..




එහෙනම් Interfaces ගැන පොඩි හරි idea එකක් ආවා කියලා හිතනවා.. ඉතින් අපි මේ කරන වැඩෙන් ඔයාලට වැඩක් ගන්න පුළුවන් කියලා හිතෙනවනම්, 
  • like කරන්න අපේ facebook page එක
  • subscribe කරන්න අපේ youtube channel එක
  • share කරන්න අපේ videos
  • ඒ වගේම, comment කරන්න ඔයාලට දැනෙන දේ
එහෙනම් ඊළඟ කොටසින් ගොඩක් කට්ටියට තේරුම් ගන්න අමාරු Interfaces Practically use කරන විදිය ගැන උදාහරණයක් එක්ක හමුවෙනකන් හැමෝටම සුභ දවසක්...

Monday, March 7, 2016

OOP Sinhala Tutorial Part 15 ( Abstract Classes - II )


OOP Sinhala Tutorial Part 15 ( Abstract Classes - II )




අපි අන්තිමටම Abstract Class එකක් කියන්නෙ මොකක්ද කියන එක කතා කරපු නිසා අද මේ සූදානම practically Abstract class use වෙන කොට Inheritance එක්ක Use වෙන නිසා කොහොමද මේ දෙක එකතු කරන්නෙ කියලා පොඩි idea එකක් ඔලුවට දාගන්නයි.. එහෙනම් අපි කෙලින්ම වැඩේට බහිමුකෝ.. හැබැයි මේ video එක බැලුවම ඔයාලට දැනෙන දේ කියන්න දෙපාරක් හිතනන්නම් එපා..




එහෙනම් Abstract Classes ගැන පොඩි හරි idea එකක් ආවා කියලා හිතනවා.. ඉතින් අපි මේ කරන වැඩෙන් ඔයාලට වැඩක් ගන්න පුළුවන් කියලා හිතෙනවනම්, 
  • like කරන්න අපේ facebook page එක
  • subscribe කරන්න අපේ youtube channel එක
  • share කරන්න අපේ videos
  • ඒ වගේම, comment කරන්න ඔයාලට දැනෙන දේ
එහෙනම් ඊළඟ කොටසින් Interfaces එක්ක හමුවෙනකන් හැමෝටම සුභ දවසක්...

Saturday, March 5, 2016

OOP Sinhala Tutorial Part 14 ( Abstract Classes )


OOP Sinhala Tutorial Part 14 ( Abstract Classes )




අපි OOP වල තියෙන Polymorphism කියන්නෙ මොකක්ද? ඇයි ඒක ඕන වෙන්නෙ සහ කොහොමද use කරන්නෙ කියලා කලින් කතා කරපු නිසා අද මේ සූදානම OOP වල තවත් වැදගත්ම මාතෘකාවක් වෙන Abstract Classes කියන්නෙ මොකක්ද කියලත් දැනගන්නයි.. එහෙනම් අපි කෙලින්ම වැඩේට බහිමුකෝ.. හැබැයි මේ video එක බැලුවම ඔයාලට දැනෙන දේ කියන්න දෙපාරක් හිතනන්නම් එපා..




එහෙනම් Abstract Classes ගැන පොඩි හරි idea එකක් ආවා කියලා හිතනවා.. ඉතින් අපි මේ කරන වැඩෙන් ඔයාලට වැඩක් ගන්න පුළුවන් කියලා හිතෙනවනම්, 
  • like කරන්න අපේ facebook page එක
  • subscribe කරන්න අපේ youtube channel එක
  • share කරන්න අපේ videos
  • ඒ වගේම, comment කරන්න ඔයාලට දැනෙන දේ
එහෙනම් ඊළඟ කොටසින් Interfaces එක්ක හමුවෙනකන් හැමෝටම සුභ දවසක්...


Tuesday, February 23, 2016

OOP Sinhala Tutorial Part 13 ( Polymorphism Example )


OOP Sinhala Tutorial Part 13 ( Polymorphism Example )




අපි අන්තිමටම කතා කරගත්ත විදියට polymorphism වල real world example එකක් අරගෙන තමයි අද අපි මේ ඇවිල්ලා ඉන්නෙ.. ඒත් පොඩ්ඩක් අපේ වැඩේ පරක්කු වුනාට කොහොම හරි මේ වැඩේ දිගටම කරනවා කියන එකනම් කට්ටියම මතක තියාගන්න ඕන හොඳද.. එහෙනම් වැඩිය කතා නැතුව කෙලින්ම වැඩේට බහිමු. හැබැයි මේක polymorphism වල උදාහරණයක් නිසා ඒක බලපු නැති අය මෙතනින් ගිහින් ඒකත් බලලම එන්නකෝ..




