Pages

Thursday, July 3, 2014

Programming in Sinhala (part 7)


පහසුවෙන් Programming ඉගෙන ගනිමු. ( හත්වන කොටස )


ගොඩක් campus වල exam ළඟ නිසා ඉක්මනට කුප්පියෙ ඉතිරි කොටස් ටිකත් දෙන්න කියලා ඉල්ලපු නිසාම ඔන්න මේ සැරේ කොහොම හරි වෙලාව හදාගෙන ඉක්මනටම තව කොටසක් දාන්න තීරණය කළා.. exam ගැනත් කතා කරපු නිසා අද මම හිතාගත්තා ගොඩක්ම වටින වගේම කට්ටියට ගොඩක්ම අමාරු වෙන මේ loops ගැන කියලා දෙන්න ඕන කියලා.. loops වර්ග 3ක් තියෙනවා. අපි එහෙනම් බලමුකො ඒ 3 මොනවද කියලා සහ ඒවයින් වෙන්නෙ මොනවද කියලා..

මුලින්ම මම කියන්නම් loop එකක් කියන්නෙ මොකක්ද කියලා. ඇත්තටම loop එකක් කියන්නේ කිසියම් දෙයක් නැවත නැවතත් සිදු කිරීමක් කියලා කිව්වොත් හරි කියලා මට හිතෙනවා.. ඒ කියන්නෙ එකම දෙයක් වාර ගණනක් සිදු වෙන ක්‍රියාවලිය loop එකක් කියලා අදහස් කරන්න පුළුවන්. ඉතිං අපිට මේ loop එකක් අවශ්‍ය වෙන්නෙ මොන වගේ වෙලාවල් වලටද?

loop එකක් ඕන වෙන්නෙ අපේ program එකේ කොහේ හරි එකම වගේ code ටිකක් නැවත නැවතත් යෙදෙනව නම් අපි එහෙම copy paste කර කර දාන එක ඇත්තටම තේරුමක් නැති වැඩක්නේ.. ඉතිං අපිට පුළුවන් ඒ වගේ වෙලාවල් වලට ඒ code ටික එකතු කරලා ඒ අවශ්‍ය වාර ගානට loop කරවන්න.. එතකොට code එක ලියවෙන්නෙ එක සැරයක් නිසා පැහැදිලියි වගේම තේරුම් ගන්නත් පහසු වෙනවා.. ඇත්තටම මේවා අමාරු නෑ හරියටම වෙන්නෙ මොනවද කියලා තේරුම් ගත්තොත්.. 

නිකමට හිතලා බලන්නකෝ අපිට "Hello World" කියලා print කරන්න ඕන වුනොත් printf("Hello World"); කියලා ලියලා print කරන්න පුළුවන්නේ.. දැන් මෙහෙම 10 පාරක් print කරන්න ඕන වුනොත් මේ code එක 10 පාරක් ලියන්න වෙනවානේ.. (ඕක මොකක්ද copy paste කරන එකනේ නේද?) ලේසියි කියලා හිතුවට හිතලා බලන්න වාර 10000 ක් print කරන්න ඕන වුනොත් ගණන් කර කර 10000 ක් copy paste කරලා හරි දාන එක ලේසි වෙයිද? අන්න ඒක නිසයි අපිට loop එකක් අවශ්‍ය වෙන්නේ.. ඒකෙන් අපිට පුළුවන් print වෙන code එක එක පාරක් ලියලා ඒක 10000 පාරක් run කරවන්න කියලා කියන්න... දැන් loop එකක් අවශ්‍ය වෙන්නෙ ඇයි කියලා පොඩි අදහසක් හරි තියෙනවා නේද? දැන් එහෙනම් අපි මේ loop වර්ග 3 ගැන බලමු..


For Loop

මේ තියෙන්නෙ පළමු වෙනි loop එක. මේක අපි use කරන්නේ loop වෙන්න ඕන වාර ගණන හරියටම දන්නවනම් විතරයි.. මොකද මේකෙදි අපි loop වෙන්න ඕන වාර ගණනක් දෙන්න ඕන.. අපි දැන් බලමු කොහොමද for loop එකක් use කරන්නෙ කියලා..




