Pages

Tuesday, May 20, 2014

Programming in Sinhala (part 3)


පහසුවෙන් Programming ඉගෙන ගනිමු. ( තුන්වන කොටස )



හැමදාම වගේ කුප්පියෙ ඊළඟ කොටස ඉක්මනට දෙන්න හිතාගෙන හිටියත් වැඩ ගොඩක් මැද හිරවෙලා ඉන්න නිසා වෙලාවක් වෙන් කරගන්න වෙන්නෙම නෑ.. කට්ටිය ඉතිං අවුල් ගහන්න එපා පුළුවන් විදියට කොහොමහරි අපි එකතු වෙලා වැඩේ කරමුකො.. ඔන්න එහෙනම් ලැබුන මේ වෙලාවෙවත් වටේ යන්නෙ නැතුව කෙළින්ම වැඩේට බහිමු. හැමෝටම කලින් කරපුවා මතක ඇති කියලා මම හිතනවා, වැරදිලා හරි කෙනෙකුට කලින් කරපුවා බලාගන්න බැරිවුනා නම් මෙතනින් ගිහිල්ලා ඒ ටිකත් බලලම එන්නකො..

අපි අවසානෙටම කරේ C language එක use කරලා අපිට අවශ්‍ය දෙයක් print කරගන්න විදියනේ, දැන් එහෙනම් අපි ඕනෑම programming language එකකට පොදු theory ටික ඉගෙන ගන්න පටන් ගනිමු. මුලින්ම මම programming කිව්වොත් නිතරම අහන්න ලැබෙන variable එකක් කියන්නෙ මොකක්ද කියලා කියලා දෙන්නම්. මතක තියාගන්න ඕනම දෙයක් ඉගෙන ගන්න කොට ඒක අවශ්‍ය වෙන්නෙ මොන වගේ වෙලාවල් වලටද කියලත් ඉගෙන ගන්න. එතකොට ඒක කවදාවත් අමතක වෙන එකක් නෑ.. එහෙනම් වැඩේට බහිමුකො..

Variable



variable එකක් කියන්නෙ ram එකේ වෙන් කරගන්න memory space එකකට. දැන් ඉතිං ප්‍රශ්නෙ තියෙන්නෙ එහෙම ram එකෙන් memory space එකක් වෙන් කරගන්න අවශ්‍ය වෙන්නෙ මොකටද කියලා. ඇත්තටම අපි ලියන program වලදි අපිට කිසියම් ගණනයක් කරන්න අවශ්‍ය වුනොත් ඒකට අදාළව එන උත්තරේ හරි ලබා ගත්ත විශේෂ අගයක් හරි මොකක් හරි දෙයක් මතක තියාගන්න ඕන වෙනවානෙ.. ඉතිං අපේ program එකට අදාළව මොනවා හරි මතක තියාගන්න ඕනෙනම් අපි අපේ program එක වෙනුවෙන් ඒ දේවල් මතක තියාගන්න තැනක් හදා ගන්න ඕනෙ. අන්න ඒ නිසා තමයි අපිට variables අවශ්‍ය වෙන්නෙ..



දැන් අපි බලමු කොහොමද program එකකදි variable එකක් හදා ගන්නෙ කියලා...




රූපේ පෙන්නලා තියෙන විදියට variable එකක් හදනකොට ප්‍රධාන කොටස් දෙකක් තියෙනවා. එකක් තමයි data type එක අනික variable name එක. මම හැමතිස්සෙම කියනවා වගේ අපි බලමු මෙහෙම කොටස් දෙකක් අවශ්‍ය වෙලා තියෙන්නෙ මොකටද කියලා. එතකොට හැමෝටම variable එකක් කියන්නෙ මොකක්ද කියලා වගේම variable එකක් හදාගන්නෙ කොහොමද කියලත් කවදාවත් අමතක වෙන එකක් නෑ.

