Pages

Sunday, June 29, 2014

Programming in Sinhala (part 6)


පහසුවෙන් Programming ඉගෙන ගනිමු. ( හයවන කොටස )


හිතටත් ටිකක් fit වගේ නිසා ඔන්න අද අපේ කුප්පියට අළුත් කොටසක් එකතු කරන්න කියල තමයි ආවේ.. දැන් ඉතින් basic ටිකයි flow-chart ගැනයි variable ගැනයි operators ගැනයි if-else ගැනයි දන්න නිසා අද කියලා දෙන්න හදන්නේ switch එක ගැන.. ගොඩක් අය ටිකක් විතර පටලවාගන්න තැනක්නේ මේ switch එක කියන්නේ.. ඔන්න එහෙනම් අද ඒ පටලැවිලි ලිහාගන්නවා කියලා හිතාගෙනම වැඩේ පටන් ගමුකෝ..

Switch Statement

කිසියම් variable එකක තියෙන value එක අනුව එකකට එකක් වෙනස් යම් දෙයක් කරන්න ඕන වුනොත් අපිට if-else එකේ ඒ හැම value එකටම if ලිය ලියා ඉන්න ගියාම code එකත් ලොකු වෙනවා තේරුම් ගන්නත් අමාරු වෙනවානේ.. අන්න ඒකට විසඳුමක් දෙන්න තමයි මේ switch එක හදලා තියෙන්නේ.. ඒ කියන්නේ switch එකෙන් අපිට පුළුවන් variable එකකට run time එන value එක අනුව වෙනස් වෙනස් දේවල් වෙන්න කියලා සරලව code ටික ලියාගන්න.. මෙහෙම switch එකේ එක value එකකට අදාළව දෙයක් වෙන එකට අපි කියනවා case එකක් කියලා.. දැන් අපි බලමු කොහොමද switch එකෙන් එහෙම code එක ලියන්නේ කියලා..



උඩ රූපෙ පෙන්නලා තියෙන විදියට switch එකේදි කරන්න තියෙන්නේ switch කියලා ලියලා වරහන ඇතුලේ switch එක විදියට use කරන්න ඕන variable එකේ නම ලියන එක. (variable එක කලින් හදලා තියෙන්න ඕනෙ..) ඊට පස්සේ ඒ switch එකක් විදියට use කරන variable එකේ අපිට දෙයක් වෙන්න ඕන values වලට අදාළව cases ලියන්න ඕනෙ.. 

Sunday, June 15, 2014

Programming in Sinhala (part 5)


පහසුවෙන් Programming ඉගෙන ගනිමු. ( පස්වන කොටස )



ඔලුවෙ තිබුණ ලොකුම ලොකු බරක් නිදහස් වුන නිසා දැන්නම් එච්චරම හිර වෙන්නෙත් නෑ.. ඒක නිසා වෙලාවටම ඊළඟ post ටික දාන්න පුළුවන්. කාටහරි මේ වෙනකම් programming ගැන අපි කතා කරපු ඒ දේවල් බලන්න බැරි වුනානම් මෙතනින් ගිහිල්ලා ඒ ටික බලලම එන්නකෝ.. අද අපි කතා කරන්න ලෑස්ති වෙන්නෙ නිතරම කතා වෙන මේ if / else කියන්නෙ මොකක්ද කියලා. එහෙනම් බලමුකෝ...

ඇත්තටම if/else කියන්නෙ අපිට මොකක් හරි තර්කයක සත්‍ය හෝ අසත්‍යභාවය අනුව යම් දෙයක් තීරණය කරන්න ඕන වුනොත් programming වලදි use කරන දෙයක්.. දැන් එහෙනම් අපි බලමු කොහොමද ඒක use කරන්නෙ කියලා..




උඩ රූපේ පෙන්නලා තියෙන විදියට if/else එකේදි කරන්න තියෙන්නෙ if කියලා ලියලා වරහන් ඇතුලෙ මොකක්ද තර්කය, condition එක කියලා දෙන එක. එතකොට ඒ condition එක check කරලා ඒක true වෙනවනම් වෙන්න ඕන දේවල් ටික if එක යටතේ ලියන්න ඕන. මම කලින් කිව්වා වගේ programming වලදි කිසියම් දෙයක් යටතේ code තියෙනවානම් ඒවා ලියන්නෙ curly braces ඇතුලෙ නිසා තමයි curly braces දාලා තියෙන්නෙ.. දැන් මෙහෙම වරහන් ඇතුලෙ දීලා තියෙන condition එක true නම් ඒ if එක යටතේ තියෙන code ටික run වෙන්න පටන් ගන්නවා..

Monday, June 2, 2014

Programming in Sinhala



Program එකක් ලියන්න කලින් plan එකක් ගහමු...



