Pages

Sunday, December 13, 2015

OOP Sinhala Tutorial Part 6 ( Method Overloading )


OOP Sinhala Tutorial Part 6 ( Method Overloading )




අන්තිමටම අපි OOP වල තියෙන constructor එක ගැන, ඇයි ඒක ඕන වෙන්නෙ? කොහොමද හදන්නෙ වගේ දේවල් කතා කරපු නිසා අද මේ සූදානම java class එකක එකම නමින් method ගොඩක් හදන්න පුළුවන් වෙයිද කියලා බලන්න.. ඉතින් එහෙම හදන්න බැරිනම් අපි බලමු බැරි වෙන්න හේතුව මොකක්ද කියලා.. ඊට පස්සෙ අපි කොහොමහරි එකම නමින් methods හදමු.. එහෙනම් කෙලින්ම වැඩේට බහිමුකෝ.. හැබැයි ඔයාලට මේ video එක බැලුවම දැනෙන දේ කියන්න දෙපාරක් හිතන්න එපා...




අපේ කුප්පියෙන් method overloading කියන එක අවශ්‍ය වුනේ ඇයි? කොහොමද ඒක use කරන්නෙ කියලා පොඩි idea එකක් හරි ආවා කියලා හිතනවා.. එහෙනම් අපි ඉක්මනටම OOP වල තියෙන වැදගත්ම topic එකක් වෙච්ච Inheritance කියන්නෙ මොකද්ද කියන එකත් හමුවෙමු.. එහෙනම් සුභ දවසක්...

මතුසම්බන්ධයි..

Thursday, December 3, 2015

OOP Sinhala Tutorial Part 5 ( Constructor )


OOP Sinhala Tutorial Part 5 ( Constructor )




අපි OOP වල තියෙන classes & objects කියන්නෙ මොකක්ද? ඇයි ඒක ඕන වෙන්නෙ සහ කොහොමද use කරන්නෙ කියලා කලින් කතා කරපු නිසා අද මේ සූදානම OOP වල තවත් වැදගත්ම මාතෘකාවක් වෙන Constructor කියන්නෙ මොකක්ද? සහ ඇයි මේක ඕන වුනේ වගේම use කරන්නෙ කොහොමද කියලත් දැනගන්නයි.. එහෙනම් අපි කෙලින්ම වැඩේට බහිමුකෝ.. හැබැයි මේ video එක බැලුවම ඔයාලට දැනෙන දේ කියන්න දෙපාරක් හිතනන්නම් එපා..




දැන් මේක බැලුව නිසා constructor එකක් ගැන පොඩි idea එකක් හරි එන්න ඇති කියලා හිතනවා.. කොහොම වුනත් ඔයාලට ප්‍රශ්නයක් හරි මොනවමහරි අදහසක් තියෙනවානම් comment එකක් දාන්න දෙපාරක් හිතන්න එපා.. ඉක්මනටම OOP වල තියෙන තවත් වැදගත් දෙයක් වෙන Method Overloading කියන්නෙ මොකක්ද සහ ඇයි ඒක වැදගත් වෙන්නෙ කියන එකත් එක්ක හමුවෙමු..

Thursday, November 19, 2015

OOP Sinhala Tutorial Part 4 ( Classes & Objects with Codings )


OOP Sinhala Tutorial Part 4 (Classes & Objects with Coding)




අන්තිමටම OOP වල තියෙන classes & objects කියන්නෙ මොකක්ද කියලා basic idea එකක් ගත්ත නිසා අද අපි බලමු කොහොමද මේ classes සහ objects programming වලදි code කරන්නෙ කියලා.. හැබැයි සිංහලෙන් කියලා දෙන මේ video එක බැලුවම දැනෙන දේ කියන්න දෙපාරක් හිතන්න එපා..




මේක බැලුවට පස්සෙ class එකක් coding කරලා අපේ system එකට අදාළව object හදන හැටි ගැන පොඩි හරි idea එකක් ආවා කියලා හිතනවා.. කොහොම වුනත් ඔයාලට ප්‍රශ්නයක් හරි මොනවමහරි අදහසක් තියෙනවානම් comment එකක් දාන්න දෙපාරක් හිතන්න එපා.. ඉක්මනටම OOP වල තියෙන තවත් වැදගත් දෙයක් වෙන Constructor කියන්නෙ මොකක්ද සහ ඇයි ඒක වැදගත් වෙන්නෙ කියන එකත් එක්ක හමුවෙමු..

මතුසම්බන්ධයි..

Monday, November 16, 2015

OOP Sinhala Tutorial Part 3 ( Classes & Objects )


OOP Sinhala Tutorial Part 3 ( Classes & Objects )




අපි අන්තිමටම Java Standards එක්ක ඕනම කෙනෙක් ලියපු code එකක් තේරුම් ගන්නෙ කොහොමද කියලා බලපු නිසා අද මේ සූදානම OOP වල ප්‍රධානම concept එකක් වෙච්ච Classes and Objects කියන්නෙ මොකක්ද සහ ඇයි එහෙම දෙයක් අවශ්‍ය වුනේ කියලා බලන්නයි.. එහෙනම් සිංහලෙන් කියලා දෙන මේ video එක බලලා තේරෙනවද නැද්ද කියන එකත් අපිට කියන්න අමතක කරන්න එපා..




මේක බැලුවට පස්සෙ class එකක් කියන්නෙ මොකක්ද කියලා පොඩි හරි idea එකක් ආවා කියලා හිතනවා.. කොහොම වුනත් ඔයාලට ප්‍රශ්නයක් හරි මොනවමහරි අදහසක් තියෙනවානම් comment එකක් දාන්න දෙපාරක් හිතන්න එපා.. ඉක්මනටම Classes & Objects codings වලදි use කරන විදියත් එක්ක හමුවෙමු..

මතුසම්බන්ධයි..

Tuesday, September 22, 2015

OOP Sinhala Tutorial - Part 2 ( Standards )


OOP Sinhala Tutorial - Part 2 ( Standards )




ඔන්න අපි කලින් කියපු විදියටම OOP කියන්නෙ මොකක්ද, ඇයි OOP අවශ්‍ය වුනේ කියන එක video tutorial එකක් විදියට දීපු නිසා අද අපි බලන්න යන්නෙ OOP Concepts ඉගෙන ගන්න කලින් අපි ඉගෙන ගත්තු Java codings කොහොමද දැක්ක ගමන් තේරුම් ගන්නෙ කියලා.. කාටහරි OOP introduction එක බලන්න බැරි වුනානම් මෙතනින් ගිහින් බලලාම එන්නකෝ..

මෙන්න එහෙනම් OOP වල දෙවෙනි කොටස..




දැන් ඕනම කෙනෙක් ලියපු java code එකක් දැක්කම පොඩි idea එකක් ගන්න පුළුවන් ගානට හරි තේරුනා කියලා හිතනවා.. එහෙනම් අපි ඊළඟ කොටසින් OOP වල ප්‍රධානම concept එකක් වෙන Classes සහ Objects ගැන බලමු.. 

එතකන් සුභ දවසක්...

Sunday, September 20, 2015

OOP Sinhala Tutorial - Part 1 ( introduction )


Object Oriented Programming ( OOP )




හැමදාම මේක නවත්තන්නෙ නෑ කියලා ලොකු talk දුන්නට ගොඩක් කාලෙකින් අළුත් post එකක් ලියන්න බැරි වුන නිසා මේ පැත්තටවත් ආවෙ නෑ.. ඒත් මේ වැඩේ නවතින්න දෙන්න බැරි නිසා අපි අළුත් ක්‍රමයක් ගැන බැලුවා.. ඇත්තටම ලියන්න ගොඩක් වෙලාව යන නිසයි ලියන්න වුනේ නැත්තෙ.. ඒක නිසා අපි තීරණය කරා videos හදලා upload කරන්න.. ඒක ගැන කට්ටියට එක එක විදියෙ අදහස් ඇති.. කියවන්න කම්මැලි අයට ලේසියි වගේම කියවන්න ආස අයට කම්මැලි වෙයි.. ඒත් වැඩි වෙලාවක් යන්නෙ නැති නිසා ඒ වැඩේ අපිටත් ලේසියි.. හැබැයි අපේ lankadroid.blogspot.com කුප්පිය හරහා තමයි අපි videos දෙන්න හිතන් ඉන්නෙ.. මොකද, අපිට අවශ්‍යම වෙන ඕනම programming language එකකට අවශ්‍ය වෙන programming වල හිතන විදිය තියෙන basic ම ටිකයි Java වල basic ටිකයි තියෙන්නෙ මේකෙ නිසා අපි මේක හරහා තමයි videos ටිකත් දෙන්නෙ.. එහෙනම් අපි මේ OOP වල ඉඳන් video tutorial වලින්ම යමු.. දැන් බලමු මොකද්ද මේ OOP කියන්නෙ කියලා සහ ඇයි අපිට මේ වගේ දෙයක් අවශ්‍ය වුනේ කියන එක..




අළුත් වැඩේ ගැන ඔබේ අදහස අපිට ලබා දෙන්න දෙපාරක් හිතන්න එපා.. ඒ වගේම මේ video එක තේරෙනවනම් like එකක් දාන්නත් අමතක කරන්න එපා.. එහෙනම් අපි ඊළඟට OOP Concepts ඉගෙන ගන්න කලින් ඕනම code එකක් තේරුම් ගන්න ඕන වෙන Standards ගැන බලමු.. 

මතුසම්බන්ධයි...

