Pages

Saturday, April 19, 2014

Secret Message Sender

Secret Message Sender


දුරකථන භාවිත කරන ගොඩක් අයට තියෙන ප්‍රධානම අවශ්‍යතාවයක් තමයි කෙටි පණිවිඩ (sms) රහසිගතව තියාගන්න එක.  (ඕනෑම කෙනෙක්ට private sms තියෙනවානෙ..) ඉතින් මෙන්න මේකට ගොඩක් අය පාවිච්චි කරන දෙයක් තමයි sms lockers කියන්නෙ. හැබැයි මේකෙදි කරන්නෙ අපේ දුරකථනයේ තියෙන inbox එක lock කරන එක. ඉතින් මෙහෙම sms locker පාවිච්චි කරන අය දන්නවා ඇතිනෙ මේකෙදි අපි කොච්චර අපහසුතාවයට පත් වෙනවාද කියලා.. මමත් පාවිචිචි කරා. හැබැයි මේකෙදි මට හංගන්න අවශ්‍ය message කිහිපයක් වෙනුවෙන් මට හැමතිස්සෙම password එක ගහලා තමයි inbox එකට යන්න වෙන්නෙ.. ඉතින් මටනම් මේක ලොකු කරදරයක් වුනා. ඊටත් වඩා මගේ පිස්සු යාළුවො message එකක් ගහන්න ඕනෙ කිව්වම උන්ට password එක නොදී බැරි නිසා මගේ messages උන් නොබැලුවත් දකින වෙලාවල් තිබුනා. ඉතින් මේ හේතූන් නිසා මටනම් sms locker එක අසාර්ථක වුනා.


ඔන්න ඔහොම කරන්න දෙයක් නැතුව හාන්සි වෙලා ඉන්න වෙලාවක තමයි මට මතක් වෙන්නෙ හමුදා වල කරන විදියට message එක සංකේත විදියට යවන්න පුළුවන්නම් කාටවත් පේන්නෙ නැති වෙන්න හොරාට messages යවන්න පුළුවන්නෙ කියලා. ඉතින් ඊළඟ ප්‍රශ්නෙ තමයි මම කොහොම හරි කරලා සංකේත විදියට message යවන්න ඉගෙන ගත්තත් අනිත් කෙනාට එ් සංකේත වලින් කියන දේ තේරැම් ගන්න බෑනෙ කියන එක. අන්න එතකොට තමයි මගේ ඔලුවට එන්නෙ program එකක් හදා ගත්තා නම් එ්ක හරහා සංකේත වලට හරවන එකයි, අනිත් පැත්තට original message එක ගන්න එකයි දෙකම ලේසියෙන් ඕනම කෙනෙකුට කරන්න පුළුවන්නෙ කියන එක. ඔන්න දැන් තමයි මට campus එකේ උගන්නන maths කොච්චර වටිනවද කියලත් තේරෙන්න ගන්නෙ. පස්සෙ කොහොම හරි මගේම කියලා algorithm එකක් හදා ගෙන මට පුළුවන් වුනා message එකක් encrypt කරලා සංකේත විදියට හදා ගන්න. ඉතින් මම එහෙම යවන message එකක හැංගිලා තියෙන original message එක බලාගන්නත් decrypt කරන program එකත් ලියලා ඔය program දෙක එකතු කරලා තමයි Secret Message Sender කියලා කාටත් හොරෙන් රහසිගතව sms යවන්න පුළුවන් android app එක හදන්නෙ..


පස්සෙ මම හිතෙන හිතෙන විදියට වෙනස් කරගෙන යද්දී මට පුළුවන් වුනා මේක හරහා යවන sms එකක් අපි කැමති විදියට දෙන්නෙක් අතරෙ හරි කණ්ඩායමක් අතරෙ හරි ආරක්ෂිත වෙන විදියට sms යවන්න. ඒ කියන්නෙ අපි දෙන්නෙක් නම් message එක යවන්නෙ අපි දෙන්නට ඇරෙන්න වෙන කාටවත්ම ඒක කියවන්න බෑ. අඩුම ගානෙ අපේ network provider (මොබිටෙල්, ඩයලොග්, එටිසලාට්, එයාටෙල්, හච්) ට වත් කියවන්න බෑ. ඉතින් මට ඕන වුනෙත් අන්න එහෙම මගේ private sms, private විදියටම තියාගන්න. ඒ දේ මේ Secret Message Sender එකට කරන්න පුළුවන් වුනා.

මේකෙදි app එකට ඇතුළු වෙන්න pin එකක් ඉල්ලනවා. ඉතින් sms එක යවන කෙනා use කරන pin එකෙන්ම නම් sms එක කියවන කෙනාත් log වෙලා තියෙන්නෙ නම් විතරයි හැංගිලා තියෙන original message එක බලන කෙනාට පේන්නෙ. (ඒ කියන්නෙ දෙන්නම එකම pin එක use කරන්න ඕනෙ) නැතිනම් අපේ කට්ටිය app එක හොයාගෙන message එක forward කරගෙන බලන්න හිතනවනෙ.. ඉතින් ඒ විදියට මේකෙන් යවන sms වල ආරක්ෂාවත් උපරිමයෙන්ම වැඩි කරලා තියෙන්නෙ.