උඩ රූපේ පෙන්නලා තියෙන විදියට for loop එකක් ලියවෙන්නේ මෙන්න මෙහෙමයි.. මතක තියාගන්න මුලින්ම for loop නිසා for කියලා ලියන්න ඕන.. ඊට පස්සෙ වරහන් ඇතුලෙ semi colon(;) 2කින් වෙන් වෙච්ච කොටස් 3ක් තියෙනවා.. අපිට loop කරන්න අවශ්‍ය දේවල් ලියන්න ඕනෙ for loop එකේ වරහනෙන් පස්සෙ දාලා තියෙන curly braces ඇතුලෙ..

දැන් අපි බලමු මේ වරහන ඇතුලෙ තියෙන කොටස් තුනේ මොනවද ලියවෙන්නෙ කියලා.. පළවෙනි කොටසෙ තමයි loop එක පටන් ගන්න ඕනෙ value එක දාන්නෙ.. දෙවෙනි කොටසෙදි condition එකක් දෙන්නේ.. දැන් බලයි මෙහෙම condition එකක් මොකටද කියලා නේද? මේ condition එක වෙනකම් තමයි loop එක run වෙන්නේ ඒ කියන්නෙ loop එක run වෙන්න ඕන වාර ගණන තීරණය වෙන්නෙ මේ දෙවෙනි කොටසෙදි.. තුන්වෙනි කොටසෙදි ලියන්නේ loop එක එකපාරක් run වුනාට පස්සෙ මොකක්ද වෙන්න ඕන කියලා..

දන්නවා තේරුනේ නෑ කියලා.. බය වෙන්න එපා කියාගෙන කියාගෙන ගියේ පොඩි අදහසක් දෙන්න ඕන නිසා.. මම උදාහරණයක් අරගෙන ඒ කියපු ටික හෙමිහිට පැහැදිලි කරලා දෙන්නම්.. ඊට කලින් මම කියලා දෙන්නම් for loop එකක් run වෙන්නෙ කොහොමද කියලා.. එතකොට ටිකක් හරි තේරෙයි කිව්වේ මොකක්ද කියලා..




මම කිව්වනේ for loop එකේ semi colon (;) 2න් වෙන් වෙන කොටස් තුනෙන් පළවෙනි කොටසෙදි වෙන්නේ loop එක පටන් ගන්න ඕන value එක දාන එක කියලා.. අන්න ඒක නිසාම තමයි for loop එකක මුලින්ම අන්න ඒ කොටස run වෙන්නෙත්..

ඊළඟට run වෙන්නේ දෙවෙනි කොටස.. මේකෙදි අර මුලින්ම දාපු value එකත් එක්ක condition එක check කරලා බලනවා.. එහෙම බලද්දි මේ condition එක true වෙනවනම් මෙයා ඊළඟට for loop එකේ body එක, ඒ කියන්නේ loop කරන්න කියලා අපි ලියලා තියෙන code ටික run කරනවා..

එහෙම run කරලා curly brace එක ඉවර වෙන තැනට ගියාම, ඒ කියන්නේ එක පාරක් loop වුනාට පස්සෙ මෙයා යනවා semi colon (;) වලින් බෙදපු තුන්වෙනි කොටසට.. මෙතනදි අපි ලියලා තියෙනවා loop එක එකසැරයක් run වුනාම වෙන්න ඕන දේ..

මෙයා ඒ දේ කරලා ඊළඟට ආපහු අර condition එක check කරලා බලනවා. එහෙම බලලා ඒක true වෙනවනම් ආපහු කලින් විදියටම loop එකේ body එක run කරනවා. ඊට පස්සෙ ඒ වටෙත් ඉවර වුනාම ආපහු අංක 4 දාලා තියෙන තැනට ගිහින් ඒ වැඩේ කරලා ආපහු condition එක check කරලා බලනවා.. ඔහොම ගිහිල්ලා ගිහිල්ලා කොයි වෙලේ හරි condition එක false වුනාම for loop එකේ ඇතුලෙ තියෙන දේවල් run කරන්නෙ නැතුව loop වෙන එක නවත්තලා for loop එකෙන් එළියට යනවා..

