Pages

Tuesday, May 20, 2014

Programming in Sinhala (part 3)


පහසුවෙන් Programming ඉගෙන ගනිමු. ( තුන්වන කොටස )



හැමදාම වගේ කුප්පියෙ ඊළඟ කොටස ඉක්මනට දෙන්න හිතාගෙන හිටියත් වැඩ ගොඩක් මැද හිරවෙලා ඉන්න නිසා වෙලාවක් වෙන් කරගන්න වෙන්නෙම නෑ.. කට්ටිය ඉතිං අවුල් ගහන්න එපා පුළුවන් විදියට කොහොමහරි අපි එකතු වෙලා වැඩේ කරමුකො.. ඔන්න එහෙනම් ලැබුන මේ වෙලාවෙවත් වටේ යන්නෙ නැතුව කෙළින්ම වැඩේට බහිමු. හැමෝටම කලින් කරපුවා මතක ඇති කියලා මම හිතනවා, වැරදිලා හරි කෙනෙකුට කලින් කරපුවා බලාගන්න බැරිවුනා නම් මෙතනින් ගිහිල්ලා ඒ ටිකත් බලලම එන්නකො..

අපි අවසානෙටම කරේ C language එක use කරලා අපිට අවශ්‍ය දෙයක් print කරගන්න විදියනේ, දැන් එහෙනම් අපි ඕනෑම programming language එකකට පොදු theory ටික ඉගෙන ගන්න පටන් ගනිමු. මුලින්ම මම programming කිව්වොත් නිතරම අහන්න ලැබෙන variable එකක් කියන්නෙ මොකක්ද කියලා කියලා දෙන්නම්. මතක තියාගන්න ඕනම දෙයක් ඉගෙන ගන්න කොට ඒක අවශ්‍ය වෙන්නෙ මොන වගේ වෙලාවල් වලටද කියලත් ඉගෙන ගන්න. එතකොට ඒක කවදාවත් අමතක වෙන එකක් නෑ.. එහෙනම් වැඩේට බහිමුකො..

Variable



variable එකක් කියන්නෙ ram එකේ වෙන් කරගන්න memory space එකකට. දැන් ඉතිං ප්‍රශ්නෙ තියෙන්නෙ එහෙම ram එකෙන් memory space එකක් වෙන් කරගන්න අවශ්‍ය වෙන්නෙ මොකටද කියලා. ඇත්තටම අපි ලියන program වලදි අපිට කිසියම් ගණනයක් කරන්න අවශ්‍ය වුනොත් ඒකට අදාළව එන උත්තරේ හරි ලබා ගත්ත විශේෂ අගයක් හරි මොකක් හරි දෙයක් මතක තියාගන්න ඕන වෙනවානෙ.. ඉතිං අපේ program එකට අදාළව මොනවා හරි මතක තියාගන්න ඕනෙනම් අපි අපේ program එක වෙනුවෙන් ඒ දේවල් මතක තියාගන්න තැනක් හදා ගන්න ඕනෙ. අන්න ඒ නිසා තමයි අපිට variables අවශ්‍ය වෙන්නෙ..


Saturday, May 10, 2014

Programming in Sinhala (part 2)

පහසුවෙන් Programming ඉගෙන ගනිමු. ( දෙවන කොටස )


හැමදාම ලියන්න හිතාගෙන ආවත් වෙලාවක් නැති නිසා අපේ programming කුප්පියෙ දෙවෙනි කොටස දෙන්න බැරි වුනා.. පරක්කු වුන එක ගැන මටත් upset කොහොමහරි කරලා ඉස්සරහට එක දිගට දාන්න උපරිම උත්සාහ කරන්නම්කො.. දැන් එහෙනම් කට්ටිය C program එකක් ලියන්න පුළුවන් වෙන විදියට machine එක හදාගෙන ඇති කියලා හිතා ගෙන මම වැඩේ පටන් ගන්නම්. එහෙම කෙනෙක්ට තාමත් machine එක හදාගන්න බැරි වුනානම් Programming in Sinhala (part 1) එක බලලා වැඩේට ලෑස්ති වෙලාම ඉතිරි ටික කියවන්න පටන් ගන්නකො..

මුලින්ම මම කැමතියි computer program එකක් කියන්නෙ මොකක්ද කියලා සහ programming language එකක් අපිට අවශ්‍ය වෙන්නෙ මොකටද කියලා දැනගන්න. මොකද අපි තේරුමක් නැතිව දෙයක් ඉගෙන ගෙන වැඩක් නෑනෙ.. සරලව කිව්වොතින් අපිට වගේ computer එකට දෙයක් හිතලා කරන්න බැරි නිසා එයාට කියලා අපිට මොකක් හරි දෙයක් කරගන්න ඕන නම් අපිට ඒක කරන විදිය මුලින්ම එයාට කියලා දෙන්න වෙනවා. මෙහෙම එයාට කියලා දෙන්න ලියන උපදෙස් (instructions) වල එකතුවට තමයි computer program එකක් කියලා කියන්නෙ.