දැන් තව කෙනෙක්ට හිතෙන්න පුළුවන් ඉතින් මේකෙත් sms locker එකේදි වගේ password ගහන්න ඕනෙ නිසා ඒ කරදරේ එහෙමම තියෙනවනෙ කියලා. නෑ.. එහෙම වෙන්නෙ නෑ. මොකද sms locker එකක් දැම්මොත් අපිට එන හැම message එකක්ම කියවන්න ඕන වෙනකොට password එක ගහන්න වෙනවා වුනාට මේ app එක use කරන්නෙ private sms යවන්න විතරක් නිසා හැමතිස්සෙම මේකට එන්න ඕනෙ නෑ. ඒ කියන්නෙ එහෙම private message එකක් ආපු වෙලාවට විතරක් pin එක ගහලා මේකට ආවම ඇති. අනිත් message සාමාන්‍ය විදියටම inbox එකෙන් කියවන්න පුළුවන්..



app එක පාවිච්චි කරන්නෙ මෙන්න මෙහෙමයි...


app එක download කරගෙන install කර ගත්තට පස්සෙ open කරද්දි එන්නෙ මෙන්න මෙහෙම 
log in window එකක්. මේකෙ default pin එක විදියට තියෙන්නෙ 1234. ඔයාලට තමන්ගෙම pin එකක් දාගන්න settings වලට ගියාම පුළුවන්.





pin එක හරියට දීලා Go කියන button එක උඩ click කරාම එන්නෙ මෙන්න මෙහෙම main window එක.





මෙතන තියෙනවා app එකට කරන්න පුළුවන් වැඩ ටික. මේකෙ තියෙන send message button එක click කරාම සාමාන්‍ය විදියටම message එක type කරන්න පුළුවන්  window එකක් එනවා.





මෙතන සාමාන්‍ය විදියටම message එකක් type කරන්න පුළුවන්.





මේ විදියට type කරලා send button එක click කරාට පස්සෙ එ් message එක සංකේත වලට හරවලා default message app එකට ඒ සංකේත ටික යවනවා..




දැන් ඉතින් කරන්න තියෙන්නෙ යවන්න ඕන කෙනාගෙ හරි කට්ටියගෙ හරි numbers ටික ගහලා, නැත්නම් contacts වලින් අරගෙන sms එක send කරන එක.. එහෙම යවපු sms conversation එකක් කවුරු හරි inbox එකෙන් බැලුවොත් එයාට පේන්නෙ මෙන්න මෙහෙමයි.. කොහොමද? තේරුම් ගන්න පුළුවන්ද? :-)




දැන් ඉතින් තියෙන ලොකුම ප්‍රශ්නෙ තමයි දැන් මෙහෙම හැංගිලා තියෙන message එකක් අපි බලන්නෙ කොහොමද කියන එක නේද? ඒකට කරන්න තියෙන්නෙ main window එකේ තියෙන view message කියන button එක click කරන එක. එතකොට මේ වගේ window එකක් open වෙනවා.




මේකෙ තියෙන Load Message කියන button එක click කරාම සාමාන්‍යයෙන් inbox එකේ තියෙන විදියට message list එක open වෙනවා.




දැන් අපිට කරන්න තියෙන්නෙ අදාළ message එක select කරලා දෙන්න විතරයි. එතකොට එ්ක ඇතුළෙ හැංගිලා තියෙන original message එක අපිට පෙන්නනවා..




මේකෙ main window එකේ තියෙන Settings කියන button එක click කරලා තමන්ට කැමති pin එකක් දාගන්න පුළුවන්. මෙතෙන්දි ආරක්ෂාව වැඩි කරන්න අඩුම තරමෙ එක ඉංග්‍රීසි අකුරක් හරි දෙන්න ඕන.. මෙහෙම pin එක වෙනස් කර කර එ් ඒ අයටත් හොරෙන් දෙතුන් දෙනෙක්ට (හෝ group දෙක තුනකට ) උනත් private sms යවන්න මේකෙන් පුළුවන්..





ඉතින් ඔන්න ඔහොමයි කාටත් හොරාම messages යවන්නෙ..



තවත් මොනවා හරි ගැටළු හරි අදහස් හරි තියෙනවා නම් comment එකක් විදියට දීලා යන්න..

app එක මෙතනින් download කරගන්න

ස්තුතියි !!!


7 comments:

  1. gindarane bro..me wage tawa tricks denna...

    ReplyDelete
  2. meka full safeda???mn ahuwe creatertawat details ganna barida userge??sorry ahuwata mema.bt nice work

    ReplyDelete
    Replies
    1. ba pin eka danna kenektama witarai balanna puluwan.. bt meka old version ekak.. Atalk eka download karaganna eke features wadiy..

      https://play.google.com/store/apps/details?id=com.asiri.atalk

      Delete
  3. bro Mona Language ekenda me App Eka Haduwe

    ReplyDelete

Contact Form

Name

Email *

Message *