ඔන්න ඔහොම තමයි for loop එකක් run වෙන්නෙ.. දැන් අපි උදාහරණයක් අරගෙන ඔක්කොම ටික ඔළුවට දා ගමු නේද.. හිතන්න අපිට Hello World කියලා 5 පාරක් print කරවන්න ඕන වුනා කියලා.. දැන් අපි බලමු කොහොමද for loop එකක් use කරලා code එක ලියන්නෙ කියලා..




හැමදේටම කලින් අපි value එකක් දිගටම use කරන්න නම් ඒක store කරලා තියාගන්න ඕන නිසා තමයි මුලින්ම integer type එකේ x කියන නමින් variable එකක් හදලා තියෙන්නේ..

දැන් අපි බලමු for loop එක run වෙන්නෙ කොහොමද කියලා.. මුලින්ම මම කලින් රූපේදි කිව්වා වගේ අංක 1 දාලා තිබුන තැන run වෙන්න පටන් ගන්නවා.. එතකොට x ට 0 assign වෙනවා.. දැන් ඊළඟට වරහනේ දෙවෙනි කොටසට ගිහින් එතන තියෙන condition එක check කරලා බලනවා.. මෙතනදි condition එක විදියට දීලා තියෙන්නේ x කුඩයි 5 කියලානෙ.. ඇත්තටම 0 කියන එක 5 ට වඩා කුඩා නිසා දැන් condition එක true වෙනවා.. ඒක නිසා දැන් body එක run වෙලා Hello World කියලා එක පාරක් print වෙලා body එක ඉවර වුනාට පස්සෙ වරහන ඇතුලෙ තියෙන 3 වෙනි කොටසට යනවා..

කට්ටියට මතක ඇති නේද මෙතන මොකක්ද මේ තියෙන්නෙ කියලා..? Operators වලදි කියලා දුන්නා වගේ මෙතන තියෙන්නේ increment operator එක.. ඒක run වෙනකොට x ගෙ දැනට තියෙන value එකට එකක් එකතු වෙනවා.. ඒ කියන්නේ x ගෙ අගය දැන් 1 වෙනවා..

ඊට පස්සෙ ආපහු condition එක check කරන තැනට ගිහිල්ලා බලනවා.. එතෙනදි 1 කියන එක 5ට වඩා කුඩා නිසා ආපහු loop එකේ body එක run වෙනවා.. එතකොට ආපහු පාරක් Hello World කියලා print වෙනවා.. දැන් එතකොට ඔන්න දෙපාරක් print වුනා හොඳද..

දැන් body එක run වෙලා ඉවර නිසා ආපහු x ගෙ අගය එකකින් වැඩි කරනවා.. එතකොට x ගෙ අගය දැන් 2 යි.. ඊට පස්සෙ condition එක check කරලා බලන කොට 2ත් 5ට වඩා කුඩා නිසා ආපහු body එක run වෙලා Hello World කියලා print වෙනවා.. ඊට පස්සෙ ආපහු x ට එකක් එකතු කරලා ආපහු කලින් විදියටම දිගටම run වෙනවා..

ඔහොම run වෙවී යද්දී x ගෙ අගය 5 වෙලා condition එක check කරද්දි 5 කුඩයි 5 කියන එක false වෙන නිසා අන්න එතනදී body එක run වෙන්නෙ නැතුව for loop එක ඉවර වෙනවා..

ඉතින් ඔන්න ඔහොමයි for loop එකක් run වෙන්නේ.. දැන් ටිකක් තේරුණාට කමක් නෑ ආපහු පාරක් for loop එක ගැන කට්ටිය බලලාම එන්නකෝ.. මොකද අනිත් loop දෙකට යන්න කලින් for loop තේරිලා තිබුනොත් අනිත් දෙකේ ඇති දෙයක් නෑ වගේ.. එච්චරටම ගේමක් නැති වෙනවා.. :-p


දැන් අපි බලමු අනිත් loop වර්ග දෙක කොහොමද use කරන්නෙ කියලා..



