Pages

Tuesday, March 10, 2015

Java Part 13 ( Summary )


Java Summary





අද අපි අපේ java කුප්පියට නැවතීමේ තිතක් තියන්න තමයි මේ ලෑස්ති වෙන්නෙ.. 2014 අගෝස්තු මාසෙ පටන් ගත්තු අපේ මේ පුංචි java කුප්පියෙන් මාස හතක් පුරාවට අපි ගොඩක්ම උත්සාහ කරේ code කටපාඩම් කරලා exam ගොඩ දාගන්නවට වඩා එහා ගිය දෙයක් කරලා programming වල වෙන සිදුවීම් තේරුම් අරගෙන කටපාඩම වෙනුවට අවබෝධය තුලින් Programmer කෙනෙක් විදියට එකතු වෙන්නයි.. ඉතින් හැමෝටම ඒක ඒ විදියටම වෙන්නෙ නැතුව ඇති.. ඒත් ටිකක් හරි හිතන විදිය පුරුදු වුනානම් අපිට ඒ හොඳටම ඇති..

ඉතින් දැන් මේ සූදානම මාස හතක් පුරාවට කරපු ඒ දේවල් වල සාරාංශයක් ඉතුරු කරමින් java කුප්පියෙන් සමුගන්නයි..


  • Get Ready - කොහොමද java program කරන්න machine එක හදාගන්නෙ..
  • Basics - java වල මූලිකම සිද්ධාන්ත..
  • Print Anything - ඕනම දෙයක් අපිට අවශ්‍ය විදියට print කරන්නෙ කොහොමද..
  • Run Java Program - කොහොමද java program එකක් run කරවන්නෙ..
  • Variables / Data types - Java වල තියෙන data types සහ ඒවායෙන් variable හදන හැටි..
  • Casting - කොහොමද variable cast කරන්නෙ..
  • Star Patterns ( I ) - කොහොමද තරු රටාවක් හදන්න හිතන්නෙ..
  • Star Patterns ( II ) - කොහොමද ඕනම තරු රටාවක් හදන්නෙ..
  • Arrays - මොකද්ද array එකක් කියන්නෙ, ඇයි අවශ්‍ය වෙන්නෙ සහ කොහොමද use කරන්නෙ..
  • Methods - මොනවද මේ methods කියන්නෙ..


හැබැයි අපේ programming kuppiya මෙතනින් ඉවර නෑ හොඳද.. :-p අපි එහෙනම් ලඟදීම Object Oriented Programming (OOP) කුප්පිියත් එක්ක එකතු වෙමු.. :-)

Saturday, March 7, 2015

Java Part 12 ( File Handling part 2 )


Java File Handling ( part 2 )


අපිට කලින් කොටසෙදි File Handling යටතේ කතා කරන්න පුළුවන් වුනේ කොහොමද File එකකට data write කරන්නෙ කියන එක විතරයිනෙ.. ඒක නිසා අපි මේ කොටසෙදි File එකකින් data read කරන්නෙ කොහොමද කියලා බලමු.. කෙනෙක්ට කලින් කොටස බලන්න බැරි වුනානම් මෙතනින් ගිහින් ඒක බලලම එන්න.. මොකද මේකටත් ඕන කරන basic ටික තියෙන්නෙ ඒ කොටසෙදි නිසා..

වැඩේ පටන් ගන්න කලින් File එකකට data write කරන විදිය ගැන පොඩ්ඩක් මතක් කරගත්තොත් හොඳයි කියලා හිතෙනවා.. ඒක නිසා අපි දැන් පොඩ්ඩක් ඒ step ටික මතක් කරගෙන ඉමු..


File Writing ( Steps )

  1. File Object එකක් හදාගන්නවා..
  2. File එක දාලා File Writer Object එකක් හදාගන්නවා..
  3. ඒ හදාගත්ත FileWriter එක දාලා BufferedWriter Object එකක් හදාගන්නවා..
  4. BufferedWriter Object එකේ methods use කරලා අවශ්‍ය විදියට file එකට data write කරගන්නවා..