Sunday, April 26, 2015

OOP Part 4 ( Classes & Objects with Codings )

 Creating an Object from a Class



දැන් අපිට Object එකක් කියන්නෙ මොකක්ද කියන එකයි, Class එකක් කියන්නෙ මොකක්ද කියන එකයි ගැන idea එකක් තියෙන නිසා අපි බලමු කොහොමද මේ දෙක programming වලදි, ඒ කියන්නෙ codings ලියද්දි use කරන්නෙ කියලා.. ඉතින් කාටහරි තාමත් මේ දෙක ගැන හොඳ idea එකක් නැත්නම් මෙතනින් ගිහිල්ලා ඒ ටික බලලම එන්නකෝ. මොකද අද අපි කතා කරන දේට ඒ දේවල් ගොඩක්ම සම්බන්ධ වෙනවා..

Class


අපි කලින් දවසෙ ( OOP Part 3 ) එකෙන් කතා කරපු උදාහරණෙම එහෙනම් ගමු නේද අද? එදා අපි කතා කරේ car sale එකක් ගැනනේ.. ඉතින් ඔන්න එහෙනම් අපි දැන් ඒ හදාගත්තු Car class එකට program එක ලියන්නයි යන්නෙ..




හරි මෙහෙමයි අපිට දැන් මෙතෙන තියෙනවා colour, seats, price, passenger කියලා car එකේ properties ටිකක්. දැන් අපිට මුලින්ම තේරෙන්න ඕන දේ තමයි මේවා තියාගන්න අපි හදන class එකේ variable ටිකක් හදන්න ඕන කියන එක. ඊළඟට ඉතින් variable එකක් හදද්දි එකේ data type එකක් දෙන්න ඕන නිසා මේ properties තියාගන්න හොඳම data types ටික අපි select කරගන්නත් ඕන.. (කාටහරි variable ගැන දැනුම මදියි වගේ හිතෙනවානම් අපේ java list එකේ ඒ ගැන දාලා ඇති පොඩ්ඩක් බලන්න.)


හරි අපි එහෙනම් බලමු මේ properties වලට හරියන data types මොනවද කියලා..





colour කියන එක යටතේ වචන වැටෙන නිසා ඒකෙ data type එක වෙන්න ඕන String එකක්, Seats වලයි passenger වලයි integer number එකක් තියෙන නිසා ඒ දෙකේ data type එක වෙන්න ඕන int එකක්. price කියන එකේ දශම ස්ථාන තියෙන නිසා ඒකෙ data type එක වෙන්න ඕන double එකක්.


හරි අපි දැන් මුලින්ම බලමු මේ ටික කොහොමද class එකක codings විදියට ලියන්නෙ කියලා..




මෙන්න මේ විදියට අපිට Car කියන නමින් class එකක් හදලා ඒක ඇතුලෙ අපිට අවශ්‍ය properties තියාගන්න අවශ්‍ය variables ටික හදාගන්න තමයි තියෙන්නෙ.. ( Java basic වලදි class එකක් හදන හැටි ගැනයි variable ගැනයි අපි කලින් කතා කරලා තියෙන නිසා දැන් ඒ ගැන ආපහු කතා කරන එකේ තේරුමක් නෑ නේද? කාටහරි මේ ගැන තේරුනේ නැත්නම් පොඩ්ඩක් ඒ දෙක බලලා එන්න.)


හරි.. ඊළඟට අපිට කරන්න තියෙන්නෙ මේ class එකට එන්න ඹ්න අනිත් කොටස් ටික. ඒ කියන්නේ අපේ car class එකේ තියෙන functions ටික java වල methods විදියට මේ අපි දැන් ලියපු car class එකේම ලියන එක තමයි.. එහෙනම් බලමුකෝ ඒක කොහොමද කරන්නෙ කියලා..




මෙන්න මෙහෙමයි එතකොට අපේ properties ටිකයි function ටිකයි දාපු complete class එක ලියවෙන්නෙ එතකොට.. ඉතින් මේකෙ කාටහරි තේරෙන්නෙ නෑ වගේ දැනෙනවනම් ඒ method ගැන දැනුමක් නැති නිසා වෙන්න ඕන. ඒක නිසා එහෙම දැනෙන කෙනෙක් ඉන්නවා නම් මෙතනින් ගිහින් ඒක ගැන බලලම එන්නකෝ..


ඔන්න ඔහොමයි ඉතින් class එකකට codings ලියන්නෙ.. ඔන්න අපි කස්ටියටම දැන් ඕනම real world එකකට අදාළව class එකක් ලියාගන්න පුළුවන් නේද? :-) ( ඒකනේ කියන්නෙ හරියට තේරුම් ගත්තොත් පාඩම් කරන්න දේකුත් නෑ, පේන තරම් අමාරුත් නෑ කියලා.)


Object



හරි ඔන්න එහෙනම් දැන් මේ ලෑස්ති වෙන්නෙ කලින් අපි හදපු Class එක use කරලා Programming වලදී Object එකක් හදලා ඒකට අර properties වල values දාන්නෙ කොහොමද කියලා කටපාඩම් නොකර තේරුම් අරන් වැඩේ ගොඩ දාගන්නයි..





මෙන්න මෙහෙම තමයි අපි හදාගත්ත template එකෙන්, එහෙම නැත්නම් class එකකින් object එකක් හදාගන්නෙ.. මේකනම් තෙරෙන්නෙ නැතුව ඇති. ඒක නිසා අපි බලමුකෝ මෙතන මොකක්ද වෙන්නෙ කියලා.. ඊට කලින් අපි මේකෙ මේ අකුරු වගයක් දාලා තියෙන කොටස් ටික මොනවද කියලා අඳුරගෙන ඉමුකෝ..

  • A - ‍මෙතන මේ Car කියලා කියන්නෙ අපි හදාගත්ත class එකේ නමමයි.
  • B - මෙතන මේ ourCar කියලා තියෙන්නේ object එකට අපි දෙන නම. 
  • C - මේ කොටසෙ තමයි Object එකක් හැදෙන part එක තියෙන්නෙ.. 
  • D - මේ සමාන ලකුණෙන් වෙන්නෙ අපි හැමදාම දන්න දකුණු පැත්තෙ තියෙන එක වම් පැත්තට assign කරන්න කියන එකම තමයි..



හරි අපි දැන් කොටස් ටික අඳුරගත්ත නිසා මෙතන වෙන සිද්ධිය තේරුම් ගනිමු. 

ඊට කලින් පොඩ්ඩක් මේ පහළ තියෙන එක බලලම ඉන්නකෝ..




මෙතන වෙන දේ කට්ටියම පොඩ්ඩක් කියලා ඉන්නකෝ එහෙනම්.. මෙතනදි වෙන්නෙ මුලින්ම int කියන type එකේ x කියලා variable එකක් හදලා ඒකට පස්සෙ 5 කියන value එක දාපු එකනේ..

  • ඉතින් මේ වගේම තමයි උඩ අපේ Object එකක් හදන code එකෙත් = ලකුණට වම් පැත්තෙන් වෙන්නෙ Car කියන type එකෙන් ourCar කියලා variable එකක් හැදෙන එක..
  • ඊට පස්සෙ = ලකුණට දකුණු පැත්තේ වෙලා තියෙන්නෙ අළුතින් Car class එක use කරලා Object එකක් හැදෙන එක. මෙතනදි අමුතුවෙන් ඒක මතක තියාගන්න ඕන නෑ ඉතින් අළුතින් හදන නිසා new කියලා ලියලා ඊටපස්සෙ අපි Object එක හදන්නෙ Car type එකෙන් නිසා Car කියලා ලියලා () දාන්න විතරයි තියෙන්නෙ.. මේ වරහන දාන එක ගැන දැනට පොඩ්ඩඩක් මතක තියාගන්නකෝ.. ඉස්සරහට ඒකෙ තේරුමත් තේරෙයි කට්ටයටම..
  • ඉතින් දැන් මෙහෙම වම් පැත්තෙ ourCar කියන නමින් හදපු Car type variable එකට දකුණු පැත්තෙ අළුතින් හැදුනු Object එකේ address එක වැටෙන එක තමයි = ලකුණෙන් වෙන්නෙ..

ඔන්න එහෙනම් Object එකක් හදන හැටි අමුතුවෙන් මතක තියාගන්නෙ නැතුව හැමෝටම තේරුම් ගියා කියලා හිතලා තමයි අපි ඉස්සරහට යන්නෙ.. ඉතින් කාටහරි තේරුනේ නැත්නම් ආපහු පාරක් බලලා හරි තේරුම් ගන්න ඉතිරි ටික බලන්න කලින්..


Object Access


දැන් එහෙනම් අපි Class එකක් හදලා ඒකෙන් Object එකකුත් හදාගන්න දන්න නිසා බලමු කොහොමද මේ Object එක ඇතුලට අපේ වාහනේට අදාළ විස්තර ටික දාගන්නෙ කොහොමද කියලා..




ආ මේ තියෙන්නෙ එහෙම අපි හදාගත්ත ourCar Object එකට values දාන code එකක්නේ.. එහෙනම් අපි බලමු මේකේ මේ වැඩේ වෙන්නෙ කොහොමද කියලා..


  • දැන් නිකමට හිතලා බලන්න අපිට දැන් මොන car එකේද පාට black කියලා දාන්න ඕන? අපේ car එකේ නේද? එහෙනම් අපේ car එකට අදාළව අපි හදාගත්තු Object එක දැන් තියෙන්නෙ කාගෙ ළඟද? ourCar කියන Car type variable එක ළඟනේ..
  • එහෙනම් අපි මුලින්ම කරන්න ඕන value එක දාන්න කලින් ඒ ourCar කියන variable එක access කරන එකයි. හරි ඊළඟට මොකක්ද කරන්න ඕන? දැන් කරන්න ඕන ඒ Object එක ඇතුලෙ තියෙන colour කියන variable එකට අපේ මේ Black කියන value එක දාන එක නේද? 
  • දැන් මතක් කරලා බලන්න අපි java වලදි මොකක් හරි ඇතුලෙ කියලා කියන්නෙ කොහොමද? dot එකකින් නේ? එහෙනම් අපිට දැන් ourCar Object එක ඇතුලෙ තියෙන colour කියන variable access කරන්න වෙන්නෙ එහෙනම්, ourClass.colour කියලා නේද? එහෙනම් මේ දැන් අපි ඉන්නෙ ඒ variable එක ළඟ නිසා දැන් අපිට කරන්න තියෙන්නෙ සාමාන්‍ය විදියටම ඒ variable එකට value එක දාගන්න එක විතරයි.. 



