Pages

Monday, August 18, 2014

Java Part 1 ( get ready for code )

Install java JDK and set JAVA path

ඔන්න එහෙනම් කට්ටියම බලාගෙන හිටිය java kuppiya පටන් ගන්න තමයි අපි දැන් මේ set වෙන්නෙ.. මුලින්ම මට කලින් කියපු දෙයක් ආපහු මතක් කරලා දෙන්න ඕන. programming වලට ආස නම් codings කට පාඩම් කරන්න යන්න එපා. කවදාවත් program එකක් ගහන්න බැරි වෙයි. හිතන විදියයි පුරුදු වෙන්න ඕන, එතකොට ඕනම programming language එකක් ඉක්මනින්ම අල්ල ගන්නත් පුළුවන් වෙනවා.. (මරුනේ..) 


හරි එහෙනම් දැන් වැඩේට බහිමු. මුලින්ම java ඉගෙන ගන්න කලින් අපිට java program එකක් ගහන්න පුළුවන් වෙන විදියට අපේ Machine එක හදාගන්න ඕන. ඒකට java වල තියෙන development kit එක, JDK (java development kit) එක දාගන්න ඕන.

Installing JDK (java development kit)

  • මුලින්ම www.oracle.com කියලා ගහලා official java website එකට යන්න.
  • දැන් ඒකෙ තියෙන Downloads කියන tab එක click කරන්න.

  • දැන් open වෙන window එකේ තියෙන Java කියන group එකේ දෙවෙනි එක, ඒ කියන්නෙ Java SE කියන එක click කරන්න. (Early Access කියන එක උඩ click කරන්න එපා.)

  • දැන් Java Se Downloads යටතේ තියෙන JAVA කියන එක උඩ click කරන්න.


  • දැන් open වෙන window එකේ Java Se Development Kit 8u11 යටතේ තියෙන list එකෙන් ඔයාලගේ machine එකේ තියෙන OS එකට හරියන Link එක click කරලා download කරගෙන install කරගන්න.. (මතක ඇතුව download කරන්න කලින් Accept License Agreement කියන එකට tic එක දාලා ඉන්න. නැත්නම් download කරගන්න දෙන්නෙ නෑ..)


                                                                                                                                                                   

Setting JAVA Environment Variable (PATH)

දැන් අපි JDK install කරලා තියෙන නිසා java programm ලියලා run කරන්න පුළුවන්. හැබැයි අපිට තාම නිකම්ම CMD (command prompt) එක open කරපු ගමන්ම java run කරවන්න බෑ. ඒකට හේතුව තමයි අපි Java ඕනම තැනක ඉඳන් use කරන්න පුළුවන් වෙන විදියට variable path එකක් set කරලා නැති නිසා. දැන් එහෙනම් බලමු කොහොමද PATH එක හදන්නෙ කියලා..

  • මුලින්ම java install කරපු තැනට ගිහින් address bar එකේ තියෙන address එක copy කරගන්න ඕන. 
  • (c වල program files වල java කියලා folder එකක් ඇති ඒක ඇතුලෙ jdk කියලා folder එකක් ඇති ඒක ඇතුලෙ තියෙන bin එක ඇතුලට ගිහිල්ලා address bar එක click කරාම එන path එක copy කරගන්න.) 

  • ඔයාලා 64bit jdk එක නම් install කරේ java folder එක ඇත්තෙ C වල Program files වල..
  • 32bit jdk එක නම් install කරේ java folder එක ඇත්තේ C වල Program files (x86) වල..

  • දැන් කරන්න තියෙන්නෙ copy කරගත්ත path එක දාලා variable එකක් හදන එක.. ඒකට මුලින්ම MyComputer icon එක උඩ right click කරලා Properties කියන එක click කරන්න.
  • පස්සෙ එන Properties window එකේ තියෙන Advanced system settings කියන එක click කරන්න.

  • දැන් open වෙන window එකේ advanced tab එකේ පහලින්ම තියෙන Environment variables කියන button එක click කරන්න.

  • දැන් open වෙන window එකේ තියෙන System variable යටතේ තියෙන list එක පොඩ්ඩක් පහලට අරගෙන ඒකෙ තියෙන path කියන එක select කරලා (click කරලා) edit කියන button එක click කරන්න.