එහෙනම් මේ උදාහරණෙත් එක්ක Polymorphism ගැන හොඳ idea එකක් ආවා කියලා හිතනවා.. ඉතින් අපි මේ කරන වැඩෙන් ඔයාලට වැඩක් ගන්න පුළුවන් කියලා හිතෙනවනම්, 
  • like කරන්න අපේ facebook page එක
  • subscribe කරන්න අපේ youtube channel එක
  • share කරන්න අපේ videos
  • ඒ වගේම, comment කරන්න ඔයාලට දැනෙන දේ
එහෙනම් ඊළඟ කොටසින් Abstract Class එක්ක හමුවෙනකන් හැමෝටම සුභ දවසක්...

Sunday, January 31, 2016

OOP Sinhala Tutorial Part 12 ( Polymorphism )


OOP Sinhala Tutorial Part 12 ( Polymorphism )




අපි අන්තිමටම upcasting සහ downcasting කියන්නෙ මොකක්ද කියලා බලපු නිසා අද අපේ මේ සූදානම OOP වලදි ගොඩක් අය අමාරුයි කියන polymorphism ගැන පොඩි idea එකක් ඔලුවට දාගන්නයි.. හැබැයි Polymorphism හරියටම තේරුම් ගන්න නම් upcasting & downcastingmethod overridinginheritance කියන මේ 3 ගැනනම් idea එකක් තියෙන්නම ඕන.. ඒක නිසා මේක බලන්න කලින් පොඩ්ඩක් ඒ ටික බලලම එන්නකෝ.. එහෙනම් අපි කෙලින්ම වැඩේට බහිමු.. හැබැයි මේ video එක බැලුවම ඔයාලට හිතෙන දේ අපිට කියන්න දෙපාරක් හිතන්න එපා..




එහෙනම් Polymorphism ගැන පොඩි හරි idea එකක් ආවා කියලා හිතනවා.. බයවෙන්න එපා මේකෙන් පොඩි idea එකක් ආවම ඇති.. ඉතින් අපි මේ කරන වැඩෙන් ඔයාලට වැඩක් ගන්න පුළුවන් කියලා හිතෙනවනම්, 
  • like කරන්න අපේ facebook page එක
  • subscribe කරන්න අපේ youtube channel එක
  • share කරන්න අපේ videos
  • ඒ වගේම, comment කරන්න ඔයාලට දැනෙන දේ
එහෙනම් ඊළඟ කොටසින් Polymorphism වල real world example එකක් එක්ක හමුවෙනකන් හැමෝටම සුභ දවසක්...

Sunday, January 24, 2016

OOP Sinhala Tutorial Part 11 ( Upcasting & Downcasting )


OOP Sinhala Tutorial Part 11 ( Upcasting & Downcasting )




අපිි අන්තිමටම super keyword එක use කරලා super class constructor එකකට හරි එහෙමත් නැත්නම් super class එකේ override වෙච්ච method එකකට හරි variable එකකට හරි call කරන විදිය බලපු නිසා අද අපේ මේ සූදානම OOP වල තියෙන upcasting, downcasting කියන දේ ගැන පොඩි idea එකක් ඔයාලටත් දෙන්නයි.. එහෙනම් අපි කෙලින්ම වැඩේට බහිමු. හැබැයි මේ video එක බැලුවම ඔයාලට හිතෙන දේ කියන්න දෙපාරක් හිතන්න එපා..




එහෙනම් Upcasting, Downcasting ගැන පොඩි හරි idea එකක් ආවා කියලා හිතනවා.. ඉතින් අපි මේ කරන වැඩෙන් ඔයාලට වැඩක් ගන්න පුළුවන් කියලා හිතෙනවනම්, 
  • like කරන්න අපේ facebook page එක
  • subscribe කරන්න අපේ youtube channel එක
  • share කරන්න අපේ videos
  • ඒ වගේම, comment කරන්න ඔයාලට දැනෙන දේ
එහෙනම් ඊළඟ කොටසින් java OOP වල තියෙන තේරුම් ගන්න අමාරුම සහ වටිනම මාතෘකාව වන Polymorphism එක්ක හමුවෙනකන් සුභ දවසක්...