මුලින්ම මම කියන්නම් මේකට නමක් අවශ්‍ය වෙන්නෙ ඇයි කියලා. හිතලා බලන්න අපි කාට හරි කියනවා අපි ඉන්නෙ අහවල් ගමේ කියලා. හැබැයි අපේ address එක එයා දන්නෙ නැත්නම් අපි ඒ ගමේ ඉන්නවා කියලා sure වුනත් එයාට අපිව හමු වෙන්න අපේ ගෙදර එන්න බැරි වෙනවානේ.. අන්න ඒ වගේ අපි අපේ program එකේ data එකක් ram එකේ save කරලා පස්සෙ ඒ data එක ram එකේ තියෙනවා කියලා sure එකටම දැනගෙන හිටියත් ඒක හරියටම කොහේද තියෙන්නෙ කියලා අපි දන්නැති නිසා ඒ data එක අපිට ආපහු use කරන්න බැරි වෙනවා. ඉතිං එහෙම use කරන්න බැරි වෙනවා නම් data එකක් save කරලා තියා ගන්න එකෙන් වැඩක් නැති වෙන නිසා තමයි ගෙදරකට address එකක් දුන්නොත් ඒ ගෙදර හොයා ගන්න පුළුවන් නිසා එහෙම address එකක් දීලා තියෙනවා වගේ අපේ variable වලටත් නමක් දීලා තියෙන්නෙ. මතක තියාගන්න මේ නම විදියට අපිට කැමති දෙයක් දෙන්න පුළුවන්..

දැන් variable එකක් හදද්දි නමක් දෙන්නම ඕන හේතුව නම් තේරෙනවා. හැබැයි data type එකක් කියලා එකක් නොතිබුනත් data එක හොයා ගන්න බැරිද කියලා කෙනෙක්ට හිතෙන්න පුළුවන්. ඇත්තටම මේ විදියට data type එක දෙන්න හේතුව මොකක්ද? මුලින්ම බලමු data type එකක් කියන්නෙ මොකක්ද කියලා. ඇත්තටම data type එකක් කියන්නෙ කිසියම් variable එකක් සලකද්දි ඒ variable එක, ඒ කියන්නෙ ram එකේ වෙන් කරගත්ත memory space එක ඇතුලෙ store කරන data එක මොන වර්ගයේද කියලා දැන ගන්න තියෙන මිනුමක් වගේ දෙයක්. (දැනට අපි integer data type එක විතරක් සලකමු. ඒක represent කරන්නෙ int කියලා)

ඉතින් දැන් කෙනෙක්ට හිතෙන්න පුළුවන් ඇයි එහෙම store කරන data එකේ වර්ගෙ ගැන සැලකිලිමත් වෙන්න ඕනෙ කියලා. ඇත්තටම කට්ටියට මතක ඇතිනෙ අපිට තේරෙන භාෂාවෙන් ලියන program එක computer එකට තේරෙන භාෂාවට හරවන compiler අපි ලියන program එකේ වැරදි තියේද කියලා බලලා එහෙම වැරැද්දක් නැත්නම්නෙ compile කරන්නෙ. ඉතින් ටිකක් හිතලා බැලුවොතින් එයා run කරන්නෙ නැතුව, ඒ කියන්නෙ ඇත්තටම ram එකේ variable එකක් හදලා ඒකට data දාන්නෙ නැතුව වැරදි තියේද කියලා බලන්න මොකක් හරි ක්‍රමයක් use කරනවා නේද? compiler data type එක use කරන්නෙ අන්න ඒ දේ කරන්න තමයි. අපි variable එකක් හදන කොට දෙන data type එක ඒ නමට අදාළව compiler මතක තියාගන්නවා. එතකොට අපි ඒ variable එකට data එකක් දාන්න හදන කොට හරි ගන්න හදන කොට හරි ඒ දේ practically කරන්න පුළුවන්ද කියලා compiler බලලා තමයි අපේ program එක compile කරන එක හරි error එකක් දෙන එක හරි කරන්නෙ.