ඇත්තටම computer එකට අපිට තේරෙන සිංහල, ඉංග්‍රීසි, දෙමළ වගේ භාෂාවන් තේරෙන්නෙ නැහැනේ.. ඒ වගේම computer එකට තේරෙන machine language එක අපිට තේරෙන්නෙත් නැහැනේ.. ඉතින් ඔන්න ප්‍රශ්නයක් මතු වෙනවා දැන් අපි කොහොමද එයාට එ් කරන විදිය කියලා දෙන්නෙ කියලා. අන්න ඒ ප්‍රශ්නෙට විසඳුමක් විදියට තමයි programming languages හදලා තියෙන්නෙ. මේ programming languages හදලා තියෙන්නෙ අපිට තේරෙන භාෂාවට (English) ගොඩක් සමීප වෙන විදියට නිසා අපිට මේවා ඉගෙන ගන්න එච්චර අමාරු වෙන්නෙත් නෑ.. දැන් මේ programming language එක computer එක සහ අපි අතර අතරමැදියෙක් විදියට ඉඳගෙන අපිට computer program එකක් ලියන්න අවස්ථාව හදලා දෙනවා.

ඉතින් දැන් කෙනෙක්ට හිතෙන්න පුළුවන් computer එකට තේරෙන්නෙ machine language එක විතරක් නම් මෙහෙම අපි programming language එකක් use කරලා ලියන program එක එයා කොහොමද තේරුම් ගන්නෙ කියලා. ඇත්තටම මෙහෙම හිතුනනම් ගොඩක් හොඳයි. (දැන් ඉතින් හිතුනෙ නැති අය එහෙම හිතුනෙ නැති එකට අවුල් ගහන්න එපා. එහෙම හිතෙන්න ඕනෙත් නෑ හොඳද) ඇත්තම කිව්වොත් programming languages වල compiler කියලා කෙනෙක් ඉන්නවා. මෙයා තමයි අපිට තේරෙන විදියට programming language එකක් use කරලා ලියන program එක computer එකට තේරෙන විදියට හරවලා දෙන්නෙ. ඉතින් ඒ කියන්නෙ programming language එකක තියෙන ප්‍රධානම දෙයක් තමයි compiler කියන්නෙ. මොකද අපිට තේරෙන භාෂාවෙන් ලියන program එක එයා computer එකට තේරෙන භාෂාවට හරවලා දෙන්නෙ නැතිනම් අපිට program එකක් ලියන්න බැරි වෙනවානෙ..

Saturday, May 3, 2014

Programming in Sinhala (part 1)

පහසුවෙන් Programming ඉගෙන ගනිමු.


campus වලට ගියාම ගොඩාක් අය මට කියලා තියෙන දෙයක් තමයි CS (computer science) අමාරුයි කියන එක. ඉතින් ඒක නිසාම තමයි මම කල්පනා කලේ මම දන්න පොඩි දෙයින් එහෙම අමාරු කෙනෙක්ට පොඩි හරි help එකක් දෙන්න ඕනෙ කියලා. ඉතින් ඔන්න දැන් කියන්න එපා අපිට ඕනේ C, අපිට ඕනෙ Java, අපිට ඕනෙ C++ කියලා. මම ඒ හැම දේකටම ඕනෙ වෙන basic ටික කියලා දෙන්නම්. පස්සෙ කට්ටියට තේරෙනවා කියලා දැනුනොත්  C යි Java යිත් දන්න විදියට එතනින් එහාට කියලා දෙන්නම්. හැබැයි තරහ වෙන්න එපා මම C++ නම් දන්නෙ නෑ. මම ගොඩක්ම උත්සාහ කරන්නෙ theory වලට වඩා මම තේරුම් ගත්තු විදියට හිතන විදිය පුරුදු කරන්න. මොකද theory වලින් කවදාවත් program එකක් ලියන්න බෑ. අමාරුම දේ program එක ලියනවාට වඩා ඒක ලියන්නෙ කොහොමද කියලා තේරුම් ගන්න එක. ඉතින් අන්න එ්ක නිසා අපි කොහොම හරි හිතන විදිය පුරුදු වෙමු.

අපේ ගොඩක් අය කරන්නෙ programming ඉගෙන ගන්නවා කියලා programming language එකක් ඉගෙන ගන්න එක. හැබැයි මෙහෙම එක එක language ඉගෙන ගන්නවාට වඩා programming කියන concept එක පොදුවේ ඉගෙන ගත්තා නම් ඕනෑම programming language එකක් ලේසියෙන්ම අල්ලා ගන්න පුළුවන්. හැබැයි කරුමෙට අපේ ගොඩාක් අය මේක තේරුම් ගන්නෙ නෑනෙ.. ඉතින් මගේ මේ පුංචි උත්සාහය programming ඉගෙන ගන්න ආසාව තියෙන අයට පහසුවෙන් ඕනෑම programming language එකක් ඉගෙන ගන්න පුළුවන් වෙන විදියට හිතනන්න  පුරුදු කරවන්නයි..

Contact Form

Name

Email *

Message *