Pages

Tuesday, April 21, 2015

OOP Part 2 ( Standards )


Object Oriented Programming ( Basic )


අපි කලින් දවසේ OOP කියන්නෙ මොකක්ද, ඇයි OOP ඕන වුනේ වගේ දෙවල් කතා කරපු නිසා අද බලමු මේ OOP Theory වලට බහින්න කලින් අපිට java වලින් මොනවද දැනගෙන ඉන්න ඕන කියලා.. මොකද ඒ ටික හරියට තේරුම් ගත්තොත් අපිට පුළුවන් වෙයි ගොඩක් ඉක්මනට හැමදේම තේරුම් ගන්න.. එහෙනම් අපි කෙලින්ම වැඩේට බහිමු.. ඊට කලින් OOP ගැන හරියට idea එකක් නැති අය මෙතනින් ගිහින් ඒ ගැන පොඩ්ඩක් බලලම එන්නකෝ..




අපි programming කරන්න යද්දි ඇත්තම කතාව අපිට 100 % ක් මේ codings මතක තියාගෙන ඉන්න බෑනේ.. ඉතින් කාට හරි හිතෙන්න පුළුවන් එහෙම නැතුව අපි කොහොමද program එකක් ගහන්නෙ කියලා නේද? එහෙම හිතෙන අයට කියන්න තියෙන එකම දේ තමයි කවුරු හරි එහෙම පාඩම් කරන්න හිතන් ඉන්නවනම් කරලා බලන්න කොච්චරක් මතක තියාගන්න පුළුවන්ද කියලා.. මොකද code බර ගානක් තියෙනවා එහෙම මතක තියාගන්න ගියොතින්.. ඒක නිකම් බොරු වැඩක්.. ඊට වඩා හොඳයි ඔලුව free එකේ තියාගෙන අළුතින් දෙයක් කරන්න විදියක් හිතන එක..


දැන් කෙනෙක් බලනවා ඇති පාඩම් කරන්න එපා කියනවනම් කොහොමද මේක ඇත්තටම කරන්නෙ කියලා නේද? මෙහෙමයි අපි හැමදාම කරන වැඩ අපිට අමතක වෙනවද? නෑනේ.. ඒ වගේ තමයි අපි program 2, 3ක් ගහද්දි අවශ්‍ය basic ම ටික මතක හිටිනවා..  පාඩම් කරගන්න ඕන නෑ.. ඉතින් අපිට ඊට වඩා අවශ්‍ය වෙන දෙයක් තියේනම් අපිට ඒකට තමයි GOOGLE දෙයියා ඉන්නෙ.. ඔන්න දැන් කට්ටිය හිතනවා Copy Paste ගේමක් ගහන්න පුළුවන් කියලා.. බලන්නකො එහෙම පුළුවන්ද කියලා.. ඇත්තටම බෑ.. මොකද එ් code එකෙන් මොකක්ද වෙන්නෙ කියලා අපිට තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕන එහෙම copy කරලා ගන්න වුනත්.. ඉතින් ඒ කියන්නෙ අපිට වෙන කෙනෙක් ලියපු අපේ නොවෙන code එකක් වුනත් දැක්ක ගමන් අඳුර ගන්න පුළුවන් වෙන්න ඕන නේද??


කොහොමද වෙන කෙනෙක් ලියපු code එකක් වුනත් තේරුම් ගන්නෙ??


නිකමට හිතලා බලන්න අපිට code එකක් දිහා බැලුවම මේක class එකක්, මේක method එකක්, මේක variable එකක් මේකෙන් වෙන්නෙ මේකට call කරලා මේ ටික run වෙනවා වගේවත් අපිට තේරුම් ගන්න බැරිනම් අපි කොහොමද GOOGLE එකෙන් වත් වැඩක් ගන්නෙ.. මුලින්ම අපිට මෙතන හදාගන්න වෙනවා.. මේ දේවල් Syllabus එකක අපිට කියලා දෙන්නෙ නෑ.. ඒවා අපි තේරුම් ගන්න ඕන.. එහෙනම් අපි බලමු කොහොමද එහෙම තේරුම් ගන්නෙ කියලා..


අපි හැමදාම use කරන මේ System.out.println(); එකේ මොකක්ද කියලා තියෙන්නෙ කියලා කාටහරි කියන්න පුළුවන්ද?





පුළුවන් කට්ටිය ඇති.. එහෙම කියන්න බැරි කෙනෙක් ඉන්නවානම් අවුල් ගහන්න එපා ඒ කෙනාත් අන්තිමටම මේකෙ තේරුම අනිවාර්යෙන්ම කියනවාමයි.. 


හරි මෙහෙම හිතමුකො.. අපිට java වල තියෙන int, class, public වගේ Key words අඳුරගන්න පුළුවන්නෙ ඒක කවුරු ලිව්වත්.. එහෙම අඳුර ගන්න බැරි වෙනවා නම් බැරි වෙන්නෙ එහෙම පුද්ගලයාගෙ කැමැත්තට program එකේ ලියපු වචන විතරයි.. ඉතින් එහෙනම් මුලින්ම බලමු එහෙම අපිට කැමති විදියට Program එකක වචන ලියවෙන්නෙ මොන වගේ තැන් වලද කියලා..