Friday, January 22, 2016

OOP Sinhala Tutorial Part 10 ( Super Keyword )


OOP Sinhala Tutorial Part 10 ( Super Keyword )




අපි අන්තිමට method overriding එක්ක super class එකකින් එන method එකක body එකක් වෙනස් කරන විදිය බලපු නිසා අද මේ සූදානම් වෙන්නෙ කොහොමද super class එකෙන් override වෙච්ච method එකක් හරි super class constructor එකක් හරි  run කරවන්නෙ කියලා දැනගන්නයි.. එහෙනම් අපි වැඩේට බහිමු. හැබැයි මේ video එක බැලුවම දැනෙන දේ අපිට කියන්න දෙපාරක් හිතන්න එපා..




එහෙනම් Super Keyword ගැන පොඩි හරි idea එකක් ආවා කියලා හිතනවා.. ඉතින් අපි මේ කරන වැඩෙන් ඔයාලට වැඩක් ගන්න පුළුවන් කියලා හිතෙනවනම්, 
  • like කරන්න අපේ facebook page එක
  • subscribe කරන්න අපේ youtube channel එක
  • share කරන්න අපේ videos
  • ඒ වගේම, comment කරන්න ඔයාලට දැනෙන දේ
එහෙනම් ඊළඟ කොටසින් upcasting සහ downcasting එක්ක හමුවෙනකන් සුභ දවසක්...

Friday, January 8, 2016

OOP Sinhala Tutorial Part 9 ( Method Overriding )


OOP Sinhala Tutorial Part 9 ( Method Overriding )




අපි අන්තිමටම Access Modifiers use කරලා එක class එකක තියෙන දේවල් අනිත් ඒවට visible වෙන විදිය වෙනස් වෙන්නෙ කොහොමද කියලා බලපු නිසා අද මේ සූදානම් වෙන්නෙ Super class එකකින් Sub class එකකට එන features වෙනස් කර ගන්නෙ කොහොමද කියලා ඉගෙන ගන්න. එහෙනම් කෙලින්ම වැඩේට බහිමු. හැබැයි මේ video එක බැලුවම ඔයාලට දැනෙන දේ අපිට කියන්න දෙපාරක් හිතන්න එපා..




එහෙනම් Method Overriding ගැන පොඩි හරි idea එකක් ආවා කියලා හිතනවා.. ඉතින් අපි මේ කරන වැඩෙන් ඔයාලට වැඩක් ගන්න පුළුවන් කියලා හිතෙනවනම් 
  • subscribe කරන්න අපේ youtube channel එක
  • share කරන්න අපේ videos
  • ඒ වගේම, comment කරන්න ඔයාලට දැනෙන දේ
එහෙනම් ඊළඟ කොටසින් Super keyword එකේ භාවිත එක්ක හමුවෙනකන් සුභ දවසක්...

Monday, January 4, 2016

OOP Sinhala Tutorial Part 8 ( Access Modifiers)


OOP Sinhala Tutorial Part 8 ( Access Modifiers )




අපි අන්තිමටම Java OOP වල Inheritance ගැන කතා කරපු නිසා ඊළඟට Method Overriding වලට යන්න කලින් පොඩ්ඩක් මේ හැමතැනම කියවෙන Access Modifiers, එහෙමත් නැත්නම් class, variable, method හදද්දි private public වගේ ඒවා දාන්නෙ ඇයි කියන එක ගැන තමයි අද කතා කරන්න යන්නෙ.. හැබැයි ඔයාලට මේ video එක බැලුවම දැනෙන දේ කියන්න දෙපාරක් හිතන්න එපා..




එහෙනම් Access Modifiers ගැන පොඩි හරි idea එකක් ආවා කියලා හිතනවා.. ඉතින් අපි මේ කරන වැඩෙන් ඔයාලට වැඩක් ගන්න පුළුවන් කියලා හිතෙනවනම් 
  • subscribe කරන්න අපේ youtube channel එක
  • share කරන්න අපේ videos
  • ඒ වගේම, comment කරන්න ඔයාලට දැනෙන දේ
එහෙනම් ඊළඟ කොටසින් Method Overriding එක්ක හමුවෙනකන් සුභ දවසක්...

