Pages

Thursday, July 3, 2014

Programming in Sinhala (part 7)


පහසුවෙන් Programming ඉගෙන ගනිමු. ( හත්වන කොටස )


ගොඩක් campus වල exam ළඟ නිසා ඉක්මනට කුප්පියෙ ඉතිරි කොටස් ටිකත් දෙන්න කියලා ඉල්ලපු නිසාම ඔන්න මේ සැරේ කොහොම හරි වෙලාව හදාගෙන ඉක්මනටම තව කොටසක් දාන්න තීරණය කළා.. exam ගැනත් කතා කරපු නිසා අද මම හිතාගත්තා ගොඩක්ම වටින වගේම කට්ටියට ගොඩක්ම අමාරු වෙන මේ loops ගැන කියලා දෙන්න ඕන කියලා.. loops වර්ග 3ක් තියෙනවා. අපි එහෙනම් බලමුකො ඒ 3 මොනවද කියලා සහ ඒවයින් වෙන්නෙ මොනවද කියලා..

මුලින්ම මම කියන්නම් loop එකක් කියන්නෙ මොකක්ද කියලා. ඇත්තටම loop එකක් කියන්නේ කිසියම් දෙයක් නැවත නැවතත් සිදු කිරීමක් කියලා කිව්වොත් හරි කියලා මට හිතෙනවා.. ඒ කියන්නෙ එකම දෙයක් වාර ගණනක් සිදු වෙන ක්‍රියාවලිය loop එකක් කියලා අදහස් කරන්න පුළුවන්. ඉතිං අපිට මේ loop එකක් අවශ්‍ය වෙන්නෙ මොන වගේ වෙලාවල් වලටද?

loop එකක් ඕන වෙන්නෙ අපේ program එකේ කොහේ හරි එකම වගේ code ටිකක් නැවත නැවතත් යෙදෙනව නම් අපි එහෙම copy paste කර කර දාන එක ඇත්තටම තේරුමක් නැති වැඩක්නේ.. ඉතිං අපිට පුළුවන් ඒ වගේ වෙලාවල් වලට ඒ code ටික එකතු කරලා ඒ අවශ්‍ය වාර ගානට loop කරවන්න.. එතකොට code එක ලියවෙන්නෙ එක සැරයක් නිසා පැහැදිලියි වගේම තේරුම් ගන්නත් පහසු වෙනවා.. ඇත්තටම මේවා අමාරු නෑ හරියටම වෙන්නෙ මොනවද කියලා තේරුම් ගත්තොත්.. 

නිකමට හිතලා බලන්නකෝ අපිට "Hello World" කියලා print කරන්න ඕන වුනොත් printf("Hello World"); කියලා ලියලා print කරන්න පුළුවන්නේ.. දැන් මෙහෙම 10 පාරක් print කරන්න ඕන වුනොත් මේ code එක 10 පාරක් ලියන්න වෙනවානේ.. (ඕක මොකක්ද copy paste කරන එකනේ නේද?) ලේසියි කියලා හිතුවට හිතලා බලන්න වාර 10000 ක් print කරන්න ඕන වුනොත් ගණන් කර කර 10000 ක් copy paste කරලා හරි දාන එක ලේසි වෙයිද? අන්න ඒක නිසයි අපිට loop එකක් අවශ්‍ය වෙන්නේ.. ඒකෙන් අපිට පුළුවන් print වෙන code එක එක පාරක් ලියලා ඒක 10000 පාරක් run කරවන්න කියලා කියන්න... දැන් loop එකක් අවශ්‍ය වෙන්නෙ ඇයි කියලා පොඩි අදහසක් හරි තියෙනවා නේද? දැන් එහෙනම් අපි මේ loop වර්ග 3 ගැන බලමු..

Contact Form

Name

Email *

Message *