File Reading ( using Buffered Reader )

කලින් write කරද්දි කිව්වා වගේම අපි මේ use කරන Bufferd Reader ක්‍රමේ විතරක්ම නෙවෙයි File එකක් read කරන්න තියෙන්නෙ.. අපිට වැඩේ කරගන්න පුළුවන් එක ක්‍රමයක් විතරක් තිබුනම ඇති නිසා තමයි මේ ක්‍රමේ විතරක් කරන්නෙත්.. අනික මේ ක්‍රමේ ගොඩක් ලේසියි මතක තියාගන්න..


STEP 1

File එකකට data write කරන්න යනකොට අපි මුලින්ම File එක හැදෙන්න ඕන path එක parameter එකක් විදියට දීලා File Object එකක් හදාගත්තනේ.. මේකෙදිත් මුලින්ම කරන්න තියෙන්නෙ ඒකමයි.. අපිට read කරන්න ඕන File එකේ Object එකක් හදන්න ඕන path එක String parameter එකක් විදියට දීලා..





STEP 2

File Write කරද්දි අපි දෙවෙනි step එක විදියට කරේ FileWriter object එකක් හදපු එකනේ.. ඒ වගේම දැන් අපිට File එකකින් data read කරන්න ඕන නිසා දැන් හදන්න ඕන FileReader Object එකක්.. ඉතින් කලින් writer එක හදද්දි වගේමයි FileReader එක හදද්දි අපි කලින් හදාගත්තු, අපිට read කරන්න අවශ්‍ය File Object එක parameter එකක් විදියට දීලා තමයි File Reader Object එක හදන්න ඕන..




STEP 3

කලින් අපි File එකක් Write කරද්දි BufferedWriter Object එකක් හැදුවා වගේම දැන් අපිට ඕන Read කරන්න නිසා දැන් අපිට කරන්න තියෙන්නෙ BufferedReader Object එකක් හදන එක.. ඒකෙදි කලින් වගේම parameter එක විදියට දෙන්න ඕන අපි කලින් හදපු FileReader Object එක..




Final

ඔන්න අපි දැන් File එකකින් data read කරන්න අවශ්‍ය ඔක්කොම වැඩ ටික කරලා තියෙන්නෙ.. දැන් අපිට තියෙන්නෙ දැන් මේ හදාගත්ත Buffered Reader Object එකේ තියෙන method use කරලා File එකකින් data ටික read කරගන්න විතරයි..

අපිට Data read කරගන්න ප්‍රධාන වශයෙන්ම use කරන methods 2ක් තියෙනවා Buffered Reader Object එක ඇතුලෙ..

  1. readLine();
    • මේක use කරන්නෙ File එකේ data line එකක් read කරගන්න..
  2. read();
    • මේක use කරන්නෙ අකුරෙන් අකුර data එක read කරගන්න ඕන වුනාම.. මේකෙන් එක පාරකට එන්නෙ එක අකුරක් විතරයි..

දැන් කෙනෙක්ට ප්‍රශ්නයක් එන්න පුළුවන් අපිට line එකක් හරි අකුරක් හරි නම් එකපාරකට කියවගන්න පුළුවන් කොහොමද file එකක්ම කියවගන්නෙ කියලා.. ඒකට කරන්න තියෙන්නෙ අපේ loop ගැන දැනුම use කරලා file එකම read කරගන්න එක..

මුලින්ම අපි බලමු කොහොමද කලින් කිව්ව ක්‍රම දෙක use කරලා එක අකුරක් හරි පේළියක් හරි කියවගන්නෙ කියලා..




