Pages

Friday, August 1, 2014

Programming in Sinhala ( Summary )

පහසුවෙන් Programming ඉගෙන ගනිමු. ( අවසාන කොටස )




ඔයාලා නොදන්නවා වුනාට මාව මේ විදියට හදපු මගේ තාත්තා නැතිවෙලා අවුරුද්දෙ දානෙ තිබුනෙ මේ මාසෙ.. ඒකෙ වැඩයි, end exam එකයි නිසා මාසෙකින් විතර අපේ කුප්පිය වෙනුවෙන් මට මුකුත් කරගන්න බැරි වුනා. මොකද මම අමතර වැඩ කලාට academic කරේම නෑ වගේ නිසා මේ දවස් වල ඒවට ටිකක් මහන්සි වෙන්න වුනා. ඊටත් වඩා අපේ campus එකේ අයට කුප්පි ටික දාල දෙන්නත් ඕනනේ.. exam අතර මග free දවසක් ආපු නිසා අද මම post එකක් දාන්න කියලා හිතාගෙන තමයි ආවෙ..

ඇත්තටම අපි දැන් ඕනම programming language එකක් ඉගෙන ගන්න කෙනෙක්ට අවශ්‍ය කරන පොදු theory ටික දන්න නිසා මට දැන් තියෙන්නේ C Programming language එක හරි Java Programming language එක හරි පටන් අරගෙන ඒකට අදාළව Theory කියලා දෙන එක. මම කලින් හිතාගෙන හිටියෙනම් පොදු theory ටික ඉවර වුනාට පස්සෙ C Programming language එක මුල ඉඳන්ම කියලා දෙනවා කියලා. ඒත් ඇත්තටම මේ වෙනකොට හැම campus එකකම වගේ C ඉවර වෙලා තියෙන්නේ. ඒක නිසා මම මේ වෙලාවෙ Java පටන් ගන්න එක ගොඩක් දෙනෙකුට වටිනවා කියලා හිතෙනවා. ඒ අතර මට වෙලාව තියෙන විදියට C පටන් ගන්නම්. මොකද අපේ Campus යාළුවන්ට ආපහු C ඕන වුනත් ඕන වෙන්නෙ ඊළඟ අවුරුද්ද මුලනේ.. ඒ වෙනකොට කොහොම හරි මම C ටිකත් කියලා දෙන්නම්කො.. 

ඇත්තටම අපි මෙච්චර දවස් උදාහරණ වලට ගත්තෙ C code වුනාට ඒ Theory අපි ඉගෙන ගත්තෙ ඕනම language එකකට පොදුවෙ කියලා අමතක කරන්න එපා හොඳද.. ඒවා ඔලුවෙ තියෙන කෙනෙක්ට ඕනම programming language එකක් තේරුම් ගන්න ලේසියි දැන්. උත්සාහ කරලම බලන්නකො මම කියන්නෙ බොරුද කියලා. දැන් එහෙනම් අපි මෙච්චර දවසක් කරපු දේවල් මොනවද කියලා බලමුකො.. 

අද මට ගොඩක් සතුටු වෙන්න පුළුවන් මොකද මගේ හිතේ තිබුන විදියට අපේ කුප්පියේ පළවෙනි Step එක මෙතනින් ඉවර වෙනවා. මෙච්චර දවස් කරපු දේවල් ගැන ඔයාලගේ අදහස් මාත් එක්ක බෙදාගන්න කියලා මතක් කරන ගමන් ඊළඟට පටන් ගන්න Java Tutorial ටිකත් එක්ක ඔයාලගේ දැනුම තව වැඩි කරගන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරන ගමන් මම එහෙනම් සමුගන්නම්... (ඉක්මනටම Java එක්ක හමුවෙමු..)

සමාප්තයි. 
(කුප්පිය ඉවර නෑ හොඳද.. Java පටන් ගන්නයි යන්නෙ)

41 comments:

  1. thanks machan....ube watina kaalaya me widiyata kepa karanawata....all the best

    ReplyDelete
  2. Arrays Pointer Therenne naha..eka puluwannm Kiyla dennko aiye..oya kiyla dena ewwa hodta therenwa

    ReplyDelete
  3. Godk thnks ayiyt. Api wenuwen ayiyage watina kalaya kapa kalt. Duk kradr mada unt apita me wage udawk krt. Ayiyt godk pin. Math it wla programming igena gaann student kenek. Aththtma meka mta godk watinwa.. Thawa me wage dewl krnn ayiyt dairiya labewa.

    ReplyDelete
  4. ගොඩක් ස්තුතියි.. ඉතාම හොදට තේරුම් ගන්න පහසු විදියට ලියල තියෙනවා. හරිම වටිනවා.

    ReplyDelete
  5. c ekth kiyala dennko aiya.. loku pinak.kalin kiypuwa hdt theruna.tnkz

    ReplyDelete
  6. well done
    to be continued please....

    ReplyDelete
  7. ස්තුතියි ගොඩක් ��

    ReplyDelete
  8. ගොඩක් ස්තුතියි..����

    ReplyDelete
  9. ane aiya c programmig ekath ikmnta patan gannako... oyata godak pin mehema apwedak krla apita udaw karan ekta.. godak wedagath una oyage tutorials. godak thanq oyata ...

    ReplyDelete
  10. oyage campus eka mokkd bro

    ReplyDelete
  11. programming okkoma tka beluwa gdk saralawa hdtma wisthara krla thynwa. thanks a lot. good luck.!

    ReplyDelete
  12. godak vatinava. thank you so much!!!

    ReplyDelete
  13. පිං මචං ඔයාට🙏🏾

    ReplyDelete
  14. Thank you so much, although you wrote this posts ages ago we still read and learn from these, thank you so much keep doing this, going to read every single one :)))

    ReplyDelete
  15. thank you aiye patta watinawa meka

    ReplyDelete
  16. Thamk you oya hinda mama programming hodata igana gatthe.mata me blog mita kalin hamba wunam kiyala hithnawa

    ReplyDelete
  17. මං මේකට ආවෙ වම් මොලකාරයො කියන යූටියුබ් නාලිකාව මගින්.ඇත්තටම සුපිරි.ප්‍රෝග්‍රැමින් ගැන,ඇන්ඩ්‍ඩ්‍රොයිඩ් ස්ටූඩියෝ ගැන ගෙදර ඉදන් තනියම ඉගෙන ගන්න මහන්ස වෙන මට මේ ව්ලොග් සයිට් එකත් ඔයාගෙ යූටියුබ් නාලිකාවත් ගොඩක් වැදගත් උනා. ගොඩක් ස්තූතියි.🙏 👍

    ReplyDelete
  18. thank you so much❤️

    ReplyDelete
  19. GODAK STHUTHI.GODAK PIN

    ReplyDelete
  20. thankyou so much...

    ReplyDelete

Contact Form

Name

Email *

Message *