Saturday, January 2, 2016

OOP Sinhala Tutorial Part 7 ( Inheritance )


OOP Sinhala Tutorial Part 7 ( Inheritance )




ඔන්න 2016 අවුරුද්ද ලබපු පළවෙනි දවසෙම Inheritance කියන්නෙ මොකක්ද කියන එක ඔයාලට කියලා දෙන්න තමයි මේ සූදානම.. ඉතින් අපි අන්තිමටම කතා කළේ එකම class එකක, එකම නමින් methods ගොඩක් තියාගන්න විදියනේ.. අද එහෙනම් අපි බලමු inheritance කියන්නෙ මොකක්ද? ඇයි මේක අවශ්‍ය වෙන්නෙ වගේම කොහොමද ඒක use කරන්නෙ කියලා.. හැබැයි ඔයාලට මේ video එක බැලුවම දැනෙන දේ කියන්න දෙපාරක් හිතන්න එපා..




එහෙනම් inheritance ගැන පොඩි හරි idea එකක් ආවා කියලා හිතනවා.. ඉතින් අපි මේ කරන වැඩෙන් ඔයාලට වැඩක් ගන්න පුළුවන් කියලා හිතෙනවනම් 
  • subscribe කරන්න අපේ youtube channel එක
  • share කරන්න videos
  • ඒ වගේම comment කරන්න ඔයාලට දැනෙන දේ
එහෙනම් ඊළඟ කොටසින් Access Modifiers එක්ක හමුවෙනකන් සුභ දවසක්...


Sunday, December 13, 2015

OOP Sinhala Tutorial Part 6 ( Method Overloading )


OOP Sinhala Tutorial Part 6 ( Method Overloading )




අන්තිමටම අපි OOP වල තියෙන constructor එක ගැන, ඇයි ඒක ඕන වෙන්නෙ? කොහොමද හදන්නෙ වගේ දේවල් කතා කරපු නිසා අද මේ සූදානම java class එකක එකම නමින් method ගොඩක් හදන්න පුළුවන් වෙයිද කියලා බලන්න.. ඉතින් එහෙම හදන්න බැරිනම් අපි බලමු බැරි වෙන්න හේතුව මොකක්ද කියලා.. ඊට පස්සෙ අපි කොහොමහරි එකම නමින් methods හදමු.. එහෙනම් කෙලින්ම වැඩේට බහිමුකෝ.. හැබැයි ඔයාලට මේ video එක බැලුවම දැනෙන දේ කියන්න දෙපාරක් හිතන්න එපා...




අපේ කුප්පියෙන් method overloading කියන එක අවශ්‍ය වුනේ ඇයි? කොහොමද ඒක use කරන්නෙ කියලා පොඩි idea එකක් හරි ආවා කියලා හිතනවා.. එහෙනම් අපි ඉක්මනටම OOP වල තියෙන වැදගත්ම topic එකක් වෙච්ච Inheritance කියන්නෙ මොකද්ද කියන එකත් හමුවෙමු.. එහෙනම් සුභ දවසක්...

මතුසම්බන්ධයි..

Thursday, December 3, 2015

OOP Sinhala Tutorial Part 5 ( Constructor )


OOP Sinhala Tutorial Part 5 ( Constructor )




අපි OOP වල තියෙන classes & objects කියන්නෙ මොකක්ද? ඇයි ඒක ඕන වෙන්නෙ සහ කොහොමද use කරන්නෙ කියලා කලින් කතා කරපු නිසා අද මේ සූදානම OOP වල තවත් වැදගත්ම මාතෘකාවක් වෙන Constructor කියන්නෙ මොකක්ද? සහ ඇයි මේක ඕන වුනේ වගේම use කරන්නෙ කොහොමද කියලත් දැනගන්නයි.. එහෙනම් අපි කෙලින්ම වැඩේට බහිමුකෝ.. හැබැයි මේ video එක බැලුවම ඔයාලට දැනෙන දේ කියන්න දෙපාරක් හිතනන්නම් එපා..