  • දැන් ඊළඟට open වෙන window එකේ තියෙන Variable_value කියන එකේ අවසාන කෙළවරට ගිහිල්ලා semi colan (;) එකක් තියලා අපි කලින් copy කරගත්ත path එක paste කරලා OK කරන්න. දැනට තියෙන දේවල් මැකෙන්න දෙන්න එපා හොඳද..
  • (Variable_value කියන එක උඩ click කරලා key board එකේ තියෙන End button එක එබුවනම් අවසාන කෙළවරට යනවා. දැන් semi colan එකක් තියලා Ctrl + V එබුවනම් වැඩේ හරි. දැන් OK කරන්න.)


දැන් එහෙනම් ඔක්කොම හරි.. ඔන්න දැන් අපේ machine එකේ ඕනම තැනක ඉඳන් අපිට JAVA PROGRAM එකක් RUN කරවන්න පුළුවන්..

වැඩේ sure එකටම වැඩද කියලා බලන්නත් එක්ක Command prompt එක open කරලා javac කියලා type කරලා enter කරන්න.



දැන් මෙන්න මෙහෙම තේරෙන්නෙ නැති මොනවා හරි ගොඩක් වැටෙනවා නම් අපේ වැඩේ හරි..

එහෙනම් කට්ටිය Java program එකක් ගහන්න පුළුවන් වෙන්න machine එක හදාගෙන ඉන්නකො.. අපි ඊළඟ කොටසෙ ඉඳන් මුල සිට Java ඉගෙන ගමු... මම එහෙනම් අදට යනවා. ඉක්මනටම හමුවෙමු. කාටහරි අවුලක් ආවොත් අහන්න කියලා දෙන්නම්..

මතුසම්බන්ධයි..


34 comments:

  1. සුපිරි මචන්.. දිගටම යන් (y)

    ReplyDelete
  2. mhn OOP kiyala denwda?

    ReplyDelete
  3. machan maxa..mula idanma yanawa..uba download karaganta oni mona link akenda kiyalat kiyanawa..danuma bedaganta awanka kamattak tiyena bawa penawa.digatama karagena yanta..tawat ube danuma wadi diyunu wewa.gl

    ReplyDelete
    Replies
    1. thanks macho.. mama kapu katta tawa kenekta danenne nati wenna mata ona bn.. :-)

      Delete
  4. Thanks oyata. godak watinawa. oya wage kiyala dena aya adui. hitha hodin karana wada nisa ...oyata hamadema hari yanawa.Oyata jaya pathanawa.

    ReplyDelete
    Replies
    1. Thanks bro.. tawa ekkenekta hari paniwide denna mata karana udawwak widiyata.. mata e athi.. :-)

      Delete
  5. එල අයියේ ගොඩක් වටිනවා ඉගෙනගන්න අපිට

    ReplyDelete
  6. එල අයියේ ගොඩක් වටිනවා ඉගෙනගන්න අපිට

    ReplyDelete
  7. 8u11 කියලා එකක් නෑ නේ ?

    ReplyDelete
  8. supiri wadak bro,thank you very much,keep up the good work

    ReplyDelete
  9. niyamai aiye.mula idalama yana hinda supiri.

    ReplyDelete
  10. Kisima deyak maga arenne nathi widihta kiyala deela thiyenawa
    Niyamai saho

    Java downloading

    ReplyDelete
  11. Supiriyatama kiyala denawa thanks

    ReplyDelete
  12. PattI broo...thanks digtma kramu

    ReplyDelete
  13. kiyala dena eka hodata terenwa, thank you

    ReplyDelete
  14. pattai ah.apita ugannana melo deyak teren nathuwa tiththa wela unne..meka dakkama gammaka awa bn.un dana gaththta ewa ugannanna teren na ..

    ReplyDelete
  15. mage win 10 vala meka vada kare na. udauvak ona

    ReplyDelete
  16. dn blog eka liyanna adahasak nathda ayya

    ReplyDelete
  17. ayiye mama jdk ek download klam ek C eke program file ekt wetila neni.. hebeyi downlod file wala nm thinwa. ethakota address ek copy kragnne download file wal thin then address ekd.(C ekt wetil nethi nisa)

    ReplyDelete

Contact Form

Name

Email *

Message *