  • මේකෙ පළවෙනි line එකෙන් වෙන්නෙ buffered reader object එකේ තියෙන readLine() method එක use කරලා file එකේ data line එකක් String එකක් විදියට read කරලා ගන්න එක..
  • මෙතනදි විශේෂයෙන්ම මතක තියාගන්න අපි මෙහෙම read කරද්දි file එකේ අවසානයට ගියානම් String value එකක් විදියට එන්නෙ null කියන value එක..
  • දෙවෙනි line එකෙන් ඒ data line එක print කරන එක කරලා තියෙන්නෙ..
  • තුන්වෙනි line එකෙන් කරලා තියෙන්නෙ buffered reader object එකේ තියෙන read() method එක use කරලා එක අකුරක් විතරක් read කරගන්න එක.. මෙතනදි අකුරක් read කරාම එන්නෙ integer value එකක්. ඒකයි අපි ඒක char වලින් cast කරලා char variable එකකට දාලා තියෙන්නෙ..  (කාටහරි casting මතක නැත්නම් අපේ කලින් casting ගැන දාපු post එක බලන්න.. )
  • මෙතනදි විශේෂයෙන්ම මතක තියාගන්න අපි මෙහෙම read කරද්දි file එකේ අවසානයට ගියානම් integer value එකක් විදියට එන්නෙ -1 කියන value එක..
  • අන්තිම line එකෙන් කරලා තියෙන්නෙ අපි read කරගත්තු අකුර print කරන එක..

දැන් අපි බලමු කොහොමද අපේ loop ගැන දැනුම use කරලා මුළු file එකම read කරන්න code එක ලියන්නෙ කියලා..

  1. Using readLine()



  • මුලින්ම අපි readLine() method එක use කරලා එක line එකක් read කරගන්නවා..
  • ඊට පස්සෙ අපි while loop එකක් දාලා එහෙම read කරගන්න value එක null නොවෙනකල් run කරන්න කියලා කියනවා.. ( මොකද null ආවා කියන්නෙ file එකේ data ඉවරයි කියන එක නිසා.. )
  • While loop එක ඇතුලෙදි අපි read කරගත්ත line එක මුලින්ම print කරලා තියෙන්නෙ.. අපිට ඉතින් මෙතනදි print කරනවා වෙනුවට අවශ්‍ය ඕනම දෙයක් කරගන්න පුළුවන්..
  • ඊට පස්සෙ කරලා තියෙන්නෙ අළුත් line එකක් read කරලා අර කලින් variable එකටම දාන එක..

  2.  Using read();

  • දැන් ඉතින් කෙනෙක්ට පුළුවන් අපි කලින් line එකෙන් line එක read කරලා මුළු file එකම read කරපු විදියටම අකුරෙන් අකුර read කරලත් file එකම read කරගන්න.. 
  • ඒකෙදිත් කරන්න තියෙන්නෙ කලින් විදියටම අකුරෙන් අකුර read කරන්න while loop එකක් දාන එකම තමයි. එකම වෙනස වෙන්නෙ මේකෙදි check කරන condition එක වෙන්නෙ read කරලා එන value එක -1 නොවෙනකල් තමයි run වෙන්න ඕන..
  • එහෙනම් ඒක තනියම ලියලම බලන්නකො.. නැත්නම් හිතන විදිය පුරුදු වෙන්නෙම නෑ.. :-) 


මතක තියාගන්න මෙහෙම file read කරද්දිත් කලින් write කරද්දි කිව්වා වගේම එන්න පුළුවන් errors නවත්තන්න coding set එකක් ඇතුලෙ තමයි අවශ්‍ය codings ටික ලියන්න වෙන්නෙ..




අපි දැන් හැමෝම අමාරුයි කියන File Handling කොටස් දෙකක් යටතේ වෙන වෙනමම File Writing සහ File Reading විදියට වෙන දේත් එක්කම තේරුම් ගත්ත නිසා හැමෝටම අවුලක් නැතුව හොඳට තේරෙන්න ඇති කියලා හිතෙනවා.. කාටහරි එහෙම තේරෙන්නෙ නැත්නම් ආපහු පාරක් බලන්න.. ඇත්තටම මේක හිතෙන තරම්ම අමාරු නෑ..  :-)


Contact Form

Name

Email *

Message *