While Loop

මේ තියෙන්නෙ දෙවෙනි loop එක.. මේක use කරන්නේ මොකක් හරි condition එකක් false වෙනකල්ම run වෙන්න ඕන වෙලාවල් වලට.. ඒ කියන්නෙ හරියටම වාර ගනනක් නිශ්චිතව දන්නැති කොයි වෙලේ හරි false වෙනකල්ම run වෙන්න ඕන වෙලාවල් වලට.. for loop එකට වඩා නම් මේ දෙකම තේරුම් ගන්න ලේසියි.. දැන් ඉතින් අහන්නෙපා එහෙනම් ඇයි for loop එක මුලින්ම කියලා දුන්නෙ කියලා.. මොකද for loop එක ගැන දන්න නිසා තමයි මේ දෙක දැන් ගොඩක් ලේසි වෙන්නේ..





while loop එකේදි while නිසා මුලින්ම while කියලා ලියන්න ඕනේ.. ඊට පස්සෙ වරහන් ඇතුලේ check කරන්න ඕන condition එක ලියන්න තියෙන්නේ.. මේකෙදිත් for loop එකේදි වගේම loop වෙන්න ඕන code ටික ලියන්න තියෙන්නෙ curly braces ඇතුලේ.. මේකෙදි වෙන්නේ මුලින්ම වරහන් ඇතුලේ දීලා තියෙන condition එක check කරලා බලනවා. එහෙම බලලා true වෙනවනම් එයාගේ body එක run කරවනවා.. එහෙම එක වාරයක් run වෙලා ඉවර වුනාට පස්සෙ ආපහු condition එක check කරනවා.. check කරලා true වුනොත් ආපහු body එක run කරලා කලින් වගේම ආපහු condition එක check කරනවා.. කොයි වෙලාවක හරි false වුනොත් අන්න එතකොට for loop එකේදි වගේම while loop එකෙත් body එක run කරවන්නෙ නැතුව loop එක නවතිනවා..

දැන් අපි බලමු කොහොමද for loop එකේදි අපි බලපු අර Hello World කියලා 5 පාරක් print කරපු code එක while loop එක use කරලා කරන්නෙ කියලා..




මුලින්ම කලින් වගේම value එක දාන්න x කියලා variable එකක් හදලා තියෙනවා.. හැබැයි මේකෙදි for loop එකේදි වගේ වරහන් ඇතුලෙ කොටස් තුනක් නැති නිසා while loop එකට කලින් තමයි පටන් ගන්න ඕන value එක x ට assign කරලා තියෙන්නෙ..

ඊට පස්සෙ while loop එක නිසා while කියලා ලියලා වරහන් ඇතුලෙ condition එක ලියලා තියෙනවා.. මේකෙදි වරහන් ඇතුලෙදි බලනවා දැන් x ලඟ තියෙන value එක 5ට වඩා කුඩයිද කියලා.. ඇත්තටම ඉතින් 0 5 ට වඩා කුඩා නිසා condition එකනම් true වෙලා. ඒක නිසා දැන් while loop එකේ body එක run වෙන්න පටන් ගන්නවා.. එතකොට Hello World කියලා print වෙනවා..

ඊට පස්සෙ x ගෙ අගයට එකක් එකතු කරන්න කියලා ලියලා තියෙනවා.. ඒක body එකේම ලියලා තියෙන්නෙ for එකේදි වගේ අන්තිමට වෙන්න ඕන දේ ලියන්න කොටසක් while loop එකේ නැති නිසයි.. මෙහෙම body එක ඉවර වුනාට පස්සෙ ආපහු condition එක check කරනවා.. දැන් 1 කියන එකත් 5ට වඩා කුඩා නිසා ආපහු body එක run වෙනවා.. මෙහෙම දිගටම වෙලා කොයි වෙලේ හරි condition එක false වුන වෙලාවට while loop එක නවතිනවා..

දැන් while loop එක ගැනත් idea එකක් තියෙන නිසා අපි දැන් බලමු අපේ අන්තිම loop එක ගැන...

Do While Loop

මේ තියෙන්නෙ අන්තිම loop එක මේකත් තනි කරම while loop එකම තමයි පොඩී වෙනසක් තිබුනට.. ඇත්තටම දැන්නම් මේක ගේමක්ම නැති වෙයි කියලා හිතෙන නිසා කෙලින්ම වැඩේට බහිමුකො..