දැන් මේක බැලුව නිසා constructor එකක් ගැන පොඩි idea එකක් හරි එන්න ඇති කියලා හිතනවා.. කොහොම වුනත් ඔයාලට ප්‍රශ්නයක් හරි මොනවමහරි අදහසක් තියෙනවානම් comment එකක් දාන්න දෙපාරක් හිතන්න එපා.. ඉක්මනටම OOP වල තියෙන තවත් වැදගත් දෙයක් වෙන Method Overloading කියන්නෙ මොකක්ද සහ ඇයි ඒක වැදගත් වෙන්නෙ කියන එකත් එක්ක හමුවෙමු..

Thursday, November 19, 2015

OOP Sinhala Tutorial Part 4 ( Classes & Objects with Codings )


OOP Sinhala Tutorial Part 4 (Classes & Objects with Coding)




අන්තිමටම OOP වල තියෙන classes & objects කියන්නෙ මොකක්ද කියලා basic idea එකක් ගත්ත නිසා අද අපි බලමු කොහොමද මේ classes සහ objects programming වලදි code කරන්නෙ කියලා.. හැබැයි සිංහලෙන් කියලා දෙන මේ video එක බැලුවම දැනෙන දේ කියන්න දෙපාරක් හිතන්න එපා..




මේක බැලුවට පස්සෙ class එකක් coding කරලා අපේ system එකට අදාළව object හදන හැටි ගැන පොඩි හරි idea එකක් ආවා කියලා හිතනවා.. කොහොම වුනත් ඔයාලට ප්‍රශ්නයක් හරි මොනවමහරි අදහසක් තියෙනවානම් comment එකක් දාන්න දෙපාරක් හිතන්න එපා.. ඉක්මනටම OOP වල තියෙන තවත් වැදගත් දෙයක් වෙන Constructor කියන්නෙ මොකක්ද සහ ඇයි ඒක වැදගත් වෙන්නෙ කියන එකත් එක්ක හමුවෙමු..

මතුසම්බන්ධයි..

Monday, November 16, 2015

OOP Sinhala Tutorial Part 3 ( Classes & Objects )


OOP Sinhala Tutorial Part 3 ( Classes & Objects )




අපි අන්තිමටම Java Standards එක්ක ඕනම කෙනෙක් ලියපු code එකක් තේරුම් ගන්නෙ කොහොමද කියලා බලපු නිසා අද මේ සූදානම OOP වල ප්‍රධානම concept එකක් වෙච්ච Classes and Objects කියන්නෙ මොකක්ද සහ ඇයි එහෙම දෙයක් අවශ්‍ය වුනේ කියලා බලන්නයි.. එහෙනම් සිංහලෙන් කියලා දෙන මේ video එක බලලා තේරෙනවද නැද්ද කියන එකත් අපිට කියන්න අමතක කරන්න එපා..




මේක බැලුවට පස්සෙ class එකක් කියන්නෙ මොකක්ද කියලා පොඩි හරි idea එකක් ආවා කියලා හිතනවා.. කොහොම වුනත් ඔයාලට ප්‍රශ්නයක් හරි මොනවමහරි අදහසක් තියෙනවානම් comment එකක් දාන්න දෙපාරක් හිතන්න එපා.. ඉක්මනටම Classes & Objects codings වලදි use කරන විදියත් එක්ක හමුවෙමු..

මතුසම්බන්ධයි..

Tuesday, September 22, 2015

OOP Sinhala Tutorial - Part 2 ( Standards )


OOP Sinhala Tutorial - Part 2 ( Standards )




ඔන්න අපි කලින් කියපු විදියටම OOP කියන්නෙ මොකක්ද, ඇයි OOP අවශ්‍ය වුනේ කියන එක video tutorial එකක් විදියට දීපු නිසා අද අපි බලන්න යන්නෙ OOP Concepts ඉගෙන ගන්න කලින් අපි ඉගෙන ගත්තු Java codings කොහොමද දැක්ක ගමන් තේරුම් ගන්නෙ කියලා.. කාටහරි OOP introduction එක බලන්න බැරි වුනානම් මෙතනින් ගිහින් බලලාම එන්නකෝ..

මෙන්න එහෙනම් OOP වල දෙවෙනි කොටස..