තේරුනා නේද? එහෙනම් අනිත් Properties ටික add කරන එක තනියම කරගන්න පුළුවන් නේද??

ඉතින් මේ වගේම තමයි ඒ class එක ඇතුලේ තියෙන method එකකට call කරන්නෙත්.. මුලින්ම ourClass කියන variable එක ළඟට ගිහින් ඊට පස්සෙ ඒක ඇතුලට යන්න ඕන නිසා dot එකක් ගහලා අවශ්‍ය method එකට call කරන්න විතරයි තියෙන්නෙ.. ( ourClass.drive(); )

ආ දැන් කට්ටියට තේරුනානම් අපි මේ හදපු අපේ Car class එක use කරලා අල්ලපු ගෙදර car එකේ විස්තර දාගන්නත් program එකක් ලියන්න බලන්න..




දැන් අපිට අවශ්‍ය කරන අපේ system එකේ තියෙන ඕනම real world object එකකට අදාළව class එකක් හදාගෙන ඒකෙන් කැමති නම් වලින් Object එහෙමත් හදලා ඒවා ඇතුලට අපිට අවශ්‍ය කරන values දාගන්නෙ කොහොමද කියලා තේරෙනවා නේද? හිතන තරම්ම අමාරු නෑ ඇත්තටම මේ දේවල් හරියටම තේරුම් ගත්තොතින්නම්.. ඒත් මුලදි පොඩ්ඩක් පැටලෙනවා වගේ දැනෙයි. ඒක නිසා දෙවෙනි පාරකුත් බලන්න පුළුවන්නම් හොඳයි කියලා තමයි හිතෙන්නෙ.. එහෙනම් අපි අළුත් කොටසක් එක්ක ඉක්මනටම හමුවෙමුකෝ..

Friday, April 24, 2015

OOP Part 3 ( Classes & Objects )


Classes and Objects in OOP


දැන් අපිට ඕන java code එකක් දැක්කම සම්පූර්ණයෙන්ම බැරි වුනත් පොඩි හරි idea එකක් ගන්න පුළුවන්නෙ ඒකෙන් වෙන්නෙ මොකක්ද කියලා.. තාමත් එහෙම බැරි කෙනෙක් ඉන්නවානම් මෙතනින් ගිහින් බලන්න කොහොමද අපි එහෙම code එකක් දැක්ක ගමන් ඒක ගැන idea එකක් ගන්නෙ කියලා.. එහෙනම් දැන් අපි අද දවසෙ මාතෘකාවට බහිමු.

අද අපේ මාතෘකාව වෙන්නෙ classes & objects නේ.. ඇත්තටම මේක ගැන කතා කරන්න හිතුවේ OOP ගැන කතා කරනවනම් අනිවාර්යෙන්ම මේ දෙක ගැන හොඳටම idea එකක් තියෙන්න ඕන නිසයි. (definition නෙවෙයි මොකක්ද මේ කියලා idea එකක්) මොකද මේ දෙක මත තමයි OOP කියන concept එක තනිකරම දුවන්නෙ. ඉතින් මුල හරියට දාගත්තෙ නැති වුනොත් මෙතනින් එහා කිසිම දෙයක් තේරෙන එකක් නෑ. ඒකයි අද මාතෘකාව විදියට මේ දෙකම තෝරාගත්තෙ..


Objects


මුලින්ම අපි Object එකක් කියන්නෙ මොකක්ද කියලා බලමු. මොකද classes ගැන කියලා object ගැන කියනවට වඩා අපිට තේරුම් ගන්න ලේසියි Objects .ගැන කියලා classes ගැන කතා කලොතින්.. මොකක්ද මේ එහෙනම් Object එකක් කියන්නෙ? programming පොඩ්ඩක් අමතක කරලා හිතලා බලමුකො මොකක්ද මේ Object එකක් කියන්නෙ කියලා. එතකොට මෙහෙම Object එකක් කියන්නෙ මොකක් හරි දේකට නේද? ඉතින් programming වලදිත් මෙහෙම Object එකක් කියන්නෙ ඒ විදියට ප්‍රායෝගික ලෝකේ පවතින දේවල් වලටම තමයි.  මෙහෙම කිව්වට හරියන්නෙ නෑ අපි හැමදාම වගේ ගමු උදාහරණයක්.

අපිට car sale එකකට system එකක් හදන්න කිව්වා කියන්කෝ.. එතකොට අපිට ඒ system එකට එන real world එකේ objects ටිකක් තමයි car, van , bus වගේ දේවල්. හරිනේ.. එතනින් අපි බලමු මේ real world object එකක් වෙන car එක programming වලදි object එකක් වෙන්නෙ කොහොමද කියලා.




මේ තියෙන්නෙ car එක ගැන අපිට system එකට අවශ්‍ය වෙන data ටිකක්. ඒ කියන්නෙ ඇත්තටම car එකේ තියෙන properties ටිකක්.. ඊළඟට අපි බලමු car එකට කරන්න පුළුවන් දේවල් එහෙමත් නැත්නම් actions මොනවද කියලා..





මේ තියෙන්නෙ car එකට කරන්න පුළුවන් දේවල් (action) ටිකක්නේ.. එහෙනම් මොකක්ද object එකක් කියලා programming වලදි කියන්නෙ??





මෙන්න මේක තමයි car object එක කියන්නෙ.. එහෙනම් මොකක්ද Object එකක් කියලා කියන්නේ? real world එකේ පවතින දේක (object එකක) තියෙන properties සහ actions (function) එකට ගත්තම ඒකට කියනවා object එකක් කියලා.. දැන් object එකක් කියන්නෙ මොකක්ද කියලා පොඩි හරි idea එකක් එනවා නේද?



Classes


දැන් object එකක් කියන්නෙ මොකක්ද කියලා idea එකක් තියෙන නිසා අපි බලමු මොකක්ද මේ class එකක් කියන්නෙ කියලා.. class එකක් කියන්නෙ ඇත්තටම template එකක් එහෙමත් නැත්නම් අච්චුවක් කියලා දැනට පොඩ්ඩක් ඔලුවට දාගන්නකෝ.. 

දැන් අපි කලින් උදාහරණෙම ගමු. ඒකෙදි අපි ගත්තෙ car එකනේ.. ඉතින් මේ car කියන වර්ගෙන් අපිට මේ sale එකේ අපේ ගෙදර එකයි, එහා ගෙදර එකයි වගේ දෙකම තිබුනා කියලා හිතන්නකෝ.. දැන් එතකොට ඒ දෙකේම පාටවල් සමාන වෙනවද? price එක සමාන වෙනවද? එහෙනම් මේ properties එකකට එකක් වෙනස් වෙනවා නේද? හැබැයි වෙනස් වෙන්නෙ property එකේ value එක විතරයි property එකේ type එක වෙනස් වෙන්නෙ නෑ..




හැම වාහනේකටම අදාළව colour, seats, price, passengers කියන properties ටික පොදුවෙ තියෙනවා, drive, reverse, park, engineStart කියන function ටිකත් තියෙනවා.. එහෙනම් මෙන්න මේ විදියට object එකකට අදාළව තියෙන Properties සහ Functions එකට දාලා හදාගන්න template එක එහෙමත් නැත්නම් අච්චුවට තමයි class එකක් කියලා කියන්නෙ..

එතකොට දැන් system එකට අපේ ගෙදර car එක ගැන විස්තර දාන්න ඕනනම් මේ class එක (අච්චුව) use කරලා object එකක් හදාගෙන ඒකේ properties ටිකට අපේ ගෙදර car එකට අදාළ values ටික දාගන්න විතරයි තියෙන්නෙ.. එහා ගෙදර එක ඕනනම් ඒ වගේම තව object එකක් හදාගෙන ඒකට අදාළ values ටික දාගන්නයි තියෙන්නෙ.. තේරෙනවා නේද මේ එක අච්චුවක් එහෙමත් නැත්නම් class එකක් හදාගෙන ඒකෙන් object හදාගන්න එක නිසා අපිට වැඩේ ගොඩක්ම ලේසි වෙනවා කියලා.. ඒකයි අපි මේ කතා කරන OOP වලටත් මේ දෙන්නා ගොඩක්ම වටින්නේ..


ඔන්න දැන් class එකක් කියන්නෙ මොකක්ද කියලයි object එකක් කියන්නෙ මොකක්ද කියලයි පොඩි හරි idea එකක් දැනෙන්න ඇති කියලා හිතෙනවා.. එහෙනම් අපි OOP වල ඊළඟ කොටසත් එක්ක ඉක්මනටම හමු වෙමු. දිගටම අපිත් එක්ක ඉඳලා සුපිරි වෙනසක් කරමු මේ programming වල..

Tuesday, April 21, 2015

OOP Part 2 ( Standards )


Object Oriented Programming ( Basic )


අපි කලින් දවසේ OOP කියන්නෙ මොකක්ද, ඇයි OOP ඕන වුනේ වගේ දෙවල් කතා කරපු නිසා අද බලමු මේ OOP Theory වලට බහින්න කලින් අපිට java වලින් මොනවද දැනගෙන ඉන්න ඕන කියලා.. මොකද ඒ ටික හරියට තේරුම් ගත්තොත් අපිට පුළුවන් වෙයි ගොඩක් ඉක්මනට හැමදේම තේරුම් ගන්න.. එහෙනම් අපි කෙලින්ම වැඩේට බහිමු.. ඊට කලින් OOP ගැන හරියට idea එකක් නැති අය මෙතනින් ගිහින් ඒ ගැන පොඩ්ඩක් බලලම එන්නකෝ..