දැක්කනේ මේකෙ තියෙන වෙනස මොකක්ද කියලා? ඇත්තටම මේකෙ තියෙන වෙනස තමයි වෙන්න ඕන දේවල් ටික ලියන්න තියෙන්නෙ do කියලා ලියලා curly braces දාලා ඒක ඇතුලෙ.. ඊට පස්සෙ කලින් විදියටම while කියලා ලියලා වරහන ඇතුලෙ condition එක ලියන්න ඕනෙ.. හොඳට මතක තියාගන්න මෙකෙදි while කියලා ලියලා වරහන් ඇතුලෙ condition එක ලිව්වට පස්සෙ semi colon (;) එකක් තියන්න ඕනෙ..

ඇත්තටම do while එකේ තියෙන විශේෂම දේ තමයි start එකේදිම condition එක false වෙලා තිබුනොත් while එකෙයි for එකෙයි body run වෙන්නෙ නැති වුනාට do while එකේ run කරලා ඉවර වෙලා condition එක check කරන නිසා මුලින්ම condition එක false වෙලා තිබුනත් අඩුම තරමෙ එක පාරක් වත් body එකේ තියෙන දේවල් run වෙනවා..

දැන් ඉතින් do while එක use කරලා කලින් උදාහරණෙ ආපහු කියලා දෙන එක තේරුමක් නෑ කියලා හිතෙන නිසා මම ඔයාලට ඒ වැඩේ බාර දෙනවා.. ඔන්න එහෙනම් කලින් උදාහරණෙ do while එකෙනුත් කරලා බලන්න..

Summary

loop වර්ග 3යි තියෙන්නෙ.. ඒවායේ වෙනස් කම් තමයි,

for එක use කරන්නේ loop වෙන්න ඕන වාර ගාන හරියටම දන්නවනම්...
while එක use කරන්නෙ මොකක් හරි condition එකක් false වෙනකන්ම loop වෙන්න ඕන නම්...
do while එක use කරන්නෙ condition එක true වුනත් false වුනත් අනිවාර්යෙන්ම එකපාරක් body එක run වෙන්නම ඕනනම්...

හැබැයි මොනවා වුනත් 3න්ම වෙන්නෙ loop වෙන එක..


දැන් එහෙනම් loop ගැන කට්ටියටම තේරුණා කියලා හිතනවා.. වැරදිලා හරි කෙනෙක්ට තේරෙන්නෙ නැත්නම් දෙවෙනි පාරක් බලන්න කම්මැලි වෙන්න එපා.. මොකද එතකොට අනිවාර්යෙන්ම තේරෙනවා..

අද මම කට්ටියට පොඩි දෙයක් මතක් කරන්න කැමතියි. මම මේ දේ ඔයාල වෙනුවෙන් කරන කොට මට ලැබෙන එකම දේ සතුට විතරයි. ඉතින් ඒ සතුට දහස් ගුණයකින් වැඩි වෙනවා ඔයාලට මේක තේරුනාද නැද්ද කියලා මම දැන ගත්තොතින්.. ඒක නිසා පුළුවන්නම් ඔයාලගෙ වෙලාවෙන් ටිකක් කැප කරලා comment එකකින් ඔයාලගෙ අදහස මට කියලා යන්න.. බැරිමනම් අඩුම තරමේ පහළින් දාලා තියෙන short comment වලට tic එකක් දාලා හරි ඔයාලගෙ අදහස මට කියලා යන්න.. එහෙනම් තවත් කොටසකින් හමුවෙමු..

මතුසම්බන්ධයි...

132 comments:

  1. great job bro... digatama me lessons demu..hugak watinawa..!!

    ReplyDelete
  2. සුපිරි මචන්  

    ReplyDelete
  3. hodata therenna kiyala denawa, thx bro..

    ReplyDelete
  4. oyata godaaaak sthuthi aiye....thawa thawath oyata shakthiya labenna one...

    ReplyDelete
  5. ගොඩක් ස්තුතියි......