උදාහරණයක් විදියට මම ගන්නම් x කියලා නම් කරපු ඉලක්කම් තියාගන්න පුළුවන් variable එකක්. මම දැන් ඒකට මගේ program එකේදි වචනයක් store කරන්න යනවා. එතකොට compiler බලනවා x ගෙ data type එක මොකක්ද කියලා ඇත්තටම x කියන්නෙ ඉලක්කම් දාන්න හදපු variable එකක් නිසා එයා තීරණය කරනවා අපි කරන්න හදපු වැඩේ වැරදියි, ඒක computer එකට කරන්න බෑ. ඒක නිසා මම error එකක් දෙන්න ඕනෙ කියලා. අන්න ඒ හේතුව නිසා තමයි data type එකක් ගොඩක් වැදගත් වෙන්නෙ..


දැන් අපි බලමු කොහොමද variable එකකට data එකක් දාන්නෙ කියලා...




රූපේ පෙන්නලා තියෙන විදියට මුලින්ම x කියන නමින් integer data type එකේ variable එකක් හදලා තියෙනවා. පස්සෙ ඒ x කියන variable එකට 5 assign කරන්න කියලා කියලා තියෙනවා. ඇත්තටම අපිට එහෙම variable එකකට data එකක් දාන්න ඕනනම් කරන්න තියෙන්නෙ මුලින්ම ඒ variable එකේ නම දීලා ඒකට ඉස්සරහින් සමාන ලකුණක් ( = ) දාලා variable එක හදපු data type එකේම data එකක් දීලා statement එක ඉවර වුන බව පෙන්වන්න ; (semicolon) එකක් දෙන්න විතරයි.

මෙතනදි විශේෂයෙන්ම මතක තියාගන්න තියෙන්නෙ programming වලදි තනි = ලකුණක් තිබුනොත් ඒකෙ තේරුම maths වලදි වගේ සමාන ලකුණට දකුණු පසින් තියෙන දේ සමාන ලකුණට වම් පසින් තියෙන දේට සමානයි කියන එක නෙවෙයි, සමාන ලකුණට දකුණු පසින් තියෙන data එක සමාන ලකුණට වම් පසින් දීලා තියෙන නමට අදාළ variable එක ඇතුළට දාන්න කියන එකයි. සරලව කිව්වොත් තනි = ලකුණෙන් කියවෙන්නෙ දකුණෙ තියෙන එක වමට දාන්න කියන එකයි.. මෙන්න මේ පොඩි දේ අමතක කරලා ගොඩක් අය programs වරද්ද ගන්නවා. ඒක නිසා ඔන්න අමතක කරන්න එපා...

ඔන්න එහෙනම් මට තේරෙන විදියට ඕනම programming language එකකට පොදු variable කියන එක ගැන පුළුවන් උපරිමෙන්ම ඔයාලටත් ලබා දුන්නා.. හැමදාම කියනවා වගේ කිසියම් ගැටළුවක් හරි අදහසක් හරි තියෙනවානම් comment එකක් විදියට දාන්න පුළුවන් කියලා මතක් කරමින් මම එහෙනම් අදට සමු ගන්නම්.. ඉක්මනටම ඊළඟ කොටසත් එක්ක හමුවෙමු එහෙනම්..


මතුසම්බන්ධයි...


60 comments:

  1. Data type එක ගැන පොඩ්ඩක් පැහැදිලි මදියි මට නං.අනිත් ටික හොදට තේරෙනවා.

    ReplyDelete
    Replies
    1. මේකයි මචෝ මම මෙතන ගොඩක් programming languages වලට පොදුවේ basic ටික දෙන නිසා data type ටික ගැන කෙලින්ම කියන්න බෑ සමහර වෙලාවට language එක වෙනස් වෙද්දි වෙනස් වෙන නිසා.. පොදුවේ basic theory ටික දුන්නට පස්සෙ c language එකයි java language එකයිත් කරන්න හිතාගෙන ඉන්නෙ. එතකොට ඒ ගැන ලොකු idea එකක් දෙන්න බලන්නම්.. මෙහෙම අදහස් දීපු එකට ඇත්තටම thanks මචෝ.. ඒක මට ලොකු හයියක්..