දැන් ඕනම කෙනෙක් ලියපු java code එකක් දැක්කම පොඩි idea එකක් ගන්න පුළුවන් ගානට හරි තේරුනා කියලා හිතනවා.. එහෙනම් අපි ඊළඟ කොටසින් OOP වල ප්‍රධානම concept එකක් වෙන Classes සහ Objects ගැන බලමු.. 

එතකන් සුභ දවසක්...

Sunday, September 20, 2015

OOP Sinhala Tutorial - Part 1 ( introduction )


Object Oriented Programming ( OOP )




හැමදාම මේක නවත්තන්නෙ නෑ කියලා ලොකු talk දුන්නට ගොඩක් කාලෙකින් අළුත් post එකක් ලියන්න බැරි වුන නිසා මේ පැත්තටවත් ආවෙ නෑ.. ඒත් මේ වැඩේ නවතින්න දෙන්න බැරි නිසා අපි අළුත් ක්‍රමයක් ගැන බැලුවා.. ඇත්තටම ලියන්න ගොඩක් වෙලාව යන නිසයි ලියන්න වුනේ නැත්තෙ.. ඒක නිසා අපි තීරණය කරා videos හදලා upload කරන්න.. ඒක ගැන කට්ටියට එක එක විදියෙ අදහස් ඇති.. කියවන්න කම්මැලි අයට ලේසියි වගේම කියවන්න ආස අයට කම්මැලි වෙයි.. ඒත් වැඩි වෙලාවක් යන්නෙ නැති නිසා ඒ වැඩේ අපිටත් ලේසියි.. හැබැයි අපේ lankadroid.blogspot.com කුප්පිය හරහා තමයි අපි videos දෙන්න හිතන් ඉන්නෙ.. මොකද, අපිට අවශ්‍යම වෙන ඕනම programming language එකකට අවශ්‍ය වෙන programming වල හිතන විදිය තියෙන basic ම ටිකයි Java වල basic ටිකයි තියෙන්නෙ මේකෙ නිසා අපි මේක හරහා තමයි videos ටිකත් දෙන්නෙ.. එහෙනම් අපි මේ OOP වල ඉඳන් video tutorial වලින්ම යමු.. දැන් බලමු මොකද්ද මේ OOP කියන්නෙ කියලා සහ ඇයි අපිට මේ වගේ දෙයක් අවශ්‍ය වුනේ කියන එක..




අළුත් වැඩේ ගැන ඔබේ අදහස අපිට ලබා දෙන්න දෙපාරක් හිතන්න එපා.. ඒ වගේම මේ video එක තේරෙනවනම් like එකක් දාන්නත් අමතක කරන්න එපා.. එහෙනම් අපි ඊළඟට OOP Concepts ඉගෙන ගන්න කලින් ඕනම code එකක් තේරුම් ගන්න ඕන වෙන Standards ගැන බලමු.. 

මතුසම්බන්ධයි...

Tuesday, April 21, 2015

OOP Part 2 ( Standards )


Object Oriented Programming ( Basic )


අපි කලින් දවසේ OOP කියන්නෙ මොකක්ද, ඇයි OOP ඕන වුනේ වගේ දෙවල් කතා කරපු නිසා අද බලමු මේ OOP Theory වලට බහින්න කලින් අපිට java වලින් මොනවද දැනගෙන ඉන්න ඕන කියලා.. මොකද ඒ ටික හරියට තේරුම් ගත්තොත් අපිට පුළුවන් වෙයි ගොඩක් ඉක්මනට හැමදේම තේරුම් ගන්න.. එහෙනම් අපි කෙලින්ම වැඩේට බහිමු.. ඊට කලින් OOP ගැන හරියට idea එකක් නැති අය මෙතනින් ගිහින් ඒ ගැන පොඩ්ඩක් බලලම එන්නකෝ..




අපි programming කරන්න යද්දි ඇත්තම කතාව අපිට 100 % ක් මේ codings මතක තියාගෙන ඉන්න බෑනේ.. ඉතින් කාට හරි හිතෙන්න පුළුවන් එහෙම නැතුව අපි කොහොමද program එකක් ගහන්නෙ කියලා නේද? එහෙම හිතෙන අයට කියන්න තියෙන එකම දේ තමයි කවුරු හරි එහෙම පාඩම් කරන්න හිතන් ඉන්නවනම් කරලා බලන්න කොච්චරක් මතක තියාගන්න පුළුවන්ද කියලා.. මොකද code බර ගානක් තියෙනවා එහෙම මතක තියාගන්න ගියොතින්.. ඒක නිකම් බොරු වැඩක්.. ඊට වඩා හොඳයි ඔලුව free එකේ තියාගෙන අළුතින් දෙයක් කරන්න විදියක් හිතන එක..