මෙන්න මේ තැන් වලදි නේද අපිට ඕන විදියට අපි වචන දාන්නෙ?? එහෙනම් මේ වගේ තැන් වලට නම් දාද්දි හැමෝම එකම standard එකකට නම් දානවනම් අපි ඕන කෙනෙක්ට දැක්ක ගමන් මේ මොකක්ද කියලා කියන්න පුළුවන් නේද??

දැන් එහෙනම් බලමු අපි කොහොමද මේ වගේ නම් අඳුරගන්නෙ කියලා..





දැන් අඳුරගන්න පුළුවන් කෙනෙක් කියන්න බලන්න මේ person කියලා තුන් පාරක් ලියලා තියෙන්නෙ මොනවද මේ කියලා.. (මෙතන එකක් variable එකක්, අනික class එකක්, අනිත් එක method එකක්)

එහෙම දැක්ක ගමන් කියන්න පුළුවන්ද?? මෙහෙමයි ඒ තුන අඳුරගන්නෙ.

  • Class එකක් නම් වචනෙ පටන් ගන්නෙ CAPITAL අකුරකින්..
  • එහෙනම් SIMPLE අකුරකින් පටන් ගන්නෙ එක්කො method එකක්, නැත්නම් variable එකක්නේ..
  • method එකක් නම් අන්තිමට වරහනක් එනවා..
  • එහනෙම් SIMPLE අකුරකින් පටන් අරගෙන අන්තිමට වරහනක් තියෙනවානම් ඒක method එකක්, SIMPLE අකුරකින් පටන් අරගෙන වරහනක් නැත්නම් ඒක Variable එකක්..

එහෙනම් දැන් එන්න පුළුවන් ඕනම නමක් දැක්කම අඳුරගන්න පුළුවන් නේද? 

හා පුළුවන්නම් මේ ටික කියන්න බලන්න...




  • පළවෙනි එකෙයි දෙවෙනි එකෙයි මුල අකුරු Capital නිසා ඒ දෙක classes..
  • දැන් මෙතන String කියන්නෙ එතකොට class එකක්ද? ඔව්.. data type එකක් නෙවෙයිද? නෑ.. මතකනේ java වල data type 8යිනෙ තියෙන්නෙ.. මතක නැත්නම් ඒ ටික මෙතනින් බලලා එන්නකෝ..
  • out කියන එක simple වලින් පටන් අරගෙන වරහන් නැති නිසා ඒක variable එකක්..
  • print() කියන එකයි, exit() කියන එකයි simple වලින් පටන් අරගෙන වරහන් තියෙන නිසා ඒවා methods..

දැන් එහෙම තේරෙනවා නේද??? හී... :-D


තව එක දෙයක් දැනගත්තනම් අපිට ගොඩක් coding පේලි වලින් කියවෙන දේවල් තේරුම් ගන්න පුළුවන් වෙනවා.. 




ඒ තමයි මේක.. දැන් මේ මොකක්ද කියලා බලන්න එපා.. java වලදි මේ dot එක (dot operator)  කියන්නෙ ගොඩක් වැදගත් දෙයක්.. 

මේක use කරන්නෙ මොකක් හරි දෙයක් ඇතුලෙ කියලා අදහස් කරන්න.. මෙහෙම හිතන්නකො..
String.equals() කියලා තිබුනනම් අපිට වෙන වෙනම අඳුරගන්න පුළුවන්නෙ String කියන්නෙ class එකක් equals() කියන්නෙ method එකක් කියලා.. දැන් මේ අතර මැද dot එකෙන් කියවෙන්නෙ String කියන class එක ඇතුලෙ තියෙන equals() කියන method එකට තමයි මේ call කරන්නෙ කියලා.. ( දැක්ක නේද එක dot එකකින් කොච්චර තේරුමක් දුන්නද කියලා.. :-p )

හා දැන් මේ ඔක්කොම තේරුනා නම් කියන්න බලන්න මේකෙන් මොකක්ද කියවෙන්නෙ කියලා...




එහෙනම් මේකෙන් කියවෙන්නෙ System කියන class එක ඇතුලෙ out කියලා variable එකක් ඇති ඒ out කියන variable එකට අදාළව println() කියලා method එකක් ඇති ඒකට call කරන්න කියලා නේද??

දැනට මේ ගානට තේරෙනවා නම් හොඳටම ඇති.. මොකද අපි OOP ඉගෙන ගන්න කොට මේ ටික තෙරෙනවානම් හැම දේකම තේරුම තේරුම් යන්න පටන් ගන්නවා.. එතකොට ඉතින් programming කියන එකත් වතුර වගේ තමයි.. :-p එහෙනම් අදට මේ ඇති නේද? අළුත් කොටසකුත් එක්ක ඉක්මනටම හමුවෙමුකෝ..

3 comments:

Contact Form

Name

Email *

Message *