අපි programming කරන්න යද්දි ඇත්තම කතාව අපිට 100 % ක් මේ codings මතක තියාගෙන ඉන්න බෑනේ.. ඉතින් කාට හරි හිතෙන්න පුළුවන් එහෙම නැතුව අපි කොහොමද program එකක් ගහන්නෙ කියලා නේද? එහෙම හිතෙන අයට කියන්න තියෙන එකම දේ තමයි කවුරු හරි එහෙම පාඩම් කරන්න හිතන් ඉන්නවනම් කරලා බලන්න කොච්චරක් මතක තියාගන්න පුළුවන්ද කියලා.. මොකද code බර ගානක් තියෙනවා එහෙම මතක තියාගන්න ගියොතින්.. ඒක නිකම් බොරු වැඩක්.. ඊට වඩා හොඳයි ඔලුව free එකේ තියාගෙන අළුතින් දෙයක් කරන්න විදියක් හිතන එක..


දැන් කෙනෙක් බලනවා ඇති පාඩම් කරන්න එපා කියනවනම් කොහොමද මේක ඇත්තටම කරන්නෙ කියලා නේද? මෙහෙමයි අපි හැමදාම කරන වැඩ අපිට අමතක වෙනවද? නෑනේ.. ඒ වගේ තමයි අපි program 2, 3ක් ගහද්දි අවශ්‍ය basic ම ටික මතක හිටිනවා..  පාඩම් කරගන්න ඕන නෑ.. ඉතින් අපිට ඊට වඩා අවශ්‍ය වෙන දෙයක් තියේනම් අපිට ඒකට තමයි GOOGLE දෙයියා ඉන්නෙ.. ඔන්න දැන් කට්ටිය හිතනවා Copy Paste ගේමක් ගහන්න පුළුවන් කියලා.. බලන්නකො එහෙම පුළුවන්ද කියලා.. ඇත්තටම බෑ.. මොකද එ් code එකෙන් මොකක්ද වෙන්නෙ කියලා අපිට තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕන එහෙම copy කරලා ගන්න වුනත්.. ඉතින් ඒ කියන්නෙ අපිට වෙන කෙනෙක් ලියපු අපේ නොවෙන code එකක් වුනත් දැක්ක ගමන් අඳුර ගන්න පුළුවන් වෙන්න ඕන නේද??


කොහොමද වෙන කෙනෙක් ලියපු code එකක් වුනත් තේරුම් ගන්නෙ??


නිකමට හිතලා බලන්න අපිට code එකක් දිහා බැලුවම මේක class එකක්, මේක method එකක්, මේක variable එකක් මේකෙන් වෙන්නෙ මේකට call කරලා මේ ටික run වෙනවා වගේවත් අපිට තේරුම් ගන්න බැරිනම් අපි කොහොමද GOOGLE එකෙන් වත් වැඩක් ගන්නෙ.. මුලින්ම අපිට මෙතන හදාගන්න වෙනවා.. මේ දේවල් Syllabus එකක අපිට කියලා දෙන්නෙ නෑ.. ඒවා අපි තේරුම් ගන්න ඕන.. එහෙනම් අපි බලමු කොහොමද එහෙම තේරුම් ගන්නෙ කියලා..


අපි හැමදාම use කරන මේ System.out.println(); එකේ මොකක්ද කියලා තියෙන්නෙ කියලා කාටහරි කියන්න පුළුවන්ද?





පුළුවන් කට්ටිය ඇති.. එහෙම කියන්න බැරි කෙනෙක් ඉන්නවානම් අවුල් ගහන්න එපා ඒ කෙනාත් අන්තිමටම මේකෙ තේරුම අනිවාර්යෙන්ම කියනවාමයි.. 


හරි මෙහෙම හිතමුකො.. අපිට java වල තියෙන int, class, public වගේ Key words අඳුරගන්න පුළුවන්නෙ ඒක කවුරු ලිව්වත්.. එහෙම අඳුර ගන්න බැරි වෙනවා නම් බැරි වෙන්නෙ එහෙම පුද්ගලයාගෙ කැමැත්තට program එකේ ලියපු වචන විතරයි.. ඉතින් එහෙනම් මුලින්ම බලමු එහෙම අපිට කැමති විදියට Program එකක වචන ලියවෙන්නෙ මොන වගේ තැන් වලද කියලා..




මෙන්න මේ තැන් වලදි නේද අපිට ඕන විදියට අපි වචන දාන්නෙ?? එහෙනම් මේ වගේ තැන් වලට නම් දාද්දි හැමෝම එකම standard එකකට නම් දානවනම් අපි ඕන කෙනෙක්ට දැක්ක ගමන් මේ මොකක්ද කියලා කියන්න පුළුවන් නේද??

දැන් එහෙනම් බලමු අපි කොහොමද මේ වගේ නම් අඳුරගන්නෙ කියලා..





දැන් අඳුරගන්න පුළුවන් කෙනෙක් කියන්න බලන්න මේ person කියලා තුන් පාරක් ලියලා තියෙන්නෙ මොනවද මේ කියලා.. (මෙතන එකක් variable එකක්, අනික class එකක්, අනිත් එක method එකක්)

එහෙම දැක්ක ගමන් කියන්න පුළුවන්ද?? මෙහෙමයි ඒ තුන අඳුරගන්නෙ.

  • Class එකක් නම් වචනෙ පටන් ගන්නෙ CAPITAL අකුරකින්..
  • එහෙනම් SIMPLE අකුරකින් පටන් ගන්නෙ එක්කො method එකක්, නැත්නම් variable එකක්නේ..
  • method එකක් නම් අන්තිමට වරහනක් එනවා..
  • එහනෙම් SIMPLE අකුරකින් පටන් අරගෙන අන්තිමට වරහනක් තියෙනවානම් ඒක method එකක්, SIMPLE අකුරකින් පටන් අරගෙන වරහනක් නැත්නම් ඒක Variable එකක්..

එහෙනම් දැන් එන්න පුළුවන් ඕනම නමක් දැක්කම අඳුරගන්න පුළුවන් නේද? 

හා පුළුවන්නම් මේ ටික කියන්න බලන්න...




  • පළවෙනි එකෙයි දෙවෙනි එකෙයි මුල අකුරු Capital නිසා ඒ දෙක classes..
  • දැන් මෙතන String කියන්නෙ එතකොට class එකක්ද? ඔව්.. data type එකක් නෙවෙයිද? නෑ.. මතකනේ java වල data type 8යිනෙ තියෙන්නෙ.. මතක නැත්නම් ඒ ටික මෙතනින් බලලා එන්නකෝ..
  • out කියන එක simple වලින් පටන් අරගෙන වරහන් නැති නිසා ඒක variable එකක්..
  • print() කියන එකයි, exit() කියන එකයි simple වලින් පටන් අරගෙන වරහන් තියෙන නිසා ඒවා methods..

දැන් එහෙම තේරෙනවා නේද??? හී... :-D


තව එක දෙයක් දැනගත්තනම් අපිට ගොඩක් coding පේලි වලින් කියවෙන දේවල් තේරුම් ගන්න පුළුවන් වෙනවා.. 




ඒ තමයි මේක.. දැන් මේ මොකක්ද කියලා බලන්න එපා.. java වලදි මේ dot එක (dot operator)  කියන්නෙ ගොඩක් වැදගත් දෙයක්.. 

මේක use කරන්නෙ මොකක් හරි දෙයක් ඇතුලෙ කියලා අදහස් කරන්න.. මෙහෙම හිතන්නකො..
String.equals() කියලා තිබුනනම් අපිට වෙන වෙනම අඳුරගන්න පුළුවන්නෙ String කියන්නෙ class එකක් equals() කියන්නෙ method එකක් කියලා.. දැන් මේ අතර මැද dot එකෙන් කියවෙන්නෙ String කියන class එක ඇතුලෙ තියෙන equals() කියන method එකට තමයි මේ call කරන්නෙ කියලා.. ( දැක්ක නේද එක dot එකකින් කොච්චර තේරුමක් දුන්නද කියලා.. :-p )

හා දැන් මේ ඔක්කොම තේරුනා නම් කියන්න බලන්න මේකෙන් මොකක්ද කියවෙන්නෙ කියලා...




එහෙනම් මේකෙන් කියවෙන්නෙ System කියන class එක ඇතුලෙ out කියලා variable එකක් ඇති ඒ out කියන variable එකට අදාළව println() කියලා method එකක් ඇති ඒකට call කරන්න කියලා නේද??

දැනට මේ ගානට තේරෙනවා නම් හොඳටම ඇති.. මොකද අපි OOP ඉගෙන ගන්න කොට මේ ටික තෙරෙනවානම් හැම දේකම තේරුම තේරුම් යන්න පටන් ගන්නවා.. එතකොට ඉතින් programming කියන එකත් වතුර වගේ තමයි.. :-p එහෙනම් අදට මේ ඇති නේද? අළුත් කොටසකුත් එක්ක ඉක්මනටම හමුවෙමුකෝ..