දැන් කෙනෙක් බලනවා ඇති පාඩම් කරන්න එපා කියනවනම් කොහොමද මේක ඇත්තටම කරන්නෙ කියලා නේද? මෙහෙමයි අපි හැමදාම කරන වැඩ අපිට අමතක වෙනවද? නෑනේ.. ඒ වගේ තමයි අපි program 2, 3ක් ගහද්දි අවශ්‍ය basic ම ටික මතක හිටිනවා..  පාඩම් කරගන්න ඕන නෑ.. ඉතින් අපිට ඊට වඩා අවශ්‍ය වෙන දෙයක් තියේනම් අපිට ඒකට තමයි GOOGLE දෙයියා ඉන්නෙ.. ඔන්න දැන් කට්ටිය හිතනවා Copy Paste ගේමක් ගහන්න පුළුවන් කියලා.. බලන්නකො එහෙම පුළුවන්ද කියලා.. ඇත්තටම බෑ.. මොකද එ් code එකෙන් මොකක්ද වෙන්නෙ කියලා අපිට තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕන එහෙම copy කරලා ගන්න වුනත්.. ඉතින් ඒ කියන්නෙ අපිට වෙන කෙනෙක් ලියපු අපේ නොවෙන code එකක් වුනත් දැක්ක ගමන් අඳුර ගන්න පුළුවන් වෙන්න ඕන නේද??


කොහොමද වෙන කෙනෙක් ලියපු code එකක් වුනත් තේරුම් ගන්නෙ??


නිකමට හිතලා බලන්න අපිට code එකක් දිහා බැලුවම මේක class එකක්, මේක method එකක්, මේක variable එකක් මේකෙන් වෙන්නෙ මේකට call කරලා මේ ටික run වෙනවා වගේවත් අපිට තේරුම් ගන්න බැරිනම් අපි කොහොමද GOOGLE එකෙන් වත් වැඩක් ගන්නෙ.. මුලින්ම අපිට මෙතන හදාගන්න වෙනවා.. මේ දේවල් Syllabus එකක අපිට කියලා දෙන්නෙ නෑ.. ඒවා අපි තේරුම් ගන්න ඕන.. එහෙනම් අපි බලමු කොහොමද එහෙම තේරුම් ගන්නෙ කියලා..


අපි හැමදාම use කරන මේ System.out.println(); එකේ මොකක්ද කියලා තියෙන්නෙ කියලා කාටහරි කියන්න පුළුවන්ද?





පුළුවන් කට්ටිය ඇති.. එහෙම කියන්න බැරි කෙනෙක් ඉන්නවානම් අවුල් ගහන්න එපා ඒ කෙනාත් අන්තිමටම මේකෙ තේරුම අනිවාර්යෙන්ම කියනවාමයි.. 


හරි මෙහෙම හිතමුකො.. අපිට java වල තියෙන int, class, public වගේ Key words අඳුරගන්න පුළුවන්නෙ ඒක කවුරු ලිව්වත්.. එහෙම අඳුර ගන්න බැරි වෙනවා නම් බැරි වෙන්නෙ එහෙම පුද්ගලයාගෙ කැමැත්තට program එකේ ලියපු වචන විතරයි.. ඉතින් එහෙනම් මුලින්ම බලමු එහෙම අපිට කැමති විදියට Program එකක වචන ලියවෙන්නෙ මොන වගේ තැන් වලද කියලා..




මෙන්න මේ තැන් වලදි නේද අපිට ඕන විදියට අපි වචන දාන්නෙ?? එහෙනම් මේ වගේ තැන් වලට නම් දාද්දි හැමෝම එකම standard එකකට නම් දානවනම් අපි ඕන කෙනෙක්ට දැක්ක ගමන් මේ මොකක්ද කියලා කියන්න පුළුවන් නේද??

දැන් එහෙනම් බලමු අපි කොහොමද මේ වගේ නම් අඳුරගන්නෙ කියලා..





