Pages

Saturday, April 19, 2014

Secret Message Sender

Secret Message Sender


දුරකථන භාවිත කරන ගොඩක් අයට තියෙන ප්‍රධානම අවශ්‍යතාවයක් තමයි කෙටි පණිවිඩ (sms) රහසිගතව තියාගන්න එක.  (ඕනෑම කෙනෙක්ට private sms තියෙනවානෙ..) ඉතින් මෙන්න මේකට ගොඩක් අය පාවිච්චි කරන දෙයක් තමයි sms lockers කියන්නෙ. හැබැයි මේකෙදි කරන්නෙ අපේ දුරකථනයේ තියෙන inbox එක lock කරන එක. ඉතින් මෙහෙම sms locker පාවිච්චි කරන අය දන්නවා ඇතිනෙ මේකෙදි අපි කොච්චර අපහසුතාවයට පත් වෙනවාද කියලා.. මමත් පාවිචිචි කරා. හැබැයි මේකෙදි මට හංගන්න අවශ්‍ය message කිහිපයක් වෙනුවෙන් මට හැමතිස්සෙම password එක ගහලා තමයි inbox එකට යන්න වෙන්නෙ.. ඉතින් මටනම් මේක ලොකු කරදරයක් වුනා. ඊටත් වඩා මගේ පිස්සු යාළුවො message එකක් ගහන්න ඕනෙ කිව්වම උන්ට password එක නොදී බැරි නිසා මගේ messages උන් නොබැලුවත් දකින වෙලාවල් තිබුනා. ඉතින් මේ හේතූන් නිසා මටනම් sms locker එක අසාර්ථක වුනා.


ඔන්න ඔහොම කරන්න දෙයක් නැතුව හාන්සි වෙලා ඉන්න වෙලාවක තමයි මට මතක් වෙන්නෙ හමුදා වල කරන විදියට message එක සංකේත විදියට යවන්න පුළුවන්නම් කාටවත් පේන්නෙ නැති වෙන්න හොරාට messages යවන්න පුළුවන්නෙ කියලා. ඉතින් ඊළඟ ප්‍රශ්නෙ තමයි මම කොහොම හරි කරලා සංකේත විදියට message යවන්න ඉගෙන ගත්තත් අනිත් කෙනාට එ් සංකේත වලින් කියන දේ තේරැම් ගන්න බෑනෙ කියන එක. අන්න එතකොට තමයි මගේ ඔලුවට එන්නෙ program එකක් හදා ගත්තා නම් එ්ක හරහා සංකේත වලට හරවන එකයි, අනිත් පැත්තට original message එක ගන්න එකයි දෙකම ලේසියෙන් ඕනම කෙනෙකුට කරන්න පුළුවන්නෙ කියන එක. ඔන්න දැන් තමයි මට campus එකේ උගන්නන maths කොච්චර වටිනවද කියලත් තේරෙන්න ගන්නෙ. පස්සෙ කොහොම හරි මගේම කියලා algorithm එකක් හදා ගෙන මට පුළුවන් වුනා message එකක් encrypt කරලා සංකේත විදියට හදා ගන්න. ඉතින් මම එහෙම යවන message එකක හැංගිලා තියෙන original message එක බලාගන්නත් decrypt කරන program එකත් ලියලා ඔය program දෙක එකතු කරලා තමයි Secret Message Sender කියලා කාටත් හොරෙන් රහසිගතව sms යවන්න පුළුවන් android app එක හදන්නෙ..

Contact Form

Name

Email *

Message *