Thursday, April 16, 2015

OOP Part 1 ( introduction )


Object Oriented Programming ( OOP )


ගොඩක් කාලෙකින් මේ පැත්තෙ එන්න බැරි වුන නිසා සමහර අයට හිතෙන්න ඇති මේ කුප්පියත් web එකේ තියෙන අනිත් sinhala කුප්පි වගේම නැවතිලා ගියා කියලා.. අපොයි නෑ.. කවදාවත්ම එහෙම වෙන්න දෙන්නෙත් නෑ.. වැඩ හැමදේම තියෙන විදියට balance කරන්න ඕන නිසා පොඩ්ඩක් පරක්කු වෙන්න පුළුවන්.. ඒත් කවදාවත් මේ වැඩේ නවතින්නනම් දෙන්නෙ නෑ.. මොකද මේ කුප්පියෙ ප්‍රධානම අරමුණ ලංකාවේ විශ්වවිද්‍යාල වල ඉන්න පිටින් course කරන්න තරම් වත්කමක් නැති ළමයින්ට අසරණ වෙන්න නොදී එයාලට අවශ්‍ය දැනුම තේරෙන සිංහලෙන් ලබා දෙන එක.. ඒක නිසා මේ වැඩේ කවදාහරි නවතිනවනම් නවතින්නෙ campus වල දැනට තියෙන computer science syllabus එකෙන් සැලකිය යුතු මට්ටමකට basic ටික හරි ලබා දුන්නට පස්සෙයි.. ඒක නිසා වැඩේ නැවතුනා කියලා හිතුන අයට ආපහු කියන්නම් මේක අතෑරලා යන්නෙ නෑ කවදාවත්...




OOP කියන්නෙ මොකක්ද?

ගොඩක් අය හිතාගෙන ඉන්නෙ මේ OOP කියන්නෙ java වගේ language එකක් කියලා.. ඒත් මේක language එකක් නෙවෙයි.. මුලින්ම අපි ඒක තේරුම් ගමු.. එහෙනම් මොකක්ද මේ Object Oriented Programming, OOP කියලා කියන්නේ?? ඇත්තටම මේක Concept එකක්.. Programming ලේසි කරගන්න හදාගත්තු concept එකක් තමයි මේ OOP කියලා කියන්නෙ.. ඉතින් මුලින්ම කියන්නම් මේක industry එකේ ගොඩක්ම use වෙන concept එකක් නිසා මුල ඉඳල හොඳටම තේරුම් ගත්තොතින් job එකකට යන කාලෙකටත් ඒක ගොඩක් වටීවි..


ඇයි අපිට OOP අවශ්‍ය වුනේ?

අපි දැන් කිව්වනේ මේ OOP කියන්නෙ concept එකක් කියලා.. එහෙනම් අපි බලමු මෙහෙම concept එකක් අපේ programming field එකට ආවෙ ඇයි කියලා.. නිකමට හිතලා බලන්නකො අපි දැනට කොහොමද program එකක් ගහන්නෙ කියලා... ඇත්තටම අපි දැනට කරන්නෙ එකම file එකක අවශ්‍ය හැමදේම ලියාගෙන ලියාගෙන යන එක නේද? දැනටනම් අපිට කිසිම ප්‍රශ්නයක් ඇවිත් නෑ.. ඒ අපි ලොකු ලොකු program ලියලා නැති නිසයි.. අපි මේ දේ හරියටම තේරුම් ගන්න පොඩි උදාහරණයක් ගමු..

අපි හිතමු අපිට තොග කඩේකට software එකක් ගහන්න දුන්නා කියලා.. දැන් එතකොට අපිට අපේ program එක ලියපු file එකේ coding පේලි කීයක් විතර එයිද?? නිකමට හිතන්න පේළි 80 000 ක් විතර කියලා.. (ඊට වැඩියි හොඳද.. )




දැන් මේ code පේළි 80 000 මැද එක error එකක් ආවොතින් අපිට ඒක හොයාගන්න කොච්චර වෙලාවක් යයිද? කොච්චර අමාරු වෙයිද?

මෙහෙම හිතන්නකෝ.. අපි ඔන්න කඩේ software එක කොහොම හරි කරලා හදලා ඉවරයි.. දැනට මේ software එකෙන් කඩේ තියෙන stock එක ගැන details තියාගන්නෙ නෑ කියලත් හිතන්නකෝ.. ටික දවසකින් මේ කඩේ අයිතිකාරයට හිතෙනවා ඒකත් system එකට දාගන්න ඕන කියලා.. දැන් මේ code පේළි 80 000 ක program එකක අවශ්‍ය තැන් වෙනස් කර කර අළුතින් කොටසක් එකතු කරන්න කොච්චර ගේමක් දෙන්න වෙයිද??

මෙන්න මේ නිසා OOP concept එක එන්න කලින් computer system හදන්න ගිය වියදමට වඩා දහස් ගුණයකින් යනවලු ඒවා නඩත්තු කරන්න.. ඉතින් ඒ වගේ system එකක් දුවන එක කොච්චර පාඩු වෙයිද කියලා තේරෙනවනේ.. මේ හේතුව නිසා තමයි නඩත්තුව පහසු කරවන අළුත් ක්‍රමයක් ඒ කාලෙ ඕන වෙලා තියෙන්නෙ.. අන්න ඒ අවශ්‍යතාවය උඩ තමයි ලෝකෙට OOP කියලා concept එකක් එන්නෙ..


කොහොමද OOP ලේසි වෙන්නෙ??

මෙන්න මෙහෙම සිද්ධියක් තමයි OOP වලදි වෙන්නෙ.. අර software එකම හදනවා.. හැබැයි එකම file එකක නෙවෙයි දැන් අපි හදන්නෙ.. මුලින්ම software එකේ කොටස් කොටස් වෙන් කරගන්නවා.. වෙන් කරගෙන එක කොටසක් එක file එකක ගානෙ කලින් software එකම කොටස් ගොඩකට හදලා අන්තිමට ඒක එකතු කරන එක තමයි මේකෙදි කරන්නෙ..

මෙතනදි තව දෙයක් අපි කරනවා.. ඒ තමයි අපිට තියෙන එක වගේ වැඩ කොටස් වල පොදු ආකෘතියක් මුලින් එක කොටසක් විදියට හදාගන්නවා.. ඊට පස්සෙ අපි අවශ්‍ය වෙලාවට ඒ කොටස අරගෙන modify කරලා අපිට අවශ්‍ය දේ හදාගන්නවා.. මේ ක්‍රමේ නිසා අපිට programming වල එකම වගේ code නැවත නැවත යෙදෙන එක නවත්තලා අවශ්‍ය දේවල් එකම තැනක තියලා නැවත නැවත භාවිතා කිරීමේ හැකියාව ලැබෙනවා.. 

ඉතින් දැන් කෙනෙක්ට හිතෙන්න පුළුවන් මෙහෙම කරා කියලා කොහොමද නඩත්තුව ලේසි වෙන්නෙ කියලා නේද? එහෙනම් නිකමට හිතලා බලන්නකො කලින් අමාරු වුනේ ඇයි කියලා.. කලින් අමාරු වුනේ එකම file එකක තියෙන නිසා තියෙන කොටසක් වෙනස් කරන්න හරි අළුතින් කොටසක් එකතු කරන්න හරි ගියාම ලොකූ code එකක් පුරාම ඔලුව මහන්සි කරන්න වුන නිසා නේද? දැන් කොහොමද තියෙන්නෙ? දැන් පොඩි පොඩි කොටස් විදියට තියෙන්නෙ.. ඉතින් දැන් කොටසක් වෙනස් කරන්න වුනොත් අදාළ කොටස විතරක් වෙනස් කරගන්න පුළුවන් ලේසියෙන්ම.. ඊටත් අමතරව අළුතින් කොටසක් එකතු කරන්න ඕන වුනොත් දැනට තියෙන ටිකම ආකෘතියක් විදියට අරගෙන ලේසියෙන්ම modify කරලා අළුත් වැඩ කෑලි අනිත් තැන් වලට බලපෑමක් නොවෙන්න එකතු කරන්න පුළුවන්.. දැන් ලේසියි කියලා හිතෙනවා නේ... :-p



තේරෙනවා මෙහෙම කිව්වා කියලා OOP ගැන ලොකු IDEA එකක් එන්නෙ නෑ කියලා.. ඒත් කලින් තිබුනට වඩා චූටිම චූටි IDEA එකක් හරි ආවානම් ඒ හොඳටම ඇති.. ඒක නිසා උඩ කියපු හැමදේම තේරුනේ නෑ කියලා නම් දුක් වෙන්න එපා.. පොඩි IDEA එකක් ගත්තනම් අපිට දැනට ඇති.. මොකද අපි OOP වල කොටසින් කොටස ඉස්සරහට හොඳටම ඉගෙන ගන්න නිසා දැන් ඔක්කොම තේරුම් ගන්න ඕනත් නෑ.. එහෙනම් අපි ඉක්මනටම OOP වල කොටස් එක්ක එකතු වෙමු.. ආ.... අපි මේ concept එක ගැන ඉස්සරහට ඉගෙන ගන්නෙ java language එක use කරලා.. ඉතින් දැන් හිතන්න එපා OOP කියන්නෙ java වල කොටසක් කියලා හොඳද.. අපිට ලේසි නිසා අපි java use කරලා OOP ඉගෙන ගන්නෙ.. එහෙනම් ඉක්මනටම හමුවෙමුකෝ..

මතුසම්බන්ධයි...


Tuesday, March 10, 2015

Java Part 13 ( Summary )


Java Summary





අද අපි අපේ java කුප්පියට නැවතීමේ තිතක් තියන්න තමයි මේ ලෑස්ති වෙන්නෙ.. 2014 අගෝස්තු මාසෙ පටන් ගත්තු අපේ මේ පුංචි java කුප්පියෙන් මාස හතක් පුරාවට අපි ගොඩක්ම උත්සාහ කරේ code කටපාඩම් කරලා exam ගොඩ දාගන්නවට වඩා එහා ගිය දෙයක් කරලා programming වල වෙන සිදුවීම් තේරුම් අරගෙන කටපාඩම වෙනුවට අවබෝධය තුලින් Programmer කෙනෙක් විදියට එකතු වෙන්නයි.. ඉතින් හැමෝටම ඒක ඒ විදියටම වෙන්නෙ නැතුව ඇති.. ඒත් ටිකක් හරි හිතන විදිය පුරුදු වුනානම් අපිට ඒ හොඳටම ඇති..