    ReplyDelete
  6. aththatama godak watinawa.great job

    ReplyDelete
  7. supiri bro mn daneth ne mewa. igena gane kohomada kiyala hita hita iddi tama pera pinakata set une meka. matath teruna sehenda aye beluwama tawath terenwa.. mn mewage sarala terumawath danetiwa hitiye thanx aiyye

    ReplyDelete
  8. niyamai bro supiriy. macho karadarayak nathnam ube num ekak dipan danne nathi dewal ahaganna.

    ReplyDelete
  9. Niyamaiiiiiiiii...... Hebei ithin Mul loop dekanam ekama wagene.

    ReplyDelete
  10. Superb aiya... niyameta therenwa.thnx a lot

    ReplyDelete
  11. very understandable..

    ReplyDelete
  12. superb bro supiriyatama therunaa api igana gaththea c++ hebai ayya uganna kota c igana aseaa hithunaa

    ReplyDelete
  13. mewath video tutorial vidiytA dnna

    ReplyDelete
  14. really important for someone who's a beginner into programming development like me. well done keep it up. Thanks so much for your effort it really do make a difference for a beginner. best tutorial for a person as me.

    ReplyDelete
  15. Thank you so much for sharing your valuable knowledge with us.. It's beyond appreciation.. Hats off to you!

    ReplyDelete
  16. Thank you so much! great work.

    ReplyDelete
  17. Niyamai.theruna bokkatama.jayawewaaa.

    ReplyDelete
  18. Thanks a lot :). It's a blessing.

    ReplyDelete
  19. Heta OOP end exam. oyage tutorials videos serama refer kala.Pin kiyala thamai aiye kiyanna thiyenne.

    ReplyDelete
  20. thank you so much :) 4 years later and I'm going through these, after another 4 years people will still go through these, you have given hope to so many people and will continue to do so. thank you!!!!!!

    ReplyDelete
    Replies
    1. 9 yrs later it's still helpful :)

      Delete
  21. great work..thank you very much dear

    ReplyDelete
  22. thanks bro..oya hodta describe kalanawa...meka godak watinawa apita.

    ReplyDelete
  23. great work bro.! thank you very much

    ReplyDelete
  24. patta aiye mama 0 idanma igena ganna oni oya kiyla dena de patta therenawa

    ReplyDelete
  25. Niyamai.thawa lessons danna issarahata.

    ReplyDelete
  26. Niyamai sir epa.wela.hotapu proprogramiwalata dannam asa hithenwa ,thawath lessons karala danna ජය වේවා !

    ReplyDelete
  27. හුඟක් පැහදිලි වුනා programming ගැන.. ඇත්තටම කරගන්න බැරිවෙයි කියලා හිතිලා තිබුනෙ.. දැන් හිතෙනවා බැරි නෑ මේක පුලුවන් හරියට අවශ්‍ය දැනුම හම්බෙලා තිබිලා නෑ කියලා කලින්.හොඳ වැඩක් මේක.. Thankyou very much❤️

    ReplyDelete
  28. Great work .. really appreciate .. hope you will continue this..!

    ReplyDelete
  29. Programming epaa welaa hitiye oya nisa thamai aye asawak athi unee .Thanks a lot

    ReplyDelete
  30. godak watinawa...for each loop ekath puluwn nm danawada?

    ReplyDelete
  31. thq u vm bro programming gana melowa dyak dannathuwa hitiye eth dan..... me basic ekath ekka line ekak ghnna puluwan apiwa success karanna me karapu wade wagema oyage wadath success wewa!

    ReplyDelete
  32. Harima pahadiliy bro good luck🤗🤗

    ReplyDelete
  33. supiriytma teruna ayiye .thankyou

    ReplyDelete
  34. appiriyama subject ekak asama subject ekak kara. godaak sthuthi machan

    ReplyDelete
  35. patta. thanks bro digatama karan yanna

    ReplyDelete
  36. Hondata therenewa.Digatama karagena yanna.

    ReplyDelete
  37. great ��❤️

    ReplyDelete
  38. Niyametama teruna.. godak pin..

    ReplyDelete
  39. Aththatama niyamai ayye. Man 2nd yr inne. Mechchara kal CS karata boruwata athagaga katapadamen karapu loops ada thamai aththatama therune. Me tika mata kalinma baluwanam hari kiyala hithenawhithenawapin ayye. Digatama me wage dewal karagena yanna puluwan wenna kiyala pathanawa.!