දැන් අඳුරගන්න පුළුවන් කෙනෙක් කියන්න බලන්න මේ person කියලා තුන් පාරක් ලියලා තියෙන්නෙ මොනවද මේ කියලා.. (මෙතන එකක් variable එකක්, අනික class එකක්, අනිත් එක method එකක්)

එහෙම දැක්ක ගමන් කියන්න පුළුවන්ද?? මෙහෙමයි ඒ තුන අඳුරගන්නෙ.

  • Class එකක් නම් වචනෙ පටන් ගන්නෙ CAPITAL අකුරකින්..
  • එහෙනම් SIMPLE අකුරකින් පටන් ගන්නෙ එක්කො method එකක්, නැත්නම් variable එකක්නේ..
  • method එකක් නම් අන්තිමට වරහනක් එනවා..
  • එහනෙම් SIMPLE අකුරකින් පටන් අරගෙන අන්තිමට වරහනක් තියෙනවානම් ඒක method එකක්, SIMPLE අකුරකින් පටන් අරගෙන වරහනක් නැත්නම් ඒක Variable එකක්..

එහෙනම් දැන් එන්න පුළුවන් ඕනම නමක් දැක්කම අඳුරගන්න පුළුවන් නේද? 

හා පුළුවන්නම් මේ ටික කියන්න බලන්න...




  • පළවෙනි එකෙයි දෙවෙනි එකෙයි මුල අකුරු Capital නිසා ඒ දෙක classes..
  • දැන් මෙතන String කියන්නෙ එතකොට class එකක්ද? ඔව්.. data type එකක් නෙවෙයිද? නෑ.. මතකනේ java වල data type 8යිනෙ තියෙන්නෙ.. මතක නැත්නම් ඒ ටික මෙතනින් බලලා එන්නකෝ..
  • out කියන එක simple වලින් පටන් අරගෙන වරහන් නැති නිසා ඒක variable එකක්..
  • print() කියන එකයි, exit() කියන එකයි simple වලින් පටන් අරගෙන වරහන් තියෙන නිසා ඒවා methods..

දැන් එහෙම තේරෙනවා නේද??? හී... :-D


තව එක දෙයක් දැනගත්තනම් අපිට ගොඩක් coding පේලි වලින් කියවෙන දේවල් තේරුම් ගන්න පුළුවන් වෙනවා.. 




ඒ තමයි මේක.. දැන් මේ මොකක්ද කියලා බලන්න එපා.. java වලදි මේ dot එක (dot operator)  කියන්නෙ ගොඩක් වැදගත් දෙයක්.. 

මේක use කරන්නෙ මොකක් හරි දෙයක් ඇතුලෙ කියලා අදහස් කරන්න.. මෙහෙම හිතන්නකො..
String.equals() කියලා තිබුනනම් අපිට වෙන වෙනම අඳුරගන්න පුළුවන්නෙ String කියන්නෙ class එකක් equals() කියන්නෙ method එකක් කියලා.. දැන් මේ අතර මැද dot එකෙන් කියවෙන්නෙ String කියන class එක ඇතුලෙ තියෙන equals() කියන method එකට තමයි මේ call කරන්නෙ කියලා.. ( දැක්ක නේද එක dot එකකින් කොච්චර තේරුමක් දුන්නද කියලා.. :-p )

හා දැන් මේ ඔක්කොම තේරුනා නම් කියන්න බලන්න මේකෙන් මොකක්ද කියවෙන්නෙ කියලා...




එහෙනම් මේකෙන් කියවෙන්නෙ System කියන class එක ඇතුලෙ out කියලා variable එකක් ඇති ඒ out කියන variable එකට අදාළව println() කියලා method එකක් ඇති ඒකට call කරන්න කියලා නේද??

දැනට මේ ගානට තේරෙනවා නම් හොඳටම ඇති.. මොකද අපි OOP ඉගෙන ගන්න කොට මේ ටික තෙරෙනවානම් හැම දේකම තේරුම තේරුම් යන්න පටන් ගන්නවා.. එතකොට ඉතින් programming කියන එකත් වතුර වගේ තමයි.. :-p එහෙනම් අදට මේ ඇති නේද? අළුත් කොටසකුත් එක්ක ඉක්මනටම හමුවෙමුකෝ..

Contact Form

Name

Email *

Message *