ඉතින් දැන් මේ සූදානම මාස හතක් පුරාවට කරපු ඒ දේවල් වල සාරාංශයක් ඉතුරු කරමින් java කුප්පියෙන් සමුගන්නයි..


  • Get Ready - කොහොමද java program කරන්න machine එක හදාගන්නෙ..
  • Basics - java වල මූලිකම සිද්ධාන්ත..
  • Print Anything - ඕනම දෙයක් අපිට අවශ්‍ය විදියට print කරන්නෙ කොහොමද..
  • Run Java Program - කොහොමද java program එකක් run කරවන්නෙ..
  • Variables / Data types - Java වල තියෙන data types සහ ඒවායෙන් variable හදන හැටි..
  • Casting - කොහොමද variable cast කරන්නෙ..
  • Star Patterns ( I ) - කොහොමද තරු රටාවක් හදන්න හිතන්නෙ..
  • Star Patterns ( II ) - කොහොමද ඕනම තරු රටාවක් හදන්නෙ..
  • Arrays - මොකද්ද array එකක් කියන්නෙ, ඇයි අවශ්‍ය වෙන්නෙ සහ කොහොමද use කරන්නෙ..
  • Methods - මොනවද මේ methods කියන්නෙ..


හැබැයි අපේ programming kuppiya මෙතනින් ඉවර නෑ හොඳද.. :-p අපි එහෙනම් ලඟදීම Object Oriented Programming (OOP) කුප්පිියත් එක්ක එකතු වෙමු.. :-)

Saturday, March 7, 2015

Java Part 12 ( File Handling part 2 )


Java File Handling ( part 2 )


අපිට කලින් කොටසෙදි File Handling යටතේ කතා කරන්න පුළුවන් වුනේ කොහොමද File එකකට data write කරන්නෙ කියන එක විතරයිනෙ.. ඒක නිසා අපි මේ කොටසෙදි File එකකින් data read කරන්නෙ කොහොමද කියලා බලමු.. කෙනෙක්ට කලින් කොටස බලන්න බැරි වුනානම් මෙතනින් ගිහින් ඒක බලලම එන්න.. මොකද මේකටත් ඕන කරන basic ටික තියෙන්නෙ ඒ කොටසෙදි නිසා..

වැඩේ පටන් ගන්න කලින් File එකකට data write කරන විදිය ගැන පොඩ්ඩක් මතක් කරගත්තොත් හොඳයි කියලා හිතෙනවා.. ඒක නිසා අපි දැන් පොඩ්ඩක් ඒ step ටික මතක් කරගෙන ඉමු..


File Writing ( Steps )

  1. File Object එකක් හදාගන්නවා..
  2. File එක දාලා File Writer Object එකක් හදාගන්නවා..
  3. ඒ හදාගත්ත FileWriter එක දාලා BufferedWriter Object එකක් හදාගන්නවා..
  4. BufferedWriter Object එකේ methods use කරලා අවශ්‍ය විදියට file එකට data write කරගන්නවා..


File Reading ( using Buffered Reader )

කලින් write කරද්දි කිව්වා වගේම අපි මේ use කරන Bufferd Reader ක්‍රමේ විතරක්ම නෙවෙයි File එකක් read කරන්න තියෙන්නෙ.. අපිට වැඩේ කරගන්න පුළුවන් එක ක්‍රමයක් විතරක් තිබුනම ඇති නිසා තමයි මේ ක්‍රමේ විතරක් කරන්නෙත්.. අනික මේ ක්‍රමේ ගොඩක් ලේසියි මතක තියාගන්න..


STEP 1

File එකකට data write කරන්න යනකොට අපි මුලින්ම File එක හැදෙන්න ඕන path එක parameter එකක් විදියට දීලා File Object එකක් හදාගත්තනේ.. මේකෙදිත් මුලින්ම කරන්න තියෙන්නෙ ඒකමයි.. අපිට read කරන්න ඕන File එකේ Object එකක් හදන්න ඕන path එක String parameter එකක් විදියට දීලා..





STEP 2

File Write කරද්දි අපි දෙවෙනි step එක විදියට කරේ FileWriter object එකක් හදපු එකනේ.. ඒ වගේම දැන් අපිට File එකකින් data read කරන්න ඕන නිසා දැන් හදන්න ඕන FileReader Object එකක්.. ඉතින් කලින් writer එක හදද්දි වගේමයි FileReader එක හදද්දි අපි කලින් හදාගත්තු, අපිට read කරන්න අවශ්‍ය File Object එක parameter එකක් විදියට දීලා තමයි File Reader Object එක හදන්න ඕන..




STEP 3

කලින් අපි File එකක් Write කරද්දි BufferedWriter Object එකක් හැදුවා වගේම දැන් අපිට ඕන Read කරන්න නිසා දැන් අපිට කරන්න තියෙන්නෙ BufferedReader Object එකක් හදන එක.. ඒකෙදි කලින් වගේම parameter එක විදියට දෙන්න ඕන අපි කලින් හදපු FileReader Object එක..




Final

ඔන්න අපි දැන් File එකකින් data read කරන්න අවශ්‍ය ඔක්කොම වැඩ ටික කරලා තියෙන්නෙ.. දැන් අපිට තියෙන්නෙ දැන් මේ හදාගත්ත Buffered Reader Object එකේ තියෙන method use කරලා File එකකින් data ටික read කරගන්න විතරයි..

අපිට Data read කරගන්න ප්‍රධාන වශයෙන්ම use කරන methods 2ක් තියෙනවා Buffered Reader Object එක ඇතුලෙ..

  1. readLine();
    • මේක use කරන්නෙ File එකේ data line එකක් read කරගන්න..
  2. read();
    • මේක use කරන්නෙ අකුරෙන් අකුර data එක read කරගන්න ඕන වුනාම.. මේකෙන් එක පාරකට එන්නෙ එක අකුරක් විතරයි..

දැන් කෙනෙක්ට ප්‍රශ්නයක් එන්න පුළුවන් අපිට line එකක් හරි අකුරක් හරි නම් එකපාරකට කියවගන්න පුළුවන් කොහොමද file එකක්ම කියවගන්නෙ කියලා.. ඒකට කරන්න තියෙන්නෙ අපේ loop ගැන දැනුම use කරලා file එකම read කරගන්න එක..

මුලින්ම අපි බලමු කොහොමද කලින් කිව්ව ක්‍රම දෙක use කරලා එක අකුරක් හරි පේළියක් හරි කියවගන්නෙ කියලා..




  • මේකෙ පළවෙනි line එකෙන් වෙන්නෙ buffered reader object එකේ තියෙන readLine() method එක use කරලා file එකේ data line එකක් String එකක් විදියට read කරලා ගන්න එක..
  • මෙතනදි විශේෂයෙන්ම මතක තියාගන්න අපි මෙහෙම read කරද්දි file එකේ අවසානයට ගියානම් String value එකක් විදියට එන්නෙ null කියන value එක..
  • දෙවෙනි line එකෙන් ඒ data line එක print කරන එක කරලා තියෙන්නෙ..
  • තුන්වෙනි line එකෙන් කරලා තියෙන්නෙ buffered reader object එකේ තියෙන read() method එක use කරලා එක අකුරක් විතරක් read කරගන්න එක.. මෙතනදි අකුරක් read කරාම එන්නෙ integer value එකක්. ඒකයි අපි ඒක char වලින් cast කරලා char variable එකකට දාලා තියෙන්නෙ..  (කාටහරි casting මතක නැත්නම් අපේ කලින් casting ගැන දාපු post එක බලන්න.. )
  • මෙතනදි විශේෂයෙන්ම මතක තියාගන්න අපි මෙහෙම read කරද්දි file එකේ අවසානයට ගියානම් integer value එකක් විදියට එන්නෙ -1 කියන value එක..
  • අන්තිම line එකෙන් කරලා තියෙන්නෙ අපි read කරගත්තු අකුර print කරන එක..

දැන් අපි බලමු කොහොමද අපේ loop ගැන දැනුම use කරලා මුළු file එකම read කරන්න code එක ලියන්නෙ කියලා..

  1. Using readLine()



  • මුලින්ම අපි readLine() method එක use කරලා එක line එකක් read කරගන්නවා..
  • ඊට පස්සෙ අපි while loop එකක් දාලා එහෙම read කරගන්න value එක null නොවෙනකල් run කරන්න කියලා කියනවා.. ( මොකද null ආවා කියන්නෙ file එකේ data ඉවරයි කියන එක නිසා.. )
  • While loop එක ඇතුලෙදි අපි read කරගත්ත line එක මුලින්ම print කරලා තියෙන්නෙ.. අපිට ඉතින් මෙතනදි print කරනවා වෙනුවට අවශ්‍ය ඕනම දෙයක් කරගන්න පුළුවන්..
  • ඊට පස්සෙ කරලා තියෙන්නෙ අළුත් line එකක් read කරලා අර කලින් variable එකටම දාන එක..