    ReplyDelete
  40. hondata teruna. thank you godak.

    ReplyDelete
  41. 2021 me lesson balanawa, thank bro, apita lec walin wat mechchara explain karan ne

    ReplyDelete
  42. thankq so much ayye, programmig amarui kiyala godaak aya kiuwe, eth oyage kuppiya nisa ekata asa hithen widihata karan yanna puluwan..thankq:)

    ReplyDelete
  43. Niyamai.hodata therum ganna puluwan me kiyala dena vidiyata.Thank you so much...!

    ReplyDelete
  44. thanks. it is very clear

    ReplyDelete
  45. thanks... It was very helpful. Keep it up

    ReplyDelete
  46. Thank you aiye. supiri wedak meka nm

    ReplyDelete
  47. balanne harima asawen..eka digata kiyawagena yanna hithenawa ..hodata therenawa..salli dila karana course wala monawada karanne kiyala hithanawa..uni giyama lesi mewa hodata danagena giyama..bohoma pin ...

    ReplyDelete
  48. thank you supiriyata theruna

    ReplyDelete
  49. Thanks bro, 2014 publish krpu article ekk giya durak...Good luck!!

    ReplyDelete
  50. ගොඩක් හොදට හැමදේම කියල දුන්නා. ගොඩක් සාර්ථකයි.

    ReplyDelete
  51. Hodata kiyala denawa, Thank you

    ReplyDelete
  52. Godak hodata awaboda una. thank u. Good Luck!

    ReplyDelete
  53. Loops තේරෙන් නැතුව තිබ්බෙ...මේක සුපිරි වැඩක්...හොඳටම තේරුනා...තවත් මේ වගේ දේවල් කරන්න ශක්තිය ලැබෙන්න ප්‍රාර්තනා කරනව...Thank you so much..

    ReplyDelete
  54. theeruna niyametama aiyee maraama supiriyayata oyaa nlog eka liyala thiyanawa hodatama theeruna

    ReplyDelete
  55. හුඟක් පැහදිලි වුනා programming ගැන.. ඇත්තටම කරගන්න බැරිවෙයි කියලා හිතිලා තිබුනෙ.. දැන් හිතෙනවා බැරි නෑ මේක පුලුවන් හරියට අවශ්‍ය දැනුම හම්බෙලා තිබිලා නෑ කියලා කලින්.හොඳ වැඩක් මේක.. Thankyou very much❤️

    ReplyDelete
  56. Still useful in 2023

    ReplyDelete
  57. thanks saho hodata theruna oyata goda pin.....

    ReplyDelete
  58. Supiriytama theruna bn. tnx

    ReplyDelete
  59. සුපිරියටම තේරුනා අයියේ❤️❤️❤️❤️😊😊😊😊😊😊🌷🌷🌷💕💕💕

    ReplyDelete
  60. Niyamai. Supiriyatama therenawa kiyala thiyena dewal. Godak ncourses wala mehema pahadili karanne na. Thank you very much. Jaya wewa..!!!

    ReplyDelete
  61. adatath api balala igenagnnwa.mechchra dwsk terune na mewa.ada meka balala tmi hriyatama.godak pin

    ReplyDelete
  62. Thank you ❤️

    ReplyDelete
  63. Variables, Methods, Classes arawa mewa okkoma patalila thibbe. Dn thamai hariyatama concept eka oluwata giye. Awurudu ganakata passeth me tika godak watinawa. Thank you ayye :33

    ReplyDelete
  64. Thanks godak watinawa

    ReplyDelete
  65. 2023 Welth oyge blog kiywnwa api. YT video bllth me tik hriyt oluwt da gnn bari una oyge me blog eken thmi hriytm igen gtte. wchn wlin oyt thank krn ek aththtm hod mdi. Godk pin

    ReplyDelete
  66. Thanks Aiye hodata theruna oyata goda pin🙏🥰🙏❤️

    ReplyDelete
  67. Thank You...❤️❤️❤️❤️❤️❤️

    ReplyDelete

Contact Form

Name

Email *

Message *