ඉස්සරහට එන සති වලත් මේ වගේම වෙලාවට post එකක් දාන්න බැරි වෙයි කියලා හිතෙන නිසා වෙලාවක් ආපු අද දවසෙ තවත් එකක් දාන්න ඕනෙ කියලා හිතුනා. ඇත්තටම මේක තමයි හරිනම් මුලින්ම දාන්න ඕන දේ.. ඒත් මට අමතක වුනා. කමක් නෑ. පරක්කු වෙලා හරි මතක් වුනානෙ.. එහෙනම් දැන් වැඩේ පටන් ගමුකො..

program එකක් කියන්නෙ computer එකට මොකක් හරි වැඩක් කරන්න අපි කියලා දෙන instructions ටිකනෙ.. ඉතිං මේ instructions ටික පිළිවෙලකට තිබුනෙ නැත්නම් අපිට වැඩේ හරියට කරවගන්න බැරි වෙන නිසා මේ ටික පිළිවෙලකට plan එකක් ඇතුව කරන්න ඕනෙ.. ඉතිං ඔන්න ඔහොම plan එක ගහන්න ප්‍රධාන ක්‍රම 2 ක් තියෙනවා. එක ක්‍රමයකදි කරන්නෙ symbols use කරලා graphical diagram එකක් විදියට plan එක පෙන්නන එක. අනිත් ක්‍රමයෙදි කරන්නෙ steps විදියට plan එක පෙන්නන එක.. මෙන්න මේ graphically represent කරන ක්‍රමයට කියන්නෙ Flow Chart කියලා, steps විදියට ලියන ක්‍රමයට කියන්නෙ Pseudocode කියලා..


Flow Chart

කලින් කිව්වා වගේ Flow Chart කියන්නෙ අපි program එකක් ලියන්න කලින් හදාගන්න plan එකේ steps ටික ගැලීම් සටහනක් මගින් graphically represent කරන එකට.. මේකෙදි use කරන විශේෂ සංකේත ටිකක් තියෙනවා. ඒ ටික මතක තියාගන්න එක විතරයි ඇත්තටම කරන්න තියෙන්නෙ.. අමාරු වැඩක් නෙවෙයි මේක හැබැයි වැදගත් වැඩක්. මොකද plan එකක් ගහගන්නෙ නැතුව program එකක් ලියන එක එච්චර හොඳ වැඩක් නෙවෙයි..




Sunday, June 1, 2014

Programming in Sinhala (part 4)



පහසුවෙන් Programming ඉගෙන ගනිමු. ( සිව්වන කොටස )



හැමදාම වගේ පරක්කු කරන්නෙ නැතුව කුප්පිය කරගෙන යන්න හැදුවත් කරුමෙට mid exam set වුන නිසා තිබුන වැඩ ටිකට තව වැඩ වැඩි වුනා.. ඒක නිසා මේ පාරත් අපේ වැඩේ පරක්කු නොකර කරන්න හිතාගෙන හිටියට ඒක එහෙම වුනේ නෑ.. දැන් ඉතිං කමක් නෑ අපි එහෙනම් දැන්වත් වැඩේ පටන් ගමුකො.. ඊට කලින් කලින් ටික බලපු නැති කෙනෙක් ඉන්නවා නම් මෙතනින් ගිහින් ඒ ටිකත් බලලාම එන්නකො...

දැන් කට්ටියට variable එකක් හදලා data එකක් assign කරගන්නත් පුළුවන් නිසා අපි දැන් බලමු programming වලදි හැමතිස්සෙම කියවෙන මේ operators කියන්නෙ මොනවද කියලා.. programming වලදි operators කියන්නෙ ඇත්තටම අපි එදිනෙදා ජීවිතයේදී භාවිතා කරන එකතු කිරීම, අඩු කිරීම වගේ දේවල්ම තමයි.. එහෙනම් ඒවා ගැන දැන් බලමුකො..


Arithmetic Operators



උඩ රූපෙ පේන විදියට වම් පැත්තෙන් පේන්නෙ අපි සාමාන්‍යයෙන් භාවිතා කරන Operators ටික. හැබැයි ඇත්තටම කල්පනා කලොත් මෙතනින් එකතු කිරීමයි අඩු කිරීමයි ඇරෙන්න අනිත් ඒවා ටික computer එකට input කරන්න විදියක් නෑ. මොකද x අකුරත් වැඩි කිරීමේ ලකුණ වගේම නිසා compiler ට ඒ දෙක වෙන් කරලා අඳුරගන්නත් බැරිවෙනවා. ඊට අමතරව බෙදීමේ සලකුණ දෙන්න විදියක් ඇත්තෙම නෑ.. දැන් කට්ටියට තේරෙනවා ඇති ඒ කියන්නෙ අපි සාමාන්‍යයෙන් භාවිතා කරන operators ටික ඒ විදියටම දෙන්න විදියක් නැති නිසා මොකක් හරි ක්‍රමයක් අවශ්‍ය වෙනවා කියලා. අන්න ඒ හේතුව නිසා තමයි රූපෙ දකුණු පැත්තෙන් පෙන්නලා තියෙන විදියට programming වලදි වැඩි කිරීමේ ලකුණ වෙනුවට තරු සලකුණයි. බෙදීමෙ සලකුණ වෙනුවට back slash ( / ) එකයි use කරන්නෙ..


දැන් එහෙනම් අපි බලමු කොහොමද මේ operators programming වලදි use කරන්නෙ කියලා..

Contact Form

Name

Email *

Message *