  2.  Using read();

  • දැන් ඉතින් කෙනෙක්ට පුළුවන් අපි කලින් line එකෙන් line එක read කරලා මුළු file එකම read කරපු විදියටම අකුරෙන් අකුර read කරලත් file එකම read කරගන්න.. 
  • ඒකෙදිත් කරන්න තියෙන්නෙ කලින් විදියටම අකුරෙන් අකුර read කරන්න while loop එකක් දාන එකම තමයි. එකම වෙනස වෙන්නෙ මේකෙදි check කරන condition එක වෙන්නෙ read කරලා එන value එක -1 නොවෙනකල් තමයි run වෙන්න ඕන..
  • එහෙනම් ඒක තනියම ලියලම බලන්නකො.. නැත්නම් හිතන විදිය පුරුදු වෙන්නෙම නෑ.. :-) 


මතක තියාගන්න මෙහෙම file read කරද්දිත් කලින් write කරද්දි කිව්වා වගේම එන්න පුළුවන් errors නවත්තන්න coding set එකක් ඇතුලෙ තමයි අවශ්‍ය codings ටික ලියන්න වෙන්නෙ..




අපි දැන් හැමෝම අමාරුයි කියන File Handling කොටස් දෙකක් යටතේ වෙන වෙනමම File Writing සහ File Reading විදියට වෙන දේත් එක්කම තේරුම් ගත්ත නිසා හැමෝටම අවුලක් නැතුව හොඳට තේරෙන්න ඇති කියලා හිතෙනවා.. කාටහරි එහෙම තේරෙන්නෙ නැත්නම් ආපහු පාරක් බලන්න.. ඇත්තටම මේක හිතෙන තරම්ම අමාරු නෑ..  :-)


Wednesday, February 25, 2015

Java Part 11 ( File Handling )


Java File Handling

අන්තිමට අපි method ගැන කතා කරද්දි ඒක java කුප්පියෙ අවසාන කොටස කියලා කිව්වට ගොඩක් අයගෙ ඉල්ලීම මත අපිට ඒකට තව කොටසක් එකතු කරන්න වෙනවා.. ඒ තමයි FILE HANDLING. ඇත්තටම මේක ගොඩක් අයට තේරුම් ගන්න අමාරු කොටසක්. මටත් මුලදි අමාරු වුනා.. හැබැයි මට තේරුනා ඇත්තටම මේක අමාරුයි කියලා හිතෙන්නෙ අපි මේක පටන් ගන්න කලින්ම අමාරුයි කියලා හිතන නිසා කියලා.. ඒක නිසා අපි දැන් මේක පටන් ගන්නෙ අමාරු නෑ කියන තැන ඉඳන් හොඳද.. 

මුලින්ම මම මෙහෙම කියලා ඉන්නම්.. මොකක්ද මේ File Handling කියන්නෙ. file handling කියන්නෙ අපි java program එකක් use කරලා hard එකේ file එකකට මොනවා හරි දෙයක් (DATA) save කරන එක හරි ආපහු එහෙම hard එකේ file එකකින් read කරන එකට..


File Writing (using buffered writer)

ඇත්තටම java වල file එකකට data write කරන්න තියෙන එකම ක්‍රමය මේක නෙවෙයි. ගොඩක් ක්‍රම තියෙනවා... මගේ නම් අදහස මොකක් හරි එක ක්‍රමයක් හරියටම දන්නවනම් ඒ ඇති කියන එක. ඒක නිසා මේ Buffered writer ක්‍රමේ ගැන විතරයි අපි කතා කරන්නෙ.. 

STEP 1

මුලින්ම අපිට File එකක් හදාගන්න වෙනවා data save කරන්න කලින්.. ඒකට කරන්න තියෙන්නෙ java වල දීලා තියෙන File class එක use කරලා object එකක් හදන එක. මෙතනදි වරහන් ඇතුලෙ String එකක් විදියට file එක හැදෙන්න ඕන path එකයි නමයි දෙන්න ඕන. 




මෙතන දීලා තියෙන එකේ හැටියටනම්, D එකේ data1 කියලා text file එකක් තමයි හැදෙන්නෙ..


STEP 2

දෙවෙනියට කරන්න තියෙන්නෙ අපි හදාගත්ත File එකට data write කරන්න writer එකක් හදන එක. ඒකට java වල FileWriter class එකෙන් object එකක් හැදුවනම් වැඩේ හරි.. ‍මෙතනදි වරහන් ඇතුලට දෙන්න ඕන අපි write කරන්න යන file එක.. ඒ කියන්නෙ අපි කලින් හදාගන්තු file object එකේ නම වරහන් ඇතුලට දැම්මනම් වැඩේ ගොඩ..




STEP 3

ඊළඟට අපිට කරන්න තියෙන්නෙ BufferedWriter object එකක් හදලා ඒක ඇතුලට FileWriter object එක දාන එක.. 




Final

දැන් ඉතින් වැඩේ හරි.. අපිට ඇත්තටම computer එකෙන් A4 කොලයක් print කරන්න ඕන වුනාම අපි මොකද කරන්නෙ?

1) word හරි මොකක් හරි use කරලා file එක හදාගන්නවා...
2) Printer එකක් හොයාගන්නවා..
3) ඒකට අවශ්‍ය connection ටික හදනවා..

ඉතින් අපි දැන් කරෙත් ඒ වගේම දෙයක් තමයි..

1) File එකක් හදාගත්තා
2) FileWriter එකක් හදාගත්තා
3) BufferedWriter එකට කියලා connection හදාගත්තා..

දැන් එහෙනම් අපිට data write කරන්න ඕන කරන ඔක්කොම වැඩ හරි.. දැන් කරන්න තියෙන්නෙ අපේ connection එක BufferedWriter object එක use කරලා file එකට data write කරන එක විතරයි...




රූපෙ පෙන්නලා තියෙන විදියට අපිට write කරන්න ඕන data එක String parameter එකක් විදියට දීලා අපි හදාගත්තු buffered writer object එකේ තියෙන write method එක call කලා නම් වරහන් ඇතුලෙ දීපු එක අපි හදාගත්ත file එක ඇතුලට වැටෙනවා.. 

දැන් හැබැයි අපි file එක open කරලා බැලුවට ඒ write කරපු එක ඒ file එකට වැටෙන්නෙ නෑ.. ඒකට හේතුව තමයි මෙතනදි කරන්නෙ file එකට ඇත්තටම data එක දාන්න පුළුවන්ද කියලා බලන එක විතරයි.. ඇත්තටම file එකේ save වෙන්නනම් අපිට අන්තිමට buffered writer object එක ඇතුලෙ තියෙන flush() method එක call කරන්න වෙනවා.. මෙතනදි මතක තියාගන්න අපි write කරන data එකෙන් data එකට flush කරන්න ඕන නෑ.. ඔක්කොම දාලා ඉවර වුනාම අන්තිමට එක පාරක් flush() method එක call කලානම් වැඩේ ගොඩ..

ඉතින් ඔන්න ඔහොමයි file එකකට data write කරගන්නෙ..


Special Case

මතක තියාගන්න මේ code ටික නිකම්ම main method එක ඇතුලෙ ලියන්න බෑ.. මොකද අපි මෙහෙම අපේ program එකේ ලිව්වට වැරදිලා හරි අපි හදන file එක machine එකේ හදන්න දෙන්නෙ නැත්නම් හරි අපිට ඒ file එකට write කරන්න permission නැත්නම් හරි ERROR එකක් එන නිසා අපිට එහෙම error එකක් ආවොතින් program එක exit වෙන්නෙ නැතුව තියාගන්න තව code part එකක් ඇතුලෙ තමයි මේ ටික ලියන්න ඕන.. ඇත්තටම මේ කියපු සිද්ධියට කියන්නෙ Exception Handling කියලා.. අපි ඒවා ගැන කතා කරන්නෙ අපේ ඊළඟ කුප්පියෙන්, ඒ කියන්නෙ OOP වලින්..

මෙන්න මේ code set එක ඇතුලෙ තමයි ඔක්කොම ලියවෙන්න ඕන..




ඔක්කොම ඇතුලට දැම්මම එන්නෙ මෙන්න මේ වගේ Code set එකක්..





මම හිතාගෙන හිටියෙ නම් file write කරන එකයි file read කරන එකයි දෙකම එකම post එකක දාන්න.. ඒත් ගොඩක් කට්ටියට මේක අමාරු නිසා මම මේ කොටස මෙතනින් නවත්තලා අළුත් එකකින්ම file එකකින් read කරන හැටි දාන්නම්..


Saturday, February 7, 2015

Lanka Bus Distances and Prices ( අළුත් බස් ගාස්තු )


Lanka Bus Distances and Prices




මෛත්‍රී පාලනයක් යටතේ එක පාරටම බස් ගාස්තු අඩු වුනාම අපිට මූණ දෙන්න වුන අළුත්ම අත්දැකීම තමයි අපි බස් එකේ අයියට සල්ලි දෙනකොට කීයක් දෙන්න ඕනද කියලා දන්නෙ නැති එක.. ඉතින් ඔන්න ඔය ප්‍රශ්නෙට පොඩි විසඳුමක් විදියට තමයි අළුත් බස් ගාස්තු ගැන විස්තර දාලා මේ පොඩි App එක හදලා තියෙන්නෙ..  ( දැන් ඉතින් අපේ කොල්ලො කෙල්ලො හැමදේම කරන්නෙ 4n එකෙන්නෙ.. :-p )

මේ app එකේ ප්‍රධාන කොටස් 2ක් තියෙනවා..

1) City Distance calculator
2) New Bus Charges

මේ City distance calculator එකෙන් අපිට ලංකාවෙ ප්‍රධාන නගර 42ක් අතරෙ දුර km වලින් ආසන්නව බලාගන්න පුළුවන්..