      Delete
    2. කොහොමත් බං C & Java එකට යන languages දෙකක් නේ?ගොඩක් සාමානකම් තියෙනව මගේ දැනුමේ හැටියට.

      Delete
    3. අනිවා.. Java හැදුනෙත් C වලින්මනේ.. ඇත්තටම බං අපේ ගොඩක් අයට programming අමාරු වෙන්න ලොකුම හේතුව තමයි Language එක ගැන හිතලා codes පාඩම් කරන්න යන එක.. ඒකයි මම මෙතනදි කිසිම language එකක් ගැන සඳහන් නොකරන්නෙ.. ඇත්තටම C යි Java යි ගැන විතරක් හිතද්දි නම් අවුලක්ම නෑ.. ඒත් මට හිතුනා මම පොදුවේ කියන නිසා කවුරු හරි වෙන language එකක් ගැන හිතලා අවුලක් වෙයි කියලා.. කොහොම වුනත් මම ඉස්සරහට අනිවා ඒ ගැන දාන්නම්.. :-)

      Delete
    4. Patta macn...umbta jaya

      Delete
  2. uba concept hodata threnne liyala thiye macho.. supiriyatama. matath concepts awul gihin hitiye.. dan godak ewa hadagaththa mchn...

    ela Blog ekak

    ReplyDelete
    Replies
    1. Ela machan.. ahannat sathutui.. ekkenekta hari meken wadak unanm mata e athi.. :-)

      Delete
  3. ඔයා නුවන් හොද උත්සහයක් දීල තියෙනව මේ දැනුම දෙන්න. ඒ නිසයි ප්‍රතිචාරයක් දෙන්න හිතුවෙ. නැත්තන් ඒක කුහක කමක්. කොහොම නමුත් ඔයා මේ ලිපියෙදී Variable වලට ලොකු සාදාරනයක් ඉ‍ටු කරල නෑ. ඔයාට පුලුවන් තව ටිකක් මේක කෙටි කරල, සංශිප්ත කරල දෙන්න ඇත්තටම ඒක ගොඩක් පහසුයි අනිත් අයට. මම අනිවාර්යෙන් විශ්වාස කරනව ඔයාට ඒ දේ කරන්න පුලුවන් කියල. ජය වේවා..!

    ReplyDelete
    Replies
    1. ඇත්තෙන්ම මටත් ඒක තේරුණා. මම ඒකයි දැන් ලියන අළුත් post වලදි එහෙම කෙටියෙන් ලියන්නෙ.. ඇත්තටම මම මුලදි හිතුවෙ මුකුත්ම නොදන්න කෙනෙක් ගැන විතරයි.. මට දැන් තේරෙනවා ඒකෙන් අනිත් අයට අසාධාරණයක් වෙනවා කියලා.. ඇත්තටම ඔයාට ගොඩක් ස්තුතියි මෙහෙම අදහස් කිව්වට.. ඔයාලගෙ අදහස් එක්ක තමයි මට ඒවා දැනගන්න පුළුවන් වෙන්නෙ. ඇත්තටම ගොඩක් ස්තුතියි.. !!