New Bus Charges part එකෙන් කරන්නෙ අපිට දැනට අවශ්‍ය ප්‍රධානම දේ.. ඒ තමයි අපිට කලින් තිබුන ගාන දුන්නට පස්සෙ අළුත් ගාන මෙයා  පෙන්නනවා.. එ් වගේම කීයකින් අඩු වුනාද කියන එකත් එයාම ඉක්මනට හදලා පෙන්නන නිසා අපිට ඒක ගොඩක් ලේසියි.. :-)






ඕන තැනක ගිහින් දන්නවා වගේ හරිම ගාන බස් එකට දෙන්න නම් පහළ link එකෙන් ගිහින් app එක download කරගන්න..


මෙන්න මෙතන link එක : -  download link



Sunday, January 25, 2015

ATalk ( version 1.0 )


ATalk ( version 1.0 )


ATalk කියන්නෙ ඇත්තටම මගේ ලොකු හීනයක්.. ගොඩක් couples වලට තියෙන ප්‍රශ්නයක් තමයි තමන්ගේ private sms කොහොමද private විදියටම තියාගන්නෙ කියන එක.. සමහර වෙලාවට ගෙදරට මාට්ටු වෙනවා, ඒක නවත්වන්න කියලා sms locker එකක් දා ගත්තට වැඩක් නෑ ලඟම ඉන්න එකෙක් හරි sms වල කියලා තියෙන ඒවා දකිනවා.. ( සමහර වෙලාවට පොඩි ළමයි නරක් වෙන ඒවා නේ එන්නෙත්.. :-p ) ඉතින් ඔන්න ඔය ප්‍රශ්නෙට පොඩි විසඳුමක් විදියට තමයි මේ ATalk එක එළියට එන්නෙ..





මුලින්ම මම පොඩි idea එකක් දෙන්නම් මේක කොහොමද වැඩ කරන්නෙ කියලා.. ඊට පස්සෙ අපි images එක්ක step by step මේ app එක use කරන විදිය බලමු..

ATalk වලදි app එක හරහා phone එකට එන messages ඔක්කොම save වෙන්නෙ වෙනමම inbox එකකට, එතකොට ඒක normal sms inbox එකෙන් පේන්නෙ නෑ.. (ඔන්න ඒක නිසා එක පැත්තකින් sms ආරක්ෂාකාරී වෙනවා..)  ඊට අමතරව අපිට පුළුවන් මේ ATalk එකම normal sms වලටත් use කරන්න. එතකොට ATalk වලින් conversation එකක් කරන කෙනෙකුට ATalk දාගෙන නැති කෙනෙකුට sms එකක් යවන්න ඕන වුනොත් වෙන app එකකට යන්න ඕන වෙන්නෙ නෑ... එකම තැනක ඉඳන් ඔක්කොම කරන්න පුළුවන්..

තව මේ app එකට ඇතුලු වෙනකොටම දාලා තියෙන security system එක අපි normal use කරන unlock pattern එකට වඩා ගොඩක් ආරක්ෂිතයි.. මොකද හැමෝම දන්නවා unlock pattern එක 4n එක දිලිසෙන විදියට angle කරාම ඇඳපු පාරක් වගේ පේනවනේ.. ඒත් මේකෙ තියෙන KNOCK unlock system එකේදි වෙන්නෙ අපි තට්ටු කරන වාර ගානයි area එකයි අනුව තමයි pin එක save කරගන්නෙ.. ඒක නිසා මේකෙදි 4n එක angle කරලා බැලුවත් pattern එක බලාගන්න විදියක් නෑ.. :-)


ඇයි ATalk විශේෂ වෙන්නෙ ???



  • කොච්චර කොහොම කරත් අනිත් ක්‍රම වලදි අපේ sms privacy එක අපිට නැති වෙන නිසා..
  • යවන කෙනා pin එක දුන්නොත් ඇරෙන්න වෙන කෙනෙක්ට sms එක කියවන්න බැරි නිසා..
  • අඩුම ගානෙ network provider (mobitel, dialog, etisalat, hutch...) ට වත් sms එකක කියලා තියෙන දෙයක් කියවන්න බැරි නිසා..
  • sms එකක් අනිත් පැත්තට යවන්නෙම unreadable විදියට නිසා..
  • අපිට ඕනනම් එක message එකෙන් message එකට pin එක වෙනස් කරන්න පුළුවන් නිසා..
  • secret sms වගේම normal sms ත් මේකෙන්ම යවන්න පුළුවන් නිසා..

දැන් අපි බලමු කොහොමද මේ ATalk use කරන්නෙ කියලා...


1) මුලින්ම app එක install කරගන්න ඕන.. මෙතනින් පුළුවන් Play store එකේ තියෙන තැනට යන්න.. එතනින් install කරගන්න.. එහෙමත් නැත්නම් space තියන්නෙ නැතුව atalk කියලා Play store එකේ search කරානම් හොයා ගන්න පුළුවන් වෙයි..


2) install කරගෙන first time app එක open කරන කොට අපිට knock pattern එකක් set කරන්න වෙනවා..




මෙතන තියෙන area වලට තට්ටු කරන පිළිවෙල සහ වාර ගාන අනුව අපිට පුළුවන් knock pattern එකක් set කරගන්න.. ඊට පස්සෙ continue කරලා ආපහු පාරක් ඒ pattern එකම දීලා confirm කරාට පස්සෙ වැඩේ හරි..

දැන් ආපහු පාරක් එළියට ගිහින් app එකට එනකොට අපිට මෙන්න මෙහෙම එකක් එනවා..




දැන් මේ තියෙන කොටුව ඇතුලෙ අපි කලින් set කරගත්ත තට්ටු pattern එක හරියටම දුන්නොත් විතරයි ඇතුලට යන්න පුළුවන්..


3) knock lock එකක් set කරගත්තට පස්සෙ අපිව කෙලින්ම app එකේ main screen එකට ඒ කියන්නෙ අපේ secret inbox එකට අරගෙන යනවා..





4) දැන් මෙතන උඩම තියෙන New Message එක click කරාම අපිට පුළුවන් අළුතින් message එකක් යවන්න ඕන screen එක open කරගන්න..




මේ තියෙන්නෙ new messages යවන screen එක.. මෙතන උඩම To කියලා තියෙන තැන යවන කෙනාගෙ number එක ගහන්න තියෙන්නෙ.. ඊට අමතරව Recent button එකෙන් අන්තිමටම use කරපු ටිකයි, All එකෙන් ඔක්කොම contacts ටිකයි load කරගන්න පුළුවන් පෙන්නලා තියෙන විදියට.. ඉතින් මෙතන වැදගත්ම දේ තමයි අපිට නමේ මතක ඕනම කොටසක් ගහන කොට ඒකට අදාල ටික විතරක් filter වෙන නිසා ලේසියෙන්ම contacts තෝරා ගන්න පුළුවන්..

message එක ගහන්න තියෙන්නෙ යටම තියෙන කොටසෙ.. ඊට අමතරව message එක කියවන්න අවශ්‍ය කරන pin එක දෙන්න තියෙන්නෙ no. එක ගහන තැනට යටින් pin කියලා දීලා තියෙන තැන..

ඔන්න එහෙනම් අපි sample message එකක් යවන්නයි මේ සූදානම..






5) ඊළඟට අපි බලමු කොහොමද මෙහෙම යවන message එකක් අපිට පෙන්නන්නෙ කියලා..




දැක්කද අපි "This is a test message" කියලා එව්වට මෙතන දැන් පෙන්නන්නෙ වෙනමම තේරුමක් නැති අකුරු set එකක්..


6) දැන් අපි බලමු කොහොමද හරි message එක බලාගන්නෙ කියලා..




දැක්කා නේද උඩම තියෙන කොටුවෙ message එක එවපු කෙනා දීපු pin එකම හරියටම දුන්නම ඒක ඇතුලෙ තියෙන හරිම තේරුම අපිට පේනවා..


7) ඊළඟ ප්‍රශ්නෙ app එක නැති කෙනෙක්ට කොහොමද message එකක් යවන්නෙ කියලා..


හරිම simple app එක නැති කෙනෙක්ට යවනවානම් කරන්න තියෙන්නෙ pin එක විදියට 0000 දෙන එක විතරයි.. එතකොට ඒක unreadable විදියට convert වෙන්නෙ නැතුව normal විදියටම යනවා..


8) normal sms බලන්නෙ කොහොමද?

අපිට default load වෙලා තියෙන්නෙ secret inbox එකනේ.. ඉතින් normal inbox එක load කරගන්න නම්, menu touch sensor එක touch කරලා එතනින් Inbox කියන එක select කරානම් වැඩේ ගොඩ..








ඔන්න ඔහොම තමයි ATalk එක use කරන්න තියෙන්නෙ.. මේක දිගටම update කරගෙන යනවා අනිවාර්යෙන්ම internet එක හරහා message කරන්නයි, call ගන්නයි වගේම images, files යවන්න වගේ දේවල් කරන්න පුළුවන් වෙන්න.. එතකොට අපිට පුළුවන් රහසිගත විදියට messages වගේම images පවා යවන්න අඩුම වියදමකින්..

design එකෙත් ලොකු වෙනසක් වෙයි.. ඇත්තටම මට ආසාවක් ඇති වුනා මේක මගේ birthday එක දවසටම release කරන්න ඕන කියලා.. ඒක නිසා design එකයි, security එකයි හිතේ තිබුන විදියටම ආවෙ නෑ මේ version එකේ.. ඒ ටික හදලා ATalk 1.1 එක ලඟදිම එළියට දානවා.. ඒක නිසා හැමෝම ඉවසීමෙන් ඉන්න කියලා ඉල්ලන ගමන් මම සමුගන්නම්..


ATalk 1.1 වල එන්න තියෙන දේවල්..


  • user friendly design
  • security fix
  • sms backup and restore
  • performance improving
  • user defined notification
  • sms alert on/off feature


ATalk මතුසම්බන්ධයි...

Contact Form

Name

Email *

Message *