      Delete
    2. නෑ එයා ඒක කියලා දුන්න විදිහ ගොඩක් හොදයි

      Delete
    3. ou oya a kiyala dunna widiya niyamai..matath 2 weni parath kiywaddiy therune.keti karoth 10 parak iywalawath therenna nathiwei.itapasse aye blannawath hithenne na.a nisa mcn ohoma karahan digatama.puuwannam me tyna kotasa wage ewa kiyawana palaweni parenma oluwata yanna kiyana baashawedi api nathara karana then walata .... wage dot peliyak dahan mcn..mn poddk ahama eka thenaka dannam..thnks bokka..jayawewa..උදාහරණයක් විදියට මම ගන්නම් x කියලා නම් කරපු [ඉලක්කම් තියාගන්න පුළුවන් variable එකක්]puluwannam me wage then highlight karannako.. මම දැන් ඒකට මගේ program එකේදි වචනයක් store කරන්න යනවා..... එතකොට compiler බලනවා x ගෙ [data type එක මොකක්ද] කියලා ඇත්තටම [[x කියන්නෙ ඉලක්කම් දාන්න හදපු variable එකක් නිසා]] එයා තීරණය කරනවා අපි කරන්න හදපු වැඩේ වැරදියි, ඒක computer එකට කරන්න බෑ. ඒක නිසා මම error එකක් දෙන්න ඕනෙ කියලා. අන්න ඒ හේතුව නිසා තමයි data type එකක් ගොඩක් වැදගත් වෙන්නෙ..
      [] marks athule tyna ewa highlight karanna.anna a wage dmmoth 1st time therenawa mcn

      Delete
  4. ඔබට ජයෙන් ජය!!!

    ReplyDelete
  5. patta aiye..matath issara notheruna seen ekak thamai meka..

    ReplyDelete
  6. පට්ට මචෝ

    ReplyDelete
  7. sirawatama patta wadak machan.....keep it up...... sahana awul gihin tibbba ewa tika hada ganna puluwn wuna ban....

    ReplyDelete
  8. Thanks
    Obata hodata E gena ganna labawa...

    ReplyDelete
  9. thank you so much.well done boy.digatama karagena yanna aniwaryayen

    ReplyDelete
  10. නියමයි කමෙන්ට් එකක් නොදා යන්න බෑ... නියමෙට තේරුම් කරලා. දිගටම කරන පාටක් පෙන්නේ නැති එක තමා අවුල... මාසෙට එකක් දෙකක් වත් දාන්න

    ReplyDelete
  11. pupiri machan. oyawa contact karaganne kohomada? mata new software ekakata idea ekak ganna one

    ReplyDelete
  12. perfectly expained... thank you very much

    ReplyDelete
  13. variable wala name eka denakota nithi rithi thiyeda?

    ReplyDelete
  14. පට්ට මචන්.......

    ReplyDelete
  15. hodata therenwa.....
    good job
    thanks lot

    ReplyDelete
  16. එල මට මේ පාර තේරුනේ නෑ ටිකක්.. ආයෙ කියවනව.. තෑන්ක්ස් බ්රෝ...

    ReplyDelete
  17. තේරුනා එල.......බන්

    ReplyDelete
  18. Thank you sooo much!! Godak simple widihata explain karala thinwa..hari watinwa mula idala mewa igenaganna ayata mekanam!!!

    ReplyDelete
  19. mama 2nd year student kenek . mama mula idalama oyage blog eke article tika kiyawanna patan gatahtha . thank you for writing this

    ReplyDelete
  20. ගොඩාක් පිං මචං❤️

    ReplyDelete
  21. oyage explanation nm maru.i like it.keep it up.jayama wewa

    ReplyDelete
  22. Thank you very much brother....

    ReplyDelete
  23. Thank you so much. saralawa visthaea karala thiyana nisa concept hodin therum ganna puluwan. ❤️❤️❤️

    ReplyDelete
  24. thank you sahodaraya..

    ReplyDelete
  25. Thank you so much..

    ReplyDelete
  26. Thank you 🙏🙏🙏🙏

    ReplyDelete
  27. NIyamaineeeeeee.....Thank You ......

    ReplyDelete

Contact Form